today-is-a-good-day
More

    Raees (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2010න් පටන් ගත්ත උපසිරැසි ගමනේ අද වෙනකොට සත්වැනි අවුරුද්දයි මේ ගත වෙන්නේ. එහෙම ගත වෙන කාලේ අතර තුර තමයි මේ 250 වැනි උපසිරැසිය අරන් එන්නේ. සබ් 250ක් දාන්න ටික කාලයක් නම් ගිහින් තියන බව හැබැව. නමුත් අන්තර්ජාලයේ සිංහල උපසිරැසි ආරම්භක කාලයේ සිට මේ කාලය දක්වා ඉන්න ලැබිමත් එක්තරා විදියක සතුටක්. අද මේ විදියට 250ට අරන් එන්නෙත් හින්දි උපසිරැසියක්. මං දැනට හින්දි චිත්‍ර‍පටි පමණක් 190කට ආසන්න ගානක් දාලා ඉවරයි. මං හිතන්නේ අන්තර්ජාලයේ වැඩිම හින්දි චිත්‍ර‍පටිවලට උපසිරැසි ගානක් එක් කරලා තියන වාර්තාවේ සාඩම්බර හිමිකාරයා වෙන්නේ මං. ඒ ගැන නම් පොඩි ආඩම්බරයක් තියේ. බලමු කාලේකින් හරි මේ වාර්තාව කවුරුන් හෝ කඩලා දාවිද කියලා… හැබැයි ඉතින් ලේසි වෙන්නේ නැහැ
    .

    250 වැනි උපසිරැසිය දෙන්න ටිකක් පමා වුනා. ඒකට හේතුව මේ අවුරුදු කාලේ. මෙහෙම කාලයක් අවුරුද්දකටම එකයි නොවැ එන්නේ. ඉතින් ඒ වැඩ වලට සැහෙන්නම හිරවුනා. තවත් කාරණාවක් දෙකක් එහෙම සිදුවුනා එවා ඉතින් අපේ අනික් ඇඩ්මින් මඩුල්ලේ අය දන්නවා

    ඉතින් ඔය වගේ රාජකාරි ගොඩක් අස්සේ තමයි මේක අරන් ආවේ ඉතින් පොඩ්ඩක් පමා වුනා. ෆිල්ම් එක ගැන කිව්වොත් නම් මං ඇත්තටම 250ට දෙන්න හිතුවේ කාබිල් එක. මොකද මං දන්නවා අනිවා ඒ චිත්‍ර‍පටිය මේකට වඩා හොද ඇති කියලා. මට නම් මේ චිත්‍ර‍පටිය ගැන ඒ හැටි පැහැදිමක් නම් නැහැ. ඔයාලා අරන් බලලා ඒක තිරණය කරන්න. කොහොමත් ශාරුක්ගේ අන්තිමට ආව චෙන්නායි එක්ස්ප්‍ර‍ස් එකෙන් පස්සේ හොදයි කියලා කියන්න තරම් චිත්‍ර‍පටියක් නම් ආවේ නැහැ. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක ඉන්දියාවේ අපරාධකාරයෙක් වුන Abdul Latif ගේ ජිවිත කතාව අලලා නිර්මාණය වුවක් බවට මාධ්‍ය හැදින්වුවාත් චිත්‍ර‍පටියේ නිශ්පාදකයන් නම් පැවසුවේ මේක ගොතන ලද කතාවක් මිසක් කාටවත් සම්බන්ධ නැහැ කියලා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Rahul Dholakia විසින් මමත් මේ අධ්‍යක්ෂකවරයාගේ මේ නැරඔපු පලවෙනි චිත්‍ර‍පටිය. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Shah Rukh Khan,Mahira Khan,Nawazuddin Siddiqui රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම Laila Main Laila ගීතය Sunny Leoneගේ නර්තනයෙන් හැඩවෙනවා. චිත්‍ර‍පටියේ මුල් ප්‍ර‍චාරක කටයුතු වලට එහෙම මේ ගීතය හා සනී ලියෝනිගේ සරාඟි නර්තනය බෙහෙවින් උපකාරි වුනා කිව්වොත් නිවැරැදියි.

    චිත්‍ර‍පටියේ කතාව කියනවා නම් ගුජරාට් කියන්නේ ඉන්දියාවේ මත්පැන් විකුණන්න තහනම් පලාතක්. මෙහි මත්පැන් විකිණිම දඩුවම් ලැබිය හැකි වැරැද්දක්. රේයිස් පුංචි කාලේ ඉදන්ම මේ ව්‍යාපාරයට උදව් කරනවා. මුලින්ම රේයිස් වැඩ කරන්නේ ගමේ පුංචි කසිප්පු ජවාරම්කාරයෙක් එක්ක. පස්සේ ඔහුව පොලිසියට අල්ලගත්තාම ජේයිරාජ් නැමැති පුද්ගලයා ගාවට ඔවුන් වැඩට යනවා. ඔහොම කාලය ගත වෙනවා රේයිස් තරුණ වියට පත්වෙනවා. දැන් රේයිස්ට උවමනා වෙනවා තමන්ටම කියලා මත්පැන් ව්‍යාපාරයක් පටන් ගන්න. මේ වැඩේට ඔහුගේ බොස් ජේයිරාජ් නම් කැමැති වෙන්නේ නැහැ. එත් රේයිස් තමන්ගේ යාළුවා සාදික් එක්ක තනියම මත්පැන් ව්‍යාපාරයට අත තියනවා. මේ මත්පැන් ව්‍යාපාරය කොතරම් තහනම් වුනත් ඒ පලාතේ පොලිසියට ලැබෙන අල්ලස් මුදල් නිසාම පොලිසියෙන් මේ වැඩේට කිසිම බාධාවක් කරන්නේ නැහැ. ඔන්න ඔහොම කාලය ගත වෙද්දි තමයි මේ පලාතට අලුත් පොලිස් නිලධාරියෙක් එන්නේ. ඔහු නමින් මජ්මූධාර්. ඔහු අවංක පොලිස් නිලධාරියෙක් වගේම ඔහුට මත්පැන් ජවාරම්කරුවන් පෙන්න බැහැ. ඔහු හා රේයිස් අතර ඇතිවන ගැටුම තමයි චිත්‍ර‍පටියේ ඒ මේ අත පෙරලෙමින් යන්නේ. එහෙනම් චිත්‍ර‍පටිය අරන්ම බලන්නකෝ. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.

    250ක් දාලාත් ලයින් එකෙන් දෙකෙන් ලොකු හැලි නැතුව වැඩේ ගහලා දැම්මා කියලා හිතන්න එපා. කොහොමත් වචනයෙන් නෙමෙයි අපිට උදව් කරන අයට කොහොමත් හැමදාම නම් වශයෙන් නොකිව්වාට ඕනම වෙලාවක සුම් එක පැත්තෙනුයි පෞද්ගලිකවයි පෙනි ඉන්නවා. ඉතින් හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Raees (2017) සිංහල උපසිරැසි” Raees.(2017).Sinhala.Subtitle.rar – Downloaded 591 times – 45 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram