today-is-a-good-day
More

    Plane (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Plane (2023) Sinhala Subtitle

     

    කැප්ටන් බ්‍රොඩි ටොරන්ස් වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා ගුවන්තොටුපලට එන්නේ තමන්ගේ ගුවන් ගමන හැකි ඉක්මනට ඉවර කරලා ඇමරිකාවේ ඉන්න තමන්ගේ එකම දියණිය බලන්න යන්න ඒ  උනත් ඔහුට ගුවන් යානය අරගෙන යන්න වෙන්නේ ගොඩක් අයහපත් කාලගුණයක් මැද්දෙන් කාලගුණය මගැරලා වෙනත් මාර්ගයකින් යන්න අවසර ඉල්ලුවත් ගුවන් යානා සමාගමෙන් ඒකට අවසර ලැබෙන්නේ නැහැ මොකද  මේ යානයේ ආසන 14 ක් පමණයි බුක් වෙලා තියෙන්නේ ඒ නිසා එයාලට ඕන වෙනවා තෙල් වියදම සහ ගමනට යන කාලය අඩු කරගන්න.ඉතින් තමන්ගේ දුවව බලන්න යන්නත් ඕන නිසා අකමැත්තෙන් උනත් බ්‍රොඩි මේකට කැමති වෙනවා ඒ උනත් හිතුව විදියට කුණාටුව මෙල්ල කරගෙන ඔවුන්ගේ ගමනාන්තයට යන්න බ්‍රොඩිට බැරිවෙන්නේ ගුවන් යානයට අකුණු සැර වැදීමෙන් විද්‍යුත් පද්ධතිය බිඳ වැටීම නිසා ඉතින් යානයේ ඉන්න මගීන්ගේ සහ තමන්ගේ ජිවිත බේරගන්න බ්‍රොඩිට සිද්ධ වෙනවා හදිසි ගොඩබෑමක් කරන්න ඒකත් ලේසි වෙන්නේ නැහැ මොකද යානයේ කිසිම දෙයක් වැඩ නොකරන නිසා කොහොම හරි යානය දුපතකට ගොඩ බාන්න

    බ්‍රොඩිට හැකි උනත් දෙන්නෙක්ට ජිවිත වලින් වන්දි ගෙවන්න එත් අනිත් මගීන්ට කරදරයක් නොවී බේරගන්න පුළුවන් උන නිසා බ්‍රොඩි සතුටින් හිටියත් ඒ සතුට වැඩි වෙලා තියෙන්නේ නම් නැහැ දුපතට ගොඩ බැහැල ටික වෙලාවක් යධ්ධි තමයි බ්‍රොඩිට තේරෙන්නේ එයාලගේ කරදර පටන් ගත්තා විතරයි කියලා ඊටපස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලා බලලම දැනගන්නකො.

    මෙහි කැප්ටන් බ්‍රොඩි ටොරන්ස් විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි ක්‍රියාදාම නළු Gerard Butler මෙයාව නම් ඔයාල නොදැන ඉන්න විදියක් නැහැ Olympus has fallen,Hunter killer,Greenland,Geostorm වැනි සුපිරි චිත්‍රපට ගණනාවකට දායකත්වය දුන්න නළුවා ඒ වගේම තවත් සුපිරි නළු නිලියන් පිරිසක්ම මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා 6.2 ක IMDB අගයක් ලබා ගන්නත් 92% ක ගුගල් පරිශීලක කැමැත්ත ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා ඉතින් තවත් පමා නොකර පැයයි විනාඩි 47 ක් පුරා දිවෙන Action,thriller ඝනයට අයත් මේ සුපිරි ෆිල්ම් එක බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරනවා එහෙමනම් අපි ගියා සුභ දවසක් හැමෝටම.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Plane (2023) සිංහල උපසිරැසි” Plane.(2023).WEB.HD.Sinhala.Subtitle.New.rar – Downloaded 9754 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Leave a Reply to A.T.V Anuradha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram