spot_img

Race 3 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ වසරේ නිකුත් උන හිතුව තරම් සාර්ථකත්වයට ලක් නොවු හා විචාරකයන්ගෙන් හොදට බැනුම් අහපු චිත්‍ර‍පටියක් තමයි මේ… කොහොමත් මේ චිත්‍ර‍පටිය නිකුත් කරද්දිම විශාල ප්‍රේක්ෂක විරෝධයක් එල්ල වුනා… මොකද රේස් චිත්‍ර‍පටි මාලාවේ මුලිකයා වශයෙන් හිටියේ සයිෆ් අලිඛාන්… නමුත් ඔහුවයි මෙතෙක් කල් චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරපු Abbas-Mustan පවා අයින් කරලා ABCD චිත්‍ර‍පටිගෙන ආ Remo D’Souza අධ්‍යක්ෂණයට අරගන්නේ….කොහොමත් කලින් තිබ්බ රේස් චිත්‍ර‍පටිවල ගතිය එහෙම පිටින්ම විනාස කරලා දාන්න මොවුන් සමත්වෙලා තියනවා. ඒ නිසාම රේස් චිත්‍ර‍පටිමාලාවේ IMDB තුලින් ලැබුන අඩුම අඟය වෙන 2.1ක අඟයක් තමයි මේකට ලැබුනේ. ඔබ කලින් රේස් චිත්‍ර‍පටි බලලා නැත්නම් මේක මුලින් බලලාම එවා බලන්න යන්න. නැත්නම් ඔබට මේක බලන්න හිතෙන එකක් නැහැ

… ක්‍රියාදාම ගැන කතා කලත් හිතාගන්න බැරි කොටින්ම කරන්න කොහොමටවත් බැහැ කියලා හිතන එවා නම් සැහෙන තියනවා….කොහොමත් මැතකදි සල්මන් චිත්‍ර‍පටි පහක් කලොත් එකක් දෙකක් තමයි බොක්ස් ඔෆිස් වාර්තා තියලා ජනප්‍රිය වෙන්නේ. අනික්වා නිකම්ම රැල්ලට යනවා පමණයි…

කොහොම හරි චිත්‍ර‍පටියේ ඉන්න සෙසුචරිත ගැන කියනවා නම්, Anil Kapoor,Jacqueline Fernandez,Bobby Deol,Daisy Shah,Saqib Saleem හා Freddy Daruwala රංඟනයෙන් දායක වෙනවා… ශම්ෂෙර් සිං කියන්නේ හොර අවි ජවාරම් කරන පුද්ගලයෙක්… මොහුගේ ළමයි දෙන්නා තමයි සුරජ් හා සංජනා කියන්නේ … ඔහුගේ අයියාගේ පුතා වන සිකන්දරුත් මොවුන් එක්ක තමයි ජිවත්වෙන්නේ. නමුත් සුරජ් හා සංජනා සිකන්දර් සමඟින් නිතරම තරහින් ඉන්නේ. මොකද මේ ව්‍යාපාර වල වැඩි කොටසක් අයිති වෙලා තියෙන්නේ ඔහුට නිසා… ඔවුන් උත්සහා කරන්නේ කොහොම හරි සිකන්දර්ව ඉවරයක් කරලා දාන්න. ඔවුන්ට තවත් ඊරිසියා හිතෙන කාරණාවක් තමයි තමන්ගේ තාත්තා වෙන ශම්ෂෙර් සිං පවා වැඩියෙන්ම විශ්වාස කරන්නෙත් ඔවුන් දෙන්නාට වඩා සිකන්දර්ව. මේ පවුල ඇතුලේ වෙන හැල හැප්පිම් හා ඔවුන් කරන මැර වැඩ වලින් තමයි කතාව ගෙති යන්නේ… එහෙනම් තව කියන්න උවමනා නැහැ චිත්‍ර‍පටිය අරන් බලන්නකෝ.. මේ සබ් එකත් downloadhub කොපියට ගැලපෙන්න තමයි උපසිරැසි කලේ… ඩිරෙක්ට් ලින්ක් ගන්න ඕනි නම් පහත බැනර් එකේ දිලා තියන සයිට් එකට ලොග් වෙලා ගන්න පුලුවන්. එහෙනම් තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමුවෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram