spot_img

Paradise (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Paradise (2024) Sinhala Subtitle

 

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් ඊයෙ රෑ නිකුත් උනු තවත් හැමෝම එනකල් මඟ බලන් ඉඳපු චිත්‍රපටයක් අරන් තමයි ආවේ ඒ තමයි ” Paradise “

පසුගිය මස 28 වෙනිදා සිට තිරගත වීම ඇරඹිලා, මාසයක් වගේ කාලෙකදි OTT ආපු චිත්‍රපටයක් තමයි Paradise කියන්නෙ. මේ චිත්‍රපටිය අපිට විශේෂ වෙන්නේ, මේක ඉන්දියානු සහ ශ්‍රී ලාංකික මිශ්‍රණයකින් නිමවුනු නිසයි. ශ්‍රී ලාංකීය ජේෂ්ඨ රංඟධාරීන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ෆනෑන්ඩු සමඟින් වත්මන් මලයාලම් සිනෙමාවේ, තාරුණ්‍යයේ ජනප්‍රිය රංඟධාරීන් දෙපලක් වන රොෂාන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් මෙහි චරිත නිරූපණය කරනවා.

රොෂාන් මැතිව්’ව අපිට ගොඩක්ම මතක හිටින්නේ, ආනන්දම් සහ කැප්පෙලා චිත්‍රපටවලින්. දර්ශනාව නම් ගොඩක් ලංකාවෙ ප්‍රසිද්ධයි Hridayam චිත්‍රපටය නිසා. මේ දෙන්නා ලංකාවෙ තියටර් වල එහෙම දර්ශන වාර වලට පහුගිය ටිකේ ගොඩක් සහභාගීත් වුනා වගේම මේ දෙපළ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් ගැන වර්ණනා පවා කලා.

ඉතිං මේ චිත්‍රපටය වටා ගෙතෙන්නේ, ඉන්දියානු යුවලක් සිය 5 වෙනි විවාහ සංවත්සරය සමරන්න කියලා ඒ දෙපළ ලංකාවට එනවා. ඒ අතරේ ඔවුන්ට නොසිතූ විදියට මුහුණ පාන්න වෙන දේවල් එක්ක කථාව බැදී ගමන් කරනවා.

ඉතිං ශ්‍යාම් ෆනෑන්ඩු මෙහි සංචාරක මඟ පෙන්වන්නෙක් විදියට කටයුතු කරනවා. ඔහු නම් මේ ළඟදිත් පොන්නියින් සෙල්වම් කියන ඉන්දියානු චිත්‍රපටයෙත් රජ කෙනෙක්ගෙ චරිතයක් කලානෙ. ඒවගේම මහේන්ද්‍ර පෙරේරා මෙහිදී පොළිස් නිළධාරී චරිතයක් නිරූපණය කරනවා. චරිත අඩු වුනාට මේක සිනෙමා උළෙලවල් වලත් කථා බහට ලක් වුණු චිත්‍රපටයක් වුනේ, බූසන් ජාත්‍යන්තර සම්මාන උළෙලෙදි Kim Jiseok අවෝඩ් එකත් දිනාගනිමිනුයි…ඒවගේම තවත් ගොඩක් සම්මාන උළෙලවල් වලදී, හොඳම නළුවා,නිළිය අධ්‍යක්ෂක, හොඳම චිත්‍රපටය,හොඳම සංස්කරණය වගේ ඒවටත් නිර්දේශ වෙලා තියෙනවා……

ඉතින් එහෙනන් මේ චිත්‍රපටය රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා බුදු සරණයි

 

උපසිරැසිය ඩවුන්ලොඩ් නොවිමක් සිදුවෙනවා නම් Right ක්ලික් කර Sava As ලෙස උත්සහාකර බලන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram