spot_img

Role Play (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Role Play (2023) Sinhala Subtitle

 

ඩේව් සහ එමා දෙන්නා ඉතා සතුටින් පවුල් ජීවිතේ ගත කරන දෙන්නෙක්. එයාලාට දරුවෝ දෙන්නයි. හොඳට ලොකු මහත්වෙලා ඉන්නේ. හැමදාම එකම විදියේ සර්ව සම්පූර්ණ ජීවිතයත් කම්මැලි නිසා, එයාලා වෙනසක් කරන්න හිතනවා. විශේෂම සිද්ධිය වෙන්නේ, එමාට එයාලාගේ විවාහ සංවත්සරය ගැන අමතක වෙනවා. එමාගේ වැඩ වැඩිවීම තමයි ඒතට හේතුව වෙන්නේ

මේ අතපසුවීම හරිගස්සගන්න විදියක් හිතන වෙලාවක, එයාලාගේ හිතට ආපු සැලසුම තමයි, නාට්‍යයක වගේ චරිත නිරූපණයක් කරන්න. නොදන්නා දෙන්නෙක් වගේ, හොද හෝටලයකදී අහම්බෙන් වගේ හමුවෙනවා. එතනදී ගොඩ නැගෙන සම්බන්ධයක් වගේ එයාලාගේ ආදරේ ඉස්සරහාට ගෙනියනවා. මෙහෙම තමයි සැලැස්ම. ඒත් එතනදී එමාට මුණ ගැහෙන්නේ, ඩේව් විතරක් නෙමෙයි. මෙයාලාගේ ඉදිරි අනාගතය ගැන දැනගන්න, චිත්‍රපටිය රස විඳින්න වෙනවා.

මම මීට කලින් දවසක දීලා තිබබා The Family Plan කියලා චිත්‍රපටියක්. ඒකයි මේ චිත්‍රපටියයි එකම කතාව පාවිච්චි කරලා වගේ මට නම් හිතෙන්නේ. ඒත් මේකත් බලන්න. වෙනස් විදියේ දේවල් ටිකක් ගැන බලාගන්න පුළුවන්.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thomas Vincent විසින්. රඟපෑමෙන් දායක වෙනවා Kaley Cuoco (එමා), David Oyelowo (ඩේව්), Bill Nighy (බිල්), Connie Nielsen (ග්වෙන්) ඇතුළු පිරිසක්. Amazon MGM Studios ආයතනය විසින් ලොව පුරා බෙදාහැරීම් කටයුතු කරන්න බාරගෙන තියෙනවා.

මේ ලිපිය ලියන මොහොතේ, Role Play චිත්‍රපටිය අරගෙන තිබ්බ web ratings ගැනයි මේ විමසුම. IMDb 5.5, Rotten Tomatoes 27%, Metacritic 38%, Google Users 57% වගේ තමයි අරගෙන තිබ්බේ. මේකට ප්‍රධාන හේතුව විදියට මම දකින්නේ, මේ චිත්‍රපටියේ කතා වස්තුව, මම කලින් කිව්වා වගේ, මීට සමගාමීව නිකුත් කෙරුණු චිත්‍රපටියක කතා වස්තුවට සමාන වීම. ඒත්, මේ ගැන හිතන්න එපා.

එහෙනම්, හැමදාම වගේ, මේ සිංහල උපසිරැසිය සමඟ මේ චිත්‍රපටිය රස විඳින්න. මේ උපසිරැසි වල තියෙන වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල්, ගුණ දොස් අපිට කියන්න. හැමෝටම ජයවේවා!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram