today-is-a-good-day
More

    Notebook (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ ඇත්තටම හිත නිවන කවියක්,හිතට සහනයක් දෙන භාවනාවක් තැන් දෙක තුනක පපුව හිරකරන්න සමත්වුණත් මේක හිත නිවන කවියක්..

    මනෝජ් කුමාර් ඇතුළු කණ්ඩායමේ සිනමාකරණය ඔබව කාශ්මීරයේ පරිසරයට වශීකරගන්නවා නිසැකයි.. ඒතරමට මේ පරිසරය ලස්සනයි..

    සුන්දර කාශ්මීරයේ පුංචි ගමක පුංචි පාසලක කතාවක් මේ..ගමක් කිව්වට වැවක් මැද තියෙන ලස්සනම ලස්සන පරිසරයක තමයි මේ පුංචි පාසල තියෙන්නෙ.. බෝට්ටුවලින් තමයි මේ අයගේ ගමනාගමන කාර්යයන් සිදුවෙන්නේ..මේ පාසලට එවන ගුරුවරුන්ව එවන්නෙත් බොහෝ වෙලාවට දඬුවම් මාරුවලට තමයි.. මේ පාසලේ ඉන්නත් ළමයි දහයකටත් අඩුවෙන්, ඒකත් එක එක වයස්වල.. මේ පාසලට අලුතෙන් එන ගුරුවරයා තමයි කබීර් සර්,කලින් හමුදා සේවයේ ඉදලා අයින්වෙලා තමයි මෙයා ගුරුවරයෙක් විදිහට එන්නේ..

    මෙතනදි මෙයාට හමුවෙනවා නෝට් බුක් එකක්.. මෙතන ඉදන් ඔයා මේ කතාවට අාදරය කරන්න පටන්ගන්නවා.. ඔයා මේක ලෝකෙ හොඳම චිත්‍රපටියක් කරන්නෙ නැතිවෙයි ඒත් ඔයා ආදරේ කරන චිත්‍රපටි ගොඩට මේක එකතුකරනවා නිසැකයි..මනුෂ්‍යත්වය,ආදරය,කරුණාව නැතිවෙලා යන ලෝකේ ෆිර්දෝස් ටීචර්,කබීර් සර් සහ මේ පොඩ්ඩො ටික එකතුවෙලා මනුෂ්‍යයත්වයේ,ආදරයේ,කරුණාවේ පාඩමක් ලෝකයට කියලා දෙනවා..

    නිතින් කක්කර් විසින් the teacher’s diary තායි චිත්‍රපටියේ ඔෆීෂියල් රීමේක් රයිට්ස් අරගෙන තමයි මේක කාශ්මීරයට ගෙනල්ලා තියෙන්නේ. Pranutan bahl හා zaheer Iqbal දෙපලගේ පලමු සිනමා රංගනය ඔවුන් ඉතාම හොඳින් කර තිබෙනවා.. විශාල් මිශ්රාගේ සංගීත අධ්‍යකෂණයද කතාවේ ආලෝකය තවත් වැඩිකිරීමට සමත්වෙලා තියෙනවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Notebook.2019.Sinhala.Subtitle.rar – Downloaded 342 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram