spot_img

Rangoon (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තව චිත්‍ර‍පටියක් රැගෙන එන්නයි සුදානම… චිත්‍ර‍පටිය තමයි රැංගුන්… චිත්‍ර‍පටිය නම් හිතුව තරම් සාර්ථක ලෙස ආදායම් හොයාගන්න සමත් වුනේ නම් නැහැ.චිත්‍ර‍පටියේ මුල හරිය මටත් නිකම් කම්මැලියි වගේ දැනුනාට ටිකක් යද්දි නම් චිත්‍ර‍පටිය රසවත් වෙන්න ගන්නවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂනය කරන්නේ Vishal Bhardwaj විසින්… ඔහුගේ නිර්මාණයන් තමයි Haider හා Kaminey කියන චිත්‍ර‍පටි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස සයිෆ් අලි ඛාන්,ෂහිඩ් කපූර්,කන්ගනා රනාවූත් රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේ කතාව ගෙතෙන්නේ දෙවැනි ලෝක යුධ සමයේ. ඒ වගේම මේ වෙද්දි ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස තමයි පවතින්නේ. ඔවුන්ගෙන් රට නිදහස් කරගන්න වෙනම අරගලයක් ඉන්දියාව ඇතුලේ සිදුවෙනවා. මිස් ජූලියා (කන්ගනා රනාවුත්) කියන්නේ චිත්‍ර‍පටි නිළියක්. ඇය බොහෝම ප්‍ර‍සිද්ධ කෙනෙක්. මේ චිත්‍ර‍පටිවල නිශ්පාදකයා තමයි රූසී බිල්මොරීයා (සයිෆ් අලි ඛාන්) කියන්නේ. ජූලියා හා බිල්මොරියා අතර ආදර සම්බන්ධකමකුත් තියනවා. බිල්මොරියා කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ නායකයින් එක්ක බොහෝම කුළු පහා වෙලා වැඩ කරන කෙනෙක්. ඒ හමුදාවේ කැප්ටන් කෙනෙක්ගේ යෝජනාවක් මත ආමි එකේ කොල්ලන්ට මිස් ජූලියාගේ සජිවි ප්‍ර‍සංගයක් ඉදිරිපත් කරන්න හමුදා කදවුරු වලට යමු කියලා ආරාධනා කරනවා. මේ වෙලාවේ යුද්ධයක් යන නිසා බිල්මොරීයා මේ යෝජනාවට කැමැති වන්නේ නැහැ.නමුත් පසුව එකඟවෙනවා. ඒ ජූලියාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන පොරොන්දුව මත. ඒ ආරක්ෂ කණ්ඩායමේ නායකයා තමයි නවාබ් මලික් (ෂහිඩ් කපූර්) කියන්නේ. ඔහු කතාවට පැමිණිමත් සමඟින් චිත්‍ර‍පටිය වෙනම පාරකට යොමු වෙනවා. වැඩි විස්තර කරන්න ඕනි නැහැ අරන්ම බලන්නකෝ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram