today-is-a-good-day
More

    Puss in Boots The Last Wish (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මම කොහොමත් animation චිත්‍රපටි වලට කැමතියි. ඒ නිසාම, හොඳ චිත්‍රපටියක් දැක්ක සැනින්, ඒක බලන්න උත්සාහ කරනවා. මේකත් එහෙම බලපු චිත්‍රපටියක්. මේක ‍කියන එක හරිද මන්දා, ඒත් මගේ මතයේ හැටියට, 2022 අවුරුද්දේ ආපු හොඳම animation movie එක මේ. යොදාගෙන තියෙන තාක්‍ෂණය අතින් වුනත්, චරිත වල එකතුව අතින්, කතාව ගලාගෙන යන ආකාරය, මේකෙන් දෙන්න හදන පණිවිඩය, මේ හැමදෙයකින්ම පරිපූර්ණ නිර්මාණයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඔයාලාත් තාම බලලා නැත්නම්, මෙන්න හොඳම අවස්ථාව මේ චිත්‍රපටිය බලලා රස විඳින්න.

    සුපුරුදු පරිදි අපේ සපත්තු දාගත්ත පූසා, එයාගේ වීර වික්‍රම වැඩ කරමින් ලෝකේ වටේ ඇවිදිනවා. නටනවා, ගයනවා, සටන් කරනවා. හැබැයි, මේ පාර එයාට සිදුවෙන අනතුරකින් එයා මිය යනවා. අපි හැමෝම අහලා තියෙනවානේ පූසන්ට පණ නමයක් තියෙනවා කියලා. ඒක මෙයාටත් අදාලයි. මෙයාත් පූසෙක්නේ. ඒක නිස මේ පාර සිදුවෙන අනතුරෙනුත් දිවි ගලවා ගන්නවා. ඒත්, මේ එයාගේ අන්තිම පණ. දැන් පරිස්සම් නොවුනොත්, ආයේ ගොඩ ඒමක් නෑ. මේ අතරේ තමයි, පූස් ට දැනගන්න ලැබෙන්නේ, ප්‍රාර්ථනා තරුවක් තියෙනවා, අපේ ඕනම ප්‍රාර්ථනාවක් ඉටු කරගන්න පුළුවන්. ඒක හොයාගන්න එක තමයි අමාරු. තව කීදෙනෙක් ඒක පස්සේ යනවාද? ඔන්න මේ චිත්‍රපටියේ කතාව. අන්තිම ප්‍රාර්ථනාව පූස්ට කරගන්න පුළුවන් වෙයිද? ගමන කොහොමද?

    මේ චිත්‍රපටිය 2011 නිර්මාණය වුනු Puss in Boots චිත්‍රපටියේ ඉදිරි දැක්මක්. Shrek චිත්‍රපටි මාලාවේ හයවෙනි කතාව. අධ්‍යක්‍ෂණය කලේ Joel Crawford විසින්. කතාව සුපුරුදු පරිදි Tom Wheeler ගේ. පදනම් වෙලා තියෙන්නේ Giovanni Francesco Straparola විසින් රචිත Puss in Boots නවකතාවේ චරිත වලින්. තම කටහඬින් දායක වුණා, Antonio Banderas (සපත්තු දාගත්ත පූසා), Salma Hayek Pinault (කිටී සොෆ්ට්පෝ), Harvey Guillén (පෙරීටෝ), Florence Pugh (ගෝල්ඩි) ඇතුළු පිරිසක්.

    මේ චිත්‍රපටියේ web ratings ගැනත් මතක් නොකලොත් අඩුපාඩුවක් වෙනවා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDB 7.8, Rotten Tomatoes 96%, Metacritic 75%, Google Users 96% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒකම මේ චිත්‍රපටියේ සාර්ථකත්වය පෙන්වනවා නේද? ඩොලර් මිලියන 80ක වියදමකින් නිර්මාණය වුණු මේ චිත්‍රපටිය, මේ වෙනකොට ඩොලර් මිලියන 201ට වඩා හොයාගෙන තියෙනවා කියලා කියවෙනවා.

    එහෙනම්, හැමෝටම මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න එන්න කියලා ආරාධනා කරනවා. හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල හොඳ නරක, ගල් මල්, අඩුපාඩු, ගුණ දොස්, අපිට කියන්න. ඒකෙන් අපිට පුළුවන් අපේ උපසිරැසි වල ගුණාත්මක බව තව තවත් වැඩි කරගන්න. හදිස්සියේ රැල්ලට උපසිරැසි නොදී, ‍හොඳ ගුණාත්මක උපසිරැසි දෙන එක අපේ අරමුණ. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Puss in Boots The Last Wish (2022) සිංහල උපසිරැසි” Puss.in.Boots.The.Last.Wish.(2022).Sinhala.Subtitle.rar – Downloaded 5919 times – 923 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram