spot_img

Rarandoi Veduka Chudham (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා. මේකත් ආදර කතාවක්. ඒ වගේම සටන් ජවනිකාත් ඇතුලත්. කේෂවා එක හැමෝම බලන්න ඇතිනේ. අදහස් දාපු අයට මගෙ ස්තූතිය පුද කරනවා. මේකත් ඔයාලට හොද රසවින්දනයක් ගෙන දෙයි කියලා මම විශ්වාස කරනවා.

IMDB අගය 5.9ක් දිනා ගත් මෙම චිත්‍රපටිය 2017 මැයි 26 වන දින තමයි තිරගත වීම ආරම්භ කරන්නේ. මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ Akkineni Naga Chhaitanya සහ Rakul Preet Singh දෙදෙනා විසින්. තෙලිගු සිනමාවෙ ප්‍රසිද්ධ නලවෙක් වෙන නාගඅර්ජුන්ගෙ පුතා තමයි මේකෙ ප්‍රධාන නලුවා වෙන්නේ. අධ්‍යක්ෂනය Kalyan Krishna Kurasala විසන් කල මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ Nagarjuna විසින්. ඒ වගේම චිත්‍රපටිය විනාඩි 150ක කාලයක් පුරා ධාවනය වෙනවා.

කතාව ගැන කිවුවොත්. එක ගමක ඉන්නවා හොදම යාලුවන් 3න් දෙනෙක් (ආදි, ක්‍රිෂ්නා, ප්‍රභාකර්) ඒ ගමේ කබඩි තරගයක් කියන්නෙ අනිවාර්යෙන්ම මේ 3න් දෙනා ඉන්නවාමයි. ඒ වගේම දිනනවා. මෙහෙම ඉන්න 3න් දෙනාගෙන් ආධිනාරයන්ගෙ නංගිගෙ කසාදෙ දවසේ ආදිගෙ හොදම යාලුවා ක්‍රිෂ්නා නංගිව අරන් පැනලා යනවා. මේ විදිහට ඒ යාලුවන් 3න් දෙනා. දෙන්නෙක් විදිහට වෙන් වෙනවා. ආධිගෙ ගොලු නංගිව අනිත් යාලුවා ප්‍රභාකර් කසාද බැදලා ආදිගෙ ගෙදර නවතිනවා. ආදිටත් ඉන්නවා ගෑනු ලමයෙක්. පවුලේ එකම ගෑනු ලමයා. අනිත් අය සේරම පිරිමි අය. ඉතින් හැමෝම මේ දුවට ආදරෙයි. නම බ්‍රමනම්බා. ටිකක් පරනයි වගේ නේ? ඔව් ඒ ආත්තම්මගෙ නම. ඉතිත් මේ බ්‍රමනම්බා පොඩි කාලෙ ඉදලම හරිම හුරතලේට හැදෙන්නේ. මොන දේ උනත් තාත්තට කියනවා. හැබැයි කියන්න කලින් එක පාරක් අනිවාර්යෙන්ම අවවාද කරනවා. මෙහෙම කාලෙ ගෙවිලා ගිහින්. බ්‍රමනම්බත් ලොකු උනාට පස්සේ. ආදිගෙ යාලුවෙක්ගෙ දුවෙක්ගෙ කසාදෙ දවසේ. මනමාලයගෙ ඥාති සහෝදරයෙක් (ශිවා) බ්‍රමනම්බා දැකලා ආදරයක් ඇති වෙනවා. මෙයත් පස්සෙන්ම යනවා. හැබැයි බ්‍රමනම්බගෙ හිත දිනා ගන්න එක ලේසි නෑ. මොකද පොඩි කාලෙ ආත්තම්ම කියලා දීපු දෙයක් නිසා. එයා ඒ වගේ මනමාලයෙක් බලාගෙනයි ඉන්නේ. මොන වගේ මනමාලයෙක්ද ඕනෙ කියලා ඔයාල අරගෙන බලන්න. ඒ වගේම අපේ ශිවාගෙ ආදරෙ හරියයිද? ආත්තම්ම කියපු විදිහෙ කෙනෙක්ද කියලා. ඒ වගේම ආදරේට ආත්තම්ම කියපු දේ විතරක් නෙමෙයි. තවත් ලොකු බාධාවක් එනවා. ඒකත් දැන් කියන්නෙ නෑ. ඔයාලම බලන්න. ගොඩක් දේවල් කියන්න උනා. මේ ඇති. හැමෝටම බලලා සතුටු වෙන්න කියලා කියනවා එහෙනම්. ලගදිම තවත් එකක් අරගෙන එනකම් ඔයාල හැමෝටම සුබ දවසක්.

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram