spot_img
spot_img

Radhe Shyam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හුඟ දවසකට පස්සෙ අදත් උණුම උණු උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. 2022 වසරේ ලොකු බලාපොරොත්තුවක් තබාගෙන සිටි සහ ලොකූ පිරිවැයක් දරා නිමවූ Romance ශාරණයට අයත් Radhe Shayam කියන චිත්‍රපටයට තමයි මෙලෙසින් මම උපසිරැසියක් රැගෙන ආවේ. තෙළුඟු සිනමාවේ රෙකෝඩ් අලුත් කරන දැවැන්ත නළුවෙකු වන Prabas සහ වත්මන් සිනමාවේ ඉහළ තලයක සිටින Pooja Hegde මෙහි ප්‍රධාන රංඟනයෙන් දායක වනවා.

කථාව දෙසට හැරුණම ආධිත්‍යා කියන්නේ, ලෝක ප්‍රසිද්ධ වුණු, අත බලා සාස්තර කියන්නෙක්. ඒ කියන්නෙ අනාගතේ දකින කෙනෙක්.ඔහු ගැන කියනව නම් ඔහුගෙ අතේ ආදර රාඛාවක් නැහැ වගේම ඉස්සරහට සිද්ධ වෙන සියල්ලම දන්නා කෙනෙක්. අනාගතය කොහොමවත්ම වෙනස් කරන්න බැහැ කියන දැඩි තර්කෙක ඉන්න කෙනෙක්. ඉතිං දිනක් මොහුගෙ දෛවයට පටහැණිව තමා කාලය සෙල්ලමක් කරන්නේ. ඒ තමයි ප්‍රේරණා කියන ගැහැණූ ළමයව දකින්න ලැබෙනවා. ආධිත්‍යා පවා දන්නවා මෙය මොහුගේ දෛවයේ නැති සිදුවීමක් කියලා. නමුත් ඒක තේරෙන්නෙ නැහැ.

ඔහු නොදැනුවත්ව ඔහුම දෛවයට විරුද්ධව ඇයව මුණගැහෙන තැනටම පත්වෙනවා. ඉතිං ආධිත්‍යා කියන විදියට ඔහු ආදරෙ කරන්නෙ නැහැ. ආලපෑමක්, නැත්නම් ලයින් දෑමක් පමණයි කරන්නේ. නමුත් එය එසේම වෙයිද? ආදර රේඛාවක් නැති ආධිත්‍යාට ආදරයක්වත් ඇති වෙයිද? කථාවට අනුව මෙය දෛවයත් ආදරයත් අතරෙ සිදුවන යුද්ධයක්.

භාෂා කිහිපයකින් නිකුත් වුණු රාධෙ ෂ්‍යාම් කියන්නෙ ටිකක් සුරඟන කථාවක් වගෙ එකක්. ඇත්තටම ප්‍රභාස් කියන නළුවගෙ මට්ටමේ කථාවක් නෙවෙයි. පූජාට නම් ගැලපෙනවා සුන්දරත්වය නිසා. සිංදු වගේම ලස්සන දෙබස් වඩාත් රසවත්ව තියෙන්නෙ හින්දි ඩබින් එකේ තමයි. ඒකත් දුකට කරුණක්. ප්‍රාස්ගෙ එන්ට්‍රන්ස් එක එහෙම නම් ලස්සනට තියෙනවා.

මෙයට හින්දි සහ තෙළුඟු උපසිරැසි ද්විත්වයක් මම සහ ලහිරු අයියා, ලබා දීමට අදහස් කරන් සිටියත් චිත්‍රපටයේ දුර්වලතා නිසා, එම අදහස අතෑරගත්තා. ඒ වගේම ඔයාලට මෙලෙස මෙය නැරඹීමට ටයිම්-ලයින් සහ සින්ක් කටයුතු තනිවම කරේ ලහිරු උදයංග අයියා තමයි. එහෙනම් ඔහුටත් ස්තුති කරන ගමන්.. අදට සමුගන්නවා. ඔයාලත් බලලාම අදහස කියන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Radhe Shyam (2022) සිංහල උපසිරැසි” Radhe.Shyam.(2022).Sinhala.Subtitle.rar – Downloaded 13823 times – 871 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

14 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. adeh niyamai zoom
    tamilmv eke thyna ithuru malayalam,tamil film set ekatath sub demu
    dulqur ge salute eka amathka karanna epa

  3. නියමයි සුපිරිම වැඩක් බලාගෙන හිටිය ෆිල්ම් එකක් .

Leave a Reply to Prageeth Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram