spot_img

Pandora (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් තවත් කොරියන් චිත්‍ර‍පටියක් අරන් ආවා. මං මේ කරන තෙවැනි කොරියන් සබ් එක. දිලා තියන චිත්‍ර‍පටි තුනම එකක් සොම්බි අනික උමං අනතුරක් දැන් මේක න්‍යෂ්ටික බලාගාර අනතුරක්. කොරියන් චිත්‍ර‍පටිවල කොහොමත් හැමෝම බලන්නේ මේ වගේ චිත්‍ර‍පටිනේ. ඉතින් මේකත් උපසිරැසි කරලා දෙන්න හිතුවා. ෆිල්ම් එක ගත්තාම දැක්කේ ලයින් 2400කට ආසන්න ගානක් සබ් එකේ තිබ්බා. ඉතින් මං ලයින් 1000ක පමණ උදව්වක් අපේ දර්ශනගෙන් අරගත්තා. නැත්නම් චිත්‍ර‍පටිය තවත් පමාවෙන නිසා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක තිරඟත වුනේ 2016 දෙසැම්බර් 7 වැනිදා. මේකේ කතාවට පාඨක වෙන්නේ න්‍යෂ්ටික බලාගාරයක වෙන සිදුවිමක්. මේ හර්බියුල් නැත්නම් පැන්ඩෝරා බලාගාරය ගාවම පොඩි ගමක් තියනවා. මේ ගමේ හැමෝම වගේ රැකියාව කරන්නේ මේ බලාගාරයේ. නමුත් ජේ හියොක් කියන තරුණයා නම් කැමැති නැහැ මේ බලාගාරයේ පොඩ්ඩක් වත් වැඩ කරන්න. නමුත් තමන්ගේ අම්මාගේ වගේම යාළුවන්ගේ බලකිරිම මත තමයි ඔහු මේ බලාගාරයේ සේවය කරන්නේ. කොහොම හරි කාලය ගතවේගන යනවා. දිනක් මේ ප්‍රදේශයට රික්ටර් පරිමාණ අඟය 6.2ක් වෙන භුමිකම්පාවක් ඇති වෙනවා. සමාන්‍යයෙන් මේ වගේ බලාගාර ඕනම දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දෙන්න තමයි හදලා තියෙන්නේ. නමුත් කිපදෙනෙක් ගේ නොසැලකිල්ලක් නිසා මේ බලාගාරයේ ඇතුලේ කාන්දු විමක් සිදුවෙනවා. මේ ගැන ප්‍ර‍ධානින් වැඩිය තකන්නේ නැහැ. නමුත් එන්න එන්න මේ පුංචි ගැටළුව මහා පරිමාණ ගැටළුවක් වෙද්දි සේරම සිදුවි හමාරයි. මේ බලාගාරය පුපුරා යනවා. කිලෝමිටර් 100ක් තරම් දුරට මෙහි විකිරණ පැතිරෙන්න පටන් ගන්නවා. මේ ඛේදවාචකය කොහෙන් නිම වේවිද? ඒකට මේ චිත්‍ර‍පටිය අරන්ම බලන්න වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

‍

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram