spot_img
spot_img

Pathaan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Pathaan (2023) Sinhala Subtitle

 

2017, 2018 වර්ෂ වල බොහෝ දෙනා බලාපොර්‍රොත්තුවෙන් ඉදලා, බලාපොරොත්තු විනාශ වුණු හින්දි චිත්‍රපට මොනවද ඇහුවොත්, අනිවාරෙන්ම Jab Harry Met Sejal සහ Zero කියන චිත්‍රපට ද්විත්වය ඒ ගොන්නේ ඉහළින්ම ඒවි.

ඒවගේම , මේ දිනවල වාර්ථා පිට වාර්ථා බිඳගෙන අධිවේගීව ඇදෙන චිත්‍රපටය මොකක්ද කියලා කාගෙන් ඇහුවත්, ඒත් අනිවාරෙන්ම උත්තර දේවි. ඒ තමයි බොලිවුඩයේ රජා ෂාරුක් ඛාන්’ගෙ “පඨාන්” චිත්‍රපටය කියලා.

වර්ථමානයේ කඩා වැටෙමින් තියෙන බොලිවුඩය යළිත් නැඟී සිටුවන්නට පෙනෙනා තෙක්මානයක චිත්‍රපටයක් තිබුනෙ නැහැ. ඒ අතරේ පසු ගිය වසරේ මාර්තු 2 වෙනි දින, YRF විසින් පඨාන් චිත්‍රපටයේ රිලීස් ඩේට් එක 2023.1.25 කියලා නිවේදනය කලා. එවෙලේ ඉදලා මේක ගැන බොහෝ කථා බහ පැමිණෙන්න ගත්තා.

“වසර 4ක නිහැඬියාව බිඳෙයි”
“සිංහයා යළි පැමිණෙයි”
“යළිත් බොලිවුඩය ඔහු කර මතටම”
“ආදරවන්තයා මිය ගිහින්ද?”
“තවත් ෆ්ලොප් චිත්‍රපටයක්”
“නාකි මිනිහෙක් ඇක්ෂන් එකකට දාලා”
“විලන් හීරෝ කරා නම් හරි”

ඒ අස්සෙ ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ මතය වුනේ, මේ චිත්‍රපටය යළිත් මුළු ලෝකයම කථා බහට ලක්වෙන ෂාරුක්ගෙ කම්බැක් එකක් වෙයි කියලයි. ඉතිං එහෙම කතා අස්සෙන් ජනවාරී 25 වෙනිදා ඉදලා ලොව පුරා සිනමාශාලා 8000ක පමණ මෙම චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. ඉන්දියානු රුපියල් කෝටි 225ක පමණ මුදලකින් නිපද වුනු මෙම චිත්‍රපටය, තිරගත වුණු පළමු දිනයෙදිම කෝටි 106ක ආදායමක් උපයා ගත්තා. දින 5ක් යනකොට කෝටි 500 සීමාවද පැන්නුවේ, ඛාන්ගේ දශක ගාණනක සිනමා දිවියේ “LIFE TIME BLOCKBASTER” එක මෙය වෙමින් සහ බෝයිකොට් කල අයට තරු පෙන්වමිනුයි. ඒ වගේම මේ වනකොට කෝටි 1100කට කිට්ටු ආදායමක් උපයාගෙන් තියෙනවා. කෝටි 1000ස සීමාව පන්වන ඉන්දියානු 5ස් වන චිත්‍රපටය එවිට මෙය වනවා. ඒවගේම ස්පයි යුනිවර්ස් එකේ 4වන චිත්‍රපටය මෙය වගේම, වැඩිම මුදලක් යෙදූ සහ ඉපයූ චිත්‍රපටයද මෙයයි. ඔයාලා මේ ෆිල්ම් එක එක්ක කනෙක්ට් වෙන අනිත් චිත්‍රපට ටිකත් බලන්න.

Ek Tha Tiger (2012) – Salman Khan
Tiger Zinda Hai (2017) – Salman Khan
War (2019) – Hrithik Roshan | Tiger Shroff
Pathaan (2023) – SRK x Salman
Tiger 3 (upcoming) – Salman x SRK x Hrithik ???

චිත්‍රපටයේ ගීත ද්විත්වයක් සමගින් හීරෝට සට විලන්ට පිළිරැව් දෙන, වෙන වෙනම තීම්ස් තියෙනවා. පඨාන් තීම් එක සමගින් ගීත සියල්ලම උපසිරැසි ගන්වලා ඇත්තේ. කියන්න දෙයක් නැහැනේ හීරෝ කවුද විලන් කවුද කියලා නේද? ෂාරුක් ඛාන් හීරෝ ලෙසත් ඩූම් පලවෙනි එක බැලුව නම් CBR වලින් හොරකම් කරන කොල්ලා මතකනේ.. ජෝන් ඒබ්‍රහම්. පොර තමයි විලන්. නිළිය තමයි ලෝකයම වසඟ කරගත් දීපිකා පදුකෝන්.

කථාව ගැන බොහොම ටිකක් කියන්නම්..

ඉන්දියානු ජනාධිපතිතුමා සහ විද්‍යාඥයින් දෙන්නෙක් පැරිස් වල තියෙන සමුළුවකට යනවා. ඒ අතරේ ඉන්දියානු රහස් නියෝජිතයින් දැනගන්නවා අතරමඟදි ජනාධිපතිතුමාව “Outfit X” කියලා ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් පැහැර ගන්නයි යන්නෙ කියලා. ඉතිං මේ මෙහෙයුම වෙනුවෙන් පඨාන් ඇතුළු පිරිසක් යනවා. ඒ අතරෙ නොහිත සිඳුවීමකින් විද්‍යාඥයෙක්ව පැහැර ගැනීමකට ලක්වෙනවා. ඉතිං අනුමාන වැරදිලා, “Outfit X” නායකයගෙන් ගුටිත් කාලා තමයි පඨාන් ඇතුළු පිරිසට එන්න වෙන්නේ.

ඒ අතරෙ රහස් නියෝජිතයින්ට “රක්ත්බීජ්” කියලා දෙයක් ගැන “Outfit X” සැලසුම් කරන බව දැන ගන්න ලැබෙනවා. ඒ මොකක්ද කියලා කවුරුවත්ම දන්නෙ නෑ. ඒත් විනාශ කාරී දෙයක් කියලා හැමෝම දන්නවා. මොකද රක්ත්බීජ් කියලා හඳුන්වලා තියෙන්නේ යක්ෂයෙක්ව, ඒ යක්ෂයාගෙ ලේ වැටෙන වැටෙන තැන තවත් යක්ෂයෝ බිහිවෙලා තියෙනවා වගේම ඌව මරණ්න පවා නොහැකියි කියල තමයි කියවෙන්නේ. ඉතිං සම්පූර්ණ චිත්‍රපට මෙහෙයුමම මේ මතින් දිවෙනවා.

මොකක්ද මේ පැහැර ගැනීම? මොකක්ද රක්ත්බීජ්? කියලා දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.
කෝටි 1000 පසු කරන්න මෙහිදී ෂාරුක් ඛාන් කියන බ්‍රෑන්ඩ් එක ගොඩක්ම ඉවහල් වුනා. කින්ග් ඉස් කින්ග්. තව ටිකකින් ආයෙම මුණගැහෙමු එහෙනම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Pathaan (2023) සිංහල උපසිරැසි” Pathaan.(2023).Sinhala.Subtitles.rar – Downloaded 24429 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram