spot_img
spot_img
More

    Pranaam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔබ Shaitan (2011), Table No. 21 (2013), Samrat & Co. (2014), Fever (2016) වැනි චිත්‍රපට නැරඹු අයෙක් නම් රජීව් කන්දෙල්වාල් කියන නම නුපුරුදු වෙන්න විදියක් නෑ. ඒ හැම චිත්‍රපටයකදිම ඔහු ප්‍රෙක්ශකයන් අතරේ මතක හිටින රංගනයක් ඉදිරිපත් කළා වගේම ඒ චිත්‍රපටත් ප්‍රෙක්ශකයන්ගේ නොමද ආකර්ෂණය දිනාගත්තා. රජීව් කදෙල්වාල් රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපටයක් තමයි Pranaam (2019).

    Sanjiv Jaiswal විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටයට රජීව් සමගින් අතුල් කුල්කර්නි, වික්‍රම් ගෝක්ලේ, අභිමන්යු සින්ග් සහ සමේක්ෂා රංගනයෙන් එකතු වෙනවා. Action, Crime, Drama කියන ශානරයන්ට අයත් චිත්‍රපටයේ IMDB දර්ශක අගට සටහන් වෙන්නේ 6.7/10ක් හැටියට.

    රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් වීමේ බලාපොරොත්තුවෙන් ලක්නව් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අජයගේ එකම සිහිනය වෙන්නෙ තමන් ගැන තමන්ගේ පියා දකින සිහිනය සැබෑ කරන එක. ඒ සිහිනය වෙනුවෙන්ම වෙහෙසෙන අජයගේ මුලු ජීවිතයම එක මොහොතකින් වෙනස් වෙන්නෙ සිහිනෙකින්වත් නොසිතපු විදියේ සිදුවීමකට මුහුණ දීමත් එක්ක.

    ලක්නව් විශ්ව විද්‍යාලයේ අවසන් විභාග ප්‍රශ්න පත්‍ර වංචා සහගත ලෙස කල් ඇතුව පිටකිරීමක් සිද්ද වෙනවා. එයට සම්බන්ද වූ කල්ලිය සමග අජය ඇති කරගත් ගැටුමකදි එම කල්ලියේ තිදෙනෙකු මිය යනවා. අවසානයේදී එම ඝාතන ත්‍රිත්වයටත් ප්‍රශ්න පත්‍ර වංචාවටත් චෝදනාව එල්ල වෙන්නෙ අජය ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනාට. නොකළ අපරාදයකට චෝදනා ලබලා අපරාදකරුවන් හැටියට හංවඩු ගැහෙන අජය සහ ඔහුගේ මිතුරන්ගේ අනාගතය කොහොම තීරණය වේවිද කියන එකයි චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ. චිත්‍රපටය අවසානයේදී ප්‍රෙක්ශකයන්ට හොඳ පණිවිඩයකුත් ලබා දෙන Pranaam (2019) චිත්‍රපටය නරඹන හැටියට ආරාධනාවක් කරන ගමන්ම මම සමුගන්නවා තවත් උපසිරැසියකින් ඔබ හමුවන බලාපොරොත්තුව ඇතිව. ඔබට සුභ දවසක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Pranaam.2019.Sinhala.subtitle.rar – Downloaded 208 times – 25 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram