spot_img
spot_img
More

    RK Nagar (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මුලින්ම ඔයාල හැමෝටම 2020 සුභම සුභ නව වසරක් වෙන්න කියල කියලම ඉන්නම්. අද මම උපසිරසි අරන් ආවෙ 2019 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපූරු ගණයේ ආදර්ශමත් දමිල චිත්‍රපටයකටයි. R.K.NAGAR 2019 ලෙසින් නම් කරල තියෙන මේ සිත්තම 5.9ක imdb අගයක් වගේම 91%ක ගූගල් කැමත්තකුත් අරන් තියෙනවා. Romance/comedy කැටගරි එකට අයත් වෙලා තියෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ Sixer 2019 චිත්‍රපටයේදීත් ඔබ අප හමු වූ Vaibhav Reddy විසිනි.ප්‍රධාන නිලිය ලෙස Sana Althaf දායකවෙලා තියෙනවා.ඒ වගේම දක්ෂ දමිල නළුවන් වන Sampath Raj,santhana bharathi,subbu panchu arunachalam යන අයවත් මේ සිත්තමෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

    තාක්ෂණයේ දියුණුව නිසා අද කාලේ ගොඩාක් සමාජ ගැටළු නිර්මාණය වෙලා තියෙනවා.බොහෝ අපරාධ සිදුවෙනවා.එවැනි අපරාධ ක්‍රියාවක් තමයි කතාවට මූලික වෙලා තියෙන්නේ. කතාවෙ දෙපැත්තක් තියෙනවා.එක පැත්තක ආකාශ් කියල කොල්ලෙක් හා එයාගේ එක්ක තව මෙයාගෙ වයසෙම යාළුවො කට්ටියකුත් ඉන්නවා.එයාල එකතුවෙලා කාන්තාවන්ගේ රහසිගත තැන් රහසිගත කැමරා මාර්ගයෙන් වීඩියෝ කරලා එයාලගෙ වෙබ් සයිට් එකකට අප්ලෝඩ් කරනවා.ඒ වගේම ඒ වීඩියෝ තියාගෙන එයාලව බයකරලා සල්ලි අරගන්නවා.අනිත් පැත්තේ තමයි කතාවෙ වීරයා ඉන්නේ.අපේ කතාවෙ වීරයා තමයි ශංකර් කියන්නේ.මේ ශංකර් ඉන්නේ ලොට්ටෙයි කියල කෙනෙක් එක්ක.ලොට්ටෙයි කියන්නේ හොද මිනිහෙක්.ලොට්ටෙයිගේ හතුරා තමයි මන්නු කියන්නේ.මන්නු ඉන්නේ ඒ පලාතේ ඉන්න සභාපතිත් එක්කයි.මේ ලොට්ටෙයි සහ මන්නු අතර හැමදාම රණ්ඩු සරුවල් සිද්දවෙනවා.දවසක් සභාපතිගේ පුතාව පැහැරගත්තා කියල ලොට්ටෙයිව මන්නු මරල දානවා.ඒ වගේම ඒ පුතාව මැරුවා කියල ශංකර්ව තමයි අහුවෙන්නේ.ඒත් ශංකර් ඒ කිසිමදේකට සම්බන්ධ නැති නිසා ඒ දේවල් කරපු අයව හොයන්න ගන්නවා.ඔතනින් තමයි කතාවේ පැති දෙක සම්බන්ධ වෙන්නේ.ලිපිය කියවද්දි නම් විකාරයක් වගේ හිතෙන්න පුළුවන්.ඒත් නිසැකයෙන්ම ඔයාල චිත්‍රපටය අවසානයේදී උසස්ම රසාස්වාදනයක් ලබනවා කියල නම් කියන්න පුළුවන්. අද කාලේ කාන්තාවන්ට වඩාත් ආදර්ශමත් කතාවක් තමයි චිත්‍රපටයේ ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට චිත්‍රපටය බලන්න කියල අරාධනා කරන ගමන් අපේ ලහිරු උදයංග සහෝදරයාවත් මතක් කරලම මම නවතින්නම් බුදුසරණයි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD  පිටපත් සදහා ගැලපේ

    Download “සිංහල උපසිරැසි” RK%20NAGAR.(2019).Sinhala.Subtitle.rar – Downloaded 176 times – 47 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram