spot_img

Nootokka Jillala Andagadu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Nootokka Jillala Andagadu (2021) Sinhala Subtitle

 

Nootokka Jillala Andagadu නැත්නම් දිස්ත්‍රික් 101කේ ලස්සනම කෙනා කියන්නේ තෙළුගු භාෂාවට අයත් චිත්‍රපටයක්. කොමෙඩි ඩ්‍රාමා ඝණයට අයත් මේ චිත්‍රපටය IMDB 6.4ක අගයක් ලබාගෙන තියෙනවා. අපි හැමෝම දන්න කොමෙඩි නළුවෙක් වුනු ස්‍රීනිවාස් මෙහි නියම චරිතයක් පණ පොවනවා. ඒවගේම රුහානි ශර්මා තමයි නිළිය.

ගොත්ති සූර්‍ය නාරායනා කියන්නේ ලස්සන කඩවසම් කෙනෙක්. ඒත් මේ කඩවසම් බාවෙ ඇතුලේ රහසක් තියෙනවා. ඒ මොහු විග් එකක් (බොරු කොණ්ඩයක්) දාගෙන තමයි ඉන්නේ. ඊට හේතුව පරම්පරාවෙන් උරුම උනු තට්ට හිස නිසයි. ඉතිං ඔෆිස් එකේවත් වෙන කිසිම කෙනෙක්වත් මොහුගෙ මේ රහස දන්නෙ නෑ.

ඔහොම ඉන්නකොට ඔෆිස් එකට අලුතෙන් කෙල්ලෙක් එනවා. එයා එක්ක මිත්‍රවෙලා ආදර හුටපටයක් ඇතිවෙනවා. ඒත් මොහුට මොහුගේ තට්ටය ප්‍රශ්නයක් වෙනවා කෙල්ල දැනගත්තොත්. කෙල්ලගෙන් මේ රහස හංඟන්න බොහෝ ප්‍රයත්න දරනවා.

හැමෝටම අඩුපාඩු තියෙනවා. පරිපූර්ණ අය නැහැනේ. හිසේ කෙස් කියන්නේ හරියට බැලුවම දුක් වෙන්න ඕනාත් නෑ. මොකද අත පය නැතිව ඉපදෙන අයත් ඉන්න නිසා. ඒත් ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් පිළිතුරු බොහොම දාර්ශනික නිසා අපිට ඒ දේට සතුටු වෙන්නත් විදියක් නෑ මේ ලෝකේ. ඒ නිසා ඔයාලත් ගොත්ති සූර්‍ය නාරායනාගේ කථාව අහල බලන්නකො අන්තිමට.

ඇත්තටම අපෙ රහස් හෙළිවෙලා, අපිට හංගන්න දේවල් නැති වුනාම හිත මාර නිදහස් කියලා දැනෙයි.
එහෙනම් හැමෝමත් එක්ක ආතල් එකේ බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. දෙවන භාගය සඳහා උපසිරැසියෙන් සහය උනු ලහිරු අයියටත් ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් , ලහිරු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Awuruddata godak mahansiwela
    films thogayak deepu oya dennata ,
    Download karapu seyaluma dena wenuwen
    niduk nirogi suwa praarthana karanawa….!!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram