today-is-a-good-day
More

    Oka Love Janta (TV Series 2019) සම්පුර්ණ පළමු (01) කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    එහෙනම් අදත් සුපුරුදු පරිදු සුපුරුදු භාෂාවෙන්ම අරන් එන්නෙ ෆිල්ම් එකක්නම් නෙවෙයි මේක සීරීස් එකක්. ඒකත් සම්පූර්ණයෙන්ම අරන් ආවා. ඒ තමයි “Oka Love Janta” කියන 2019 නිකුත් වුණ තෙළිගු වෙබ් සිරීස් එක.මේ නමට සිංහල අදහසක් දුන්නොත් මෙහෙමයි “එක් ආදර කැදැල්ලක්/ගෘහයක්” කියලා තමයි එන්නේ.මේක අයිති වෙන්නෙ Romance/Drama කියන ඝණයට. ඒවගේම මේකත් කරලා තියෙන්නේ ඔයාලට මම Sathee (2020) කියලා ලස්සන ෆිල්ම් එකක් අරන් ආවේ, ඒකත් ඇත්තටම කියනවනම් වෙබ් සීරීස් එකක් තමයි..එහෙම ෆිල්ම් එකක් විදියට දුන්නට..අන්න ඒ කථාව ගහපු “Silly Shots” ලගෙම තමයි.

    සතී එක වගේම මේකත් අවසාන ටික හිතට දැනෙන්නම දීල තියෙනවා,අරකෙ වගේ සිංදු ගොඩක් නැහැ එකයි තියෙන්නෙ. ඒකත් ලස්සන සිංදුවක්, Esub නොතීබුණ නිසා සිංදුවට “ලහිරු උදයංග” අයියා තමයි ඒක ගහලා දුන්නේ..කොහොම ගැහුවද මන්දා, ඒකෙ සමහර පද පිස්සු හැදෙනවා. හරි එහෙනම් කතාව ගැන කියනවනම් මෙහෙමයි

    එක්තරා ගැහැණු ලමයෙක් ඉන්නවා, ඒවගේම කොල්ලෙකුත් ඉන්නවා. දෙන්නටම ගෙවල් වලින් කසාද හොයලා බදින්න කියලා කෑගහනවා, ඔහොම ඉන්නකොට තමයි අපෙ කොල්ලා අභීට, එක්තරා මංගල ජෝජනාවක් එන්නේ. ඒ කවුද? ඒ තමයි එයාගෙ ස්කෝල කාලෙ ක්‍රෂ් එක ” සෘතීගෙන්” යෝජනා සත පහකට ගනන් ගත්තෙ නැති ඔහු මේකට එක පයින් කැමති වෙනවා. ඔහොම යනකොට කෙල්ල අභීට අකමැති වෙනවා.කනේ පාරකුත් කාල තමයි එන්නෙ. හපොයි, ගෙවල් වලිනුත් ලෙසකට ඇරගන්නවා, මේ කනේ පාර නිසා. ඉතිං ඔහොම වදේ නිසාම සෘතී ගෙදරින් යන්න යනවා. ඔහොම තව තව සිද්ධීන් මැද්දෙන් කාලෙ ගෙවෙනකොට සෘතීට අභී ගැන පව් කියලා හිතිලා, කසාදෙට කලින් එයාව දැන ගන්න ඕනෙ කියලා කියනවා. ඉතිං ඔන්න කෙල්ලගෙන් යෝජනාවක් එනවා ” Living Together” “එකට එක කැදැල්ලක” ඉදලා,තේරුම් ගන්න දෙන්නට දෙන්නා..ඉතිං ඔයාලම බලන්නකො ගෙවල් වලටත් විරුද්ධව මේ දෙන්න “ආදර කැදැල්ලෙ” ඉන්නෙ කොහොමද කියලා. ඒ වගේම අභී කියන්නෙ රස්සාව අත් හැරලා, සිනමා අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න උත්සහ කරන කෙනෙක්. සෘතීට තාම රස්සාවක් නැහැ, බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම කතාවෙ අන්තිම එපි දෙකේදි තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ, මේ මොනාද මුල ඉදලම උනේ කියලා.
    “අවසන් එපියේ ගැහැණු ළමයිට හොද ආදර්ශයක් දෙනවා” ඒක විශේෂ කරලා දක්වලා පෙන්වනවා..ඒක ඇවිල්ලා ආදරේ ගැන දෙයක් නෙවෙයි.. අවසන් එපි 2න් කතාව හොදට හිතට දැනේවි..සතී එකට වැඩිය ධාවන කාලෙ වැඩියි සමස්ථයේ..

    සබ් එක ගැනත් කියන්න ඕනේ..esub එක හුගක්ම අවුල් වගේම ලයින් අඩුයි. උදාහරණයක් විදියට අන්තිම එපිය ගත්තොත්, එයාල ලයින් 68යි ගහලා තිබුණේ, කොහොම හරි අඩු දෙබස් එහෙම ගහලා එනකොට, ලයින් 220ක් ආවා..සම්පූර්ණ එපිසෝඩ් 7ම එහෙම තමයි..කොහොම හරි ගුණාත්මක උපසිරැසියක් තමයි අරන් ආවේ..එයාලා හැලුවා කියලා ZOOM.LK අපි දෙබස් හලන්නෙ නෑනේ..තියෙන ඔක්කොම ගහලා තමයි අරන් ආවේ..ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන කොටස් හතම Zoomlinkhub එකෙන් ලබා දීලා තියෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  7ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Oka Love Janta (2019) සිංහල උපසිරැසි” Oka.Love.Janta.(2019).Sinhala.Subtitle.rar – Downloaded 878 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. පට්ටයි බං. මං මේ වගේ ස්ටොරි බලන්න ආසයි. රන්ඩු වෙවි යාලු වෙන එවට මං පට්ට ආසයි.

    Leave a Reply to Naveen Randika Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram