spot_img

Ride (2009) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ ආවෙ “Natural Star” නානිගෙ 2009 වර්ෂයේ නිකුත් වුණ Ride කියන චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි..මේකෙ ලයින් සේරම අතින් එකින් එක හදන්න වුණා..මේකට IMDb අගය 5.3 ලැබිලා තියෙනවා…තව දෙයක් කියනවනම් අද නානි අලුත්ම චිත්‍රපටය V  කියන චිත්‍රපටයත් නිකුත් වෙනව කියලා හැමෝම දන්නවනේ..ඒක ඩවුන්ලෝඩ් කරන ගමන්ම මේකත් අරගන්නකො එහෙනම්.

නානිගෙ චිත්‍රපට බොහෝමයකම පාහෙ ප්‍රධාන නළුවො දෙන්නෙක් ඉන්නවනෙ, නැත්නම් නානිම හරි ඩබල් ඇක්ටින් කරනවා…අද එන එකත් එහෙමයි නානියි සුධීර් බාබුයි ඉන්නවා….ආන් ඒ වගේම මේකත් චරිත 2කකට මේන් රෝල් එක බෙදල දීල තියෙනවා..Naani එක්ක Tanish කියන නළුවා ඉන්නවා…කාස්ට් එක ගත්තොත් කොල්ලො 2යි කෙල්ලො 2යි….වගේම මෑත කාලෙ හුගක් දකින්න නොලැබෙන කින්ග් ජෝකර් කෙනෙක් වන Brahmanandam වත් අපිට මේකෙ දැක ගන්න ලැබෙනවා….

Natural Star Nani (අර්ජුන්)
Tanish                   (මහේෂ්)
Aksha Pardasany  (පූජා)
Shweta Basu         (රාණි)
Brahmanandam

යන අයවලුන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා….මෙහි සිංදු වගයක් තිබ්බත් එකකටයි, තව චූටි සිංදු කෑල්ලකුයි උපසිරැසි ගන්වලා ඇත්තෙ..අනික් ඒව උපසිරැසි ගන්වන්න තරම් හැකියාවක් නෑ බාබොයි…සිංදු තමා ගහන්න අමාරුම..

කතාව ගැන කියනවනම් ෆිල්ම් එකේ නමින්ම තේරෙනවනෙ බයිසිකලයක් සම්බන්ධයි කියලා..අර්ජුන් (නානි) කියන්නෙ බයිසිකල් පිස්සෙක්…ඒත් එයාට බයික් එකක් නෑ…සල්ලි තිබුණා වුණත් ගෙදරින් අරන් දෙන්නෙත් නෑ.. තාත්තා කුණු ලෝභයා..එතකොට මහේෂ් කියන්නෙ හොද ගුණ යහපත්ව හැදුණු තාත්තගෙ පඩියෙන් පවුලම ජීවත් වෙන ගෙදරක දුප්පත් කොල්ලෙක්. පවුලෙ අග හිගකම් එක්ක ඉන්න අතරෙ තාත්තත් විශ්‍රාම ගිය නිසා, විශ්‍රාම වැටුපෙන් ඒ පවුලෙ පස් දෙනාට ජීවත් වෙන්න අමාරු තත්වයක් උදා වෙනවා..ඉතිං මහේෂ් තීරණය කරනවා, ජොබ් එකක් කරන්න. ඒ ජොබ් එකට අනිවාරෙන්ම බයික් එකක් ඕනෙ, ඉතිං අමාරුවෙන් හරි මහේෂ් බයික් එකක් අරගන්නවා..ඔහොම කාලෙ ගෙවෙන කොට ඔය බයික් එක නැති වෙනව..මහේෂ් ගෙ මුළු පවුලම යැපෙන්නෙ ඔය බයික් එක මත….බයික් එක ආයෙම මතු වෙනවා..නානි එහෙම නැත්නම් බයික් වලට පිස්සු වැටුණ බයික් එක පණ කියලා හිතන අර්ජුන් ගාවින්..

ඉතිං මේ දෙන්නම හිත හොද අවංක කොල්ලො දෙන්නෙක්.දෙන්නටම බයික් එක තමයි ජීවිතේ..එක්කෙනෙක්වත් බයික් එක නිසා හිත හොදයි කියලා අතාරින්නෙ නෑ.ඒ බයික් එක නිසා මේ දෙන්නා පැටලෙන්න ගන්නවා..වලි යනවා..ගෙවල් වල රණ්ඩු වෙනවා..ඉතිං මේ බයික් එක කාට අයිති වෙයිද? එක්කෙනෙක්වත් අතාරින්නෙත් නෑ…ගැහැණු ළමයි දෙන්න ගැන කියනවනම් අර්ජුන්ට පූජව හම්බවෙන්නෙ කොලේජ් එකේදි..ඒත් එයා යන්නෙ බයික් එකක් තියෙන කොල්ලෙක් එක්ක විතරයි…..රාණිව මහේශ්ට මුණ ගැහෙන්නෙ එයාගෙ රස්සව කරණ අතරෙදි..දෙන්නම ලේසි නෑ….ඉතිං අර බයික්කෙ බෙදාගන්න දගලන කොට, තවත් හතුරෙක් මතු වෙනවා..ඒ කවුද මොනා වෙයිද කියලා බලන්න නම්..Ride චිත්‍රපටය අරන් බලන්න..අදට යනවා..ජය!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  YOUTUBE පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram