spot_img

Raja Cheyyi Vesthe (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් තෙලෙඟු නිර්මාණයක් අරගෙන තමයි ආවේ. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ Nara Rohit විසින්. අපි ඔහු රඟපැ චිත්‍ර‍පටියක් ලඟදි දුන්නා Savitri (2016) මේ චිත්‍ර‍පටිය බැලුවා නම් ඒ නළුවාව අමතක වෙන්න විදියක් නැහැ. ප්‍ර‍ධාන නිළියගේ චරිතයට පන පොවන්නේ Isha Talwar විසින්. කතාව ගැන කෙලින්ම කියන්නම්. රාජා රාම් කියන්නේ චිත්‍ර‍පටි සහාය අධ්‍යක්ෂකවරයෙක්. ඇත්තටම මොහු කරන්නේ චිත්‍ර‍පටිවල සටන් අධ්‍යක්ෂණය කරන එක තමයි. නමුත් නිශ්පාදකයන්ට උවමනා වෙනවා රාජාරාම් ලවා රොමැන්ටික් ෆිල්ම් එකකට කතාවක් ලියාගන්න. ඔහු හැබැයි කැමැති ඇක්ෂන් ෆිල්ම් හදන්න. නමුත් නිශ්පාදකයාට උවමනා නිසා ඔහු රොමැන්ටික් ෆිල්ම් එකකට කතාවක් ලියන්න ගන්නවා. ඒ අතරදි තමයි අහම්බෙන් වගේ ඊෂාව ඔහුට දකින්න ලැබෙන්නේ. රොමැන්ටික් කතාවක් ලියන එකේ අත්දැකිමක් ගන්නත් කියලා රාජාරාම් ඊෂා එක්ක යාළුවෙන්න උපරිම ට්‍ර‍යි එක දානවා… ඔහොම මේ කතාව යද්දි නගරයේ සිදුවන මිනිමැරුම් වල අපරාධකාරායව සොයාගන්න බැරුව පොලිසිය මෙහෙයුම් ගනනාවක් ක්‍රියාත්මක කරනවා. මේ අපරාධකාරයාගේ නම තමයි මානික් ඔහු හැබැයි මරන්නෙත් නඟරයේ ඉන්න අපරාධකාරයෝම තමයි. නමුත් කොහොම උනත් මිනිමැරිම වැරැද්දක් නිසා පොලිසිය ඔහු ගැන සොයනවා. මෙහෙම කතා දෙකම යද්දි දිනක් නිශ්පාදකයෙක් ගෙන් රාජාරාම්ට ලියුමක් එනවා. ඒ ඔහු ලවා ක්‍රියාදාම චිත්‍ර‍පටියක් ලියාගන්න. මෙතැනින් පස්සේ මේ පිටපත ලියන්න යන සිදුවිමක් ම නිසා රාජාරාම්ට හා මානික් අතර පටලැවිල්ලක් ඇති වෙනවා. මේ පටලැවිල්ලට රාජා අර ආදරය කරන්න ට්‍ර‍යි කරන ඊෂාවත් අහුවෙනවා. මෙහෙම ලොකු පටලැවිල්ලක් වෙන්න සිදුවෙච්ච දේ මොකක්ද? අර චිත්‍ර‍පටි නිශ්පාදකයාගෙන් ආව ලියුම මේ අවුලට මුලික හේතුවක්ද? එවා දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය බලලාම තමයි.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram