spot_img
spot_img
More

    Oru Adaar Love (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2019 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දවසේ මලයාලම් සිනමාවෙන් ආදරණීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය ආරම්භ කරනවා ඒ Oru Adaar Love හෙවත් සුන්දර ආදර කතාවක් ගැන චිත්‍ර‍පටියක්… මේ චිත්‍ර‍පටිය ප්‍රදර්ශනය වීම ආරම්භ කරන්න කලින්ම මෙහි එක දර්ශනයක් අන්තර්ජාලයට මුදා හරිනවා මෙහි නිෂ්පාදකයන් විසින්ඒ ත් කවුරුවත් නොසීතූ විදියට ඒ දර්ශනය ලෝකයේම අවධානය දිනාගන්න සමත් වෙනවා,අපේ රටෙත් ගොඩක් දෙනෙක්ම ආස කරා කියන්න පුලුවන් ඒ දර්ශනයට

    චිත්‍රපටිය ප්‍රදර්ශනය වීමට කලින්ම ඉහල ප්‍රේක්ෂක ප්‍රථිචාර දිනාගන්න සමත් උනත් තිරඟත වීමෙන් අනතුරුව ප්‍රේක්ෂයන්ගෙන් මේ චිත්‍රපටියට හොද ප්‍රථිචාරයක්නම් ලැබුනේ නෑ.. මොකද එපා කරන විහිළු, කතාව දික්ගස්සගන්න නිකන් ඔහේ කොටස් එකතු කර තිබීම මේ වගේ හේතු නිසා ප්‍රේක්ෂයන්ගෙන් අප්‍රසාදායට ලක් උනා… විශේෂයෙන්ම මෙහි අවසාන කොටසේ මෙම චිත්‍රපටියේ වෙන සිදුවිම නිසාත් ප්‍රේක්ෂකයන් අප්‍ර‍සාදයක් දැක්වුවා කියලා තමයි වාර්තා වල තියෙන්නේ..

    ඒ නිසාම තිරගත වීම ආරම්භ කරපු පසුවදාම මෙහි නිෂ්පාදක මණ්ඩලය අවසාන දර්ශනය නැවත රූපගත කරලා වෙනස්ම ආකාරයෙන් අවසානයක් චිත්‍රපටියට ගෙනාවා ඊට පස්සේ අනවශ්‍ය කොටස් සියල්ලම අයින් කරල පැය 2 යි විනාඩි 25 තිබ්බ චිත්‍රපටිය පැය 2 විනාඩි 16කට නැවත සංස්කරණය කරල ප්‍රදර්ශනය ආරම්භ කරා..අද ඔයාලට බලන්න පුළුවන් වෙන්නෙ ඒ සංස්කරණය කරපු අලුත්ම පිටපත. අන්තර්ජාලයට මුලින්ම නිකුත් උන කැම් පිටපත මෙහි සංස්රණය නොකරපු චිත්‍රපටියයි..ඕනි අය ඒකත් අරන් බලන්නකෝ

    6.8ක Imdb අගයක් අරගත්තු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස රෝෂන්,නූරින්,ප්‍රි යා ප්‍රකාශ් දායක වෙනවා,ඇත්තටම කතාව ගැනනම් මොකුත් කියන්න යන්නේ නෑ..මොකද පාසලක සාමාන්‍යයෙන් වෙන සිද්ධි දාමයක් වටා ගෙතෙන කතාවක් නිසා.. අලුත් යාළුවෝ,ජිවිතේට අලුතෙන් එකතු වෙන බැදීම්,පාසල් ප්‍රේමය,හිත් අමනාපකම් ,මේ සියල්ලම එකට එකතු කරල හදපු ලස්සන චිත්‍ර‍පටියක්.. ආයෙත් ඉක්මනටම සිංහල උපසිරැසියකින් හම්බවෙනකම් පාසල් ප්‍රේමයේ සුන්දරත්වය හොයාගෙන අපිත් යමු ඉස්කෝලෙට

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Oru.Adaar.Love.(2019).Sinhala.Subtitle.rar – Downloaded 2448 times – 48 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram