spot_img

Patriots Day (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ (The Purge Election Year (2016) ඉංග්‍රිසි ෆිලුමක් දුන්නාට පස්සේ තමයි මේ මාස ගානකට පස්සේ තවත් චිත්‍ර‍පටියක් අරන් එන්නේ. ඉංග්‍රිසි ෆිලුම් සබ් කරන එක තමයි මට අමාරුම වැඩේ. මේ අද කරපු එකෙත් දෙයියනේ කියලා ලයින් 1900කට කිට්ටු වෙන්න තිබ්බා. ඇත්තටම මේ ගත කරපු වෙලාවෙන් හින්දි ෆිල්ම් නම් දෙකක් තුනක්ම ඉවර කරන්න කාලය තිබ්බා. කොහොම හරි මේ වගේ වටින ෆිලුමක් ආවාම නොදිත් බැහැනේ. මුලින්ම හවුල් වැඩකට මුලපිරුවේ එත් අනික් කෙනා ටිකක් පරක්කු වේවි කිව්ව නිසා මමම කරලා දෙන්න හිතුවා ඉක්මනටම…

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක Peter Berg ගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ Battleship (2012),Lone Survivor (2013),Deepwater Horizon (2016) වගේ චිත්‍ර‍පටි ඔයාලා අනිවාර්යෙන්ම නරඔලා ඇති නේ. මේ චිත්‍ර‍පටියෙත් පහුගිය ඔහුගේ චිත්‍ර‍පටි වගේම Mark Wahlberg තමයි ප්‍ර‍ධාන චරිතයට පණපොවන්නේ. චිත්‍ර‍පටිය ගෙතෙන්නේ 2013 අප්‍රේල් 15 වැනිදා බොස්ටන් මැරතන් තරඟයට එල්ලවු බොම්බ ප්‍ර‍හාරය පාඨක කරගෙන. ඒ බොම්බ ප්‍ර‍හාරය වගේම එතැනින් මේ බොම්බකරුවන් අල්ලන්නට බොස්ටන් පොලිසිය FBI එක කල මෙහෙයුම චිත්‍ර‍පටියේ මනාවට පෙන්වා දෙනවා. චිත්‍ර‍පටිය ගැන විස්තර කිරිමට නම් උවමනා නැති වේවි. මොකද අර කිව් සිදුවිම දන්නවා නම් ඔබ මේ චිත්‍ර‍පටිය අනිවාර්යෙන්ම බලාවි. හින්දි සබ් වල මං මෙහෙම නොකිව්වාට ඉංග්‍රිසි සබ් එකක් දුන්නාම නම් කියන්නම ඕනි වැරැදි අඩුපාඩු තියේ නම් පෙන්වලා දෙන්න ඒක වටිනවා. එහෙනම් මීලගට හින්දි චිත්‍ර‍පටියකින් හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

‍

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram