spot_img
spot_img

Raksha Bandhan (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Raksha Bandhan (2022) Sinhala Subtitle

ෆිල්ම් එක ආපු දවස් වලම සබ් එක කරන්න ගත්තාට එක එක දේවල් නිසා සබ් එක කරගන්න බැරුව පස්සට ගියා..
බාගේට වඩා කරලා තිබ්බ එකේ හිතුවා සබ් එක ඉවර කරලා අරන් එන්න… ඉතින් තාම බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න අවස්ථාව තියනවා අරන් බලන්න.. මේක නිකුත් උනේ මේ අවුරුද්දේ අගොස්තු මාසේ 11 වැනිදා.. ප්‍රධාන චරිතයට අපි කවුරුත් දන්න අක්ෂේ කුමාර් තමයි රංඟනයෙන් දායක වෙන්නේ මිට අමතරව Bhumi Pednekar, Sadia Khateeb,Sahejmeen Kaur,Smrithi Srikanth හා Deepika Khanna රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් ලාලා කේදාර්නාත් කියන්නේ සහෝදරියන් හතර දෙනෙක්ගේ අයියා කෙනෙක්.. මේ අයියාට ලොකු ප්‍රශ්නයක් තියනවා ඒ තමයි මේ නංගිලාගේ කසාදේ කරලා දෙන එක. නංගිලාගේ කසාදේ කරලා දෙන්න තියන අනික් ලොකුම අවුල තමයි එයාලාට දැවැද්ද එකතු කරන එක. ලාලාගේ පෙම්වතිය තමයි සප්නා. එත් ලාලාට තමන්ගේ පෙම්වතිය වන සප්නාව කසාද බැදගන්න බැරුව ඉන්නේ…ඒකට හේතුවත් මේ නංගිලාගේ කසාදේ තමයි. ලාලා මැරෙන්න කලින් ලාලාගේ අම්මා පොරොන්දුවක් අරන් තියනවා කවදා හරි නංගිලා හතර දෙනාවම කසාද බන්දලා තමයි ලාලාට කසාද බදින්න පුලුවන් කියලා. ඉතින් මේ පොරොන්දුව ඉටු කරන්න ලාලා දිවා රෑ බලලා මහන්සිවෙනවා. ඉතින් මේ නංගිලාගේ කසාදේ කරලා දෙන්න හදන දේ තමයි චිත්‍රපටිය පුරාවට හාස්‍යෙයන් පෙන්වලා දෙන්නේ.. ඒ වගේම වෙලාවකට චිත්‍රපටිය බොහෝම සංවේදිත් වෙනවා. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Raksha Bandhan (2022) සිංහල උපසිරැසි” Raksha.Bandhan.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6058 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram