today-is-a-good-day
More

    Red Notice (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Red Notice හැමෝම බලන්න බලාගෙන හිටපු කතාවක්. මේ මාසේ මුල නිකුත් කෙරුණාට, සෑහෙන පිරිසක් මේ වෙනකොටත් චිත්‍රපටිය නරඹලා තියෙනවා. විවිධ විවේචන සහ ඇගයීම් මධ්‍යයේ, හොඳ සාර්ථකව තිරගත වෙන චිත්‍රපටියක් විදියට මේක නම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් Dwayne Johnson ගේ චිත්‍රපටියක් කියන්නේම ප්‍රේක්ෂක ආකර්ෂණය නිතැතින්ම ලැබෙන එකක්. ඒ නිසාමදෝ, චිත්‍රපටිය ගැන හැමෝම කියන්නේ හොඳ. Ratings අතින් ගත්තත් හොඳ මට්ටමක තියෙනවා. මේ ලිපිය ලියනකොට, IMDB 6.4, Google Users 88% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.

    Rawson Marshall Thurber විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කතාවත් ඔහුගේම නිර්මාණයක්. වෙනස් විදියේ කතාවක් යොදාගත්තත්, ‍තේමාව සාමාන්‍ය ඇමරිකානු චිත්‍රපටි කතාවක් කියලා සමහර අය චෝදනා කරනවා. චිත්‍රපටියට යොදාගත්ත නළු නිළි කණ්ඩායම නම් අති විශිෂ්ඨයි. මේ චිත්‍රපටියේ රඟපෑමෙන් දායක වෙනවා Dwayne Johnson (ජෝන් හාට්ලි), Ryan Reynolds (නෝලන් බූත්), Gal Gadot (බිෂොප්) සහ Ritu Arya (ඉන්ස්පෙක්ටර් දාස්) එක්වෙනවා.

    කතාව ගැන කෙටියෙන් කිව්වොත්, අන්තර්ජාතික පොලිසිය කලා කෘති හොරකමක් පසුපස්සේ යනවා. ඒ ක්ලියෝපැට්‍රාට අයිතිව තිබුණු බිත්තර තුනක් හොයාගෙන. මේ වෙලාවේ ඒවා හොරකම් කරන්න තවත් දෙදෙනෙක් යොමුවෙලා. වැඩිය කතා නැතිව, මේ චිත්‍රපටිය නරඹන්න. රසවිඳින්න!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Red Notice (2021) සිංහල උපසිරැසි” Red.Notice.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7317 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Clifford the Big Red Dog (2021)

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram