spot_img

Ruposh (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Ruposh (2022) Sinhala Subtitle

කොහොමද හැමෝටම… වෙනකසකටත් එක්ක පකිස්ථානු ටිවි මුවි එකක් බලමුද? මේක හැබැයි රුපවාහිනි එකේ පෙන්වන්න හදපු එකක් උනාට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. ඒ වගේම මේ චිත්‍රපටිය යුටි යුබ් එකට මේ පකිස්ථාන රුපවාහිනි නාලිකාව විසින් අප්ලොඩ් කරලා තියනවා. ඒක දින කිහිපයක් ඇතුලත යු ටියුබ් හි ටෙන්ඩින් එන්න තරම් බලලා තියනවා. එහෙම බලලා තියෙන්නේ පකිස්ථානේ අය විතරක්ම නෙමෙයි අල්ලපු රටේ හිටපු ඉන්දියාවේ අය. ඉන්දියාව පකිස්ථාන ඉතින් කොයි වෙලාවෙත් වෛයිරයෙන්නේ ඉන්නේ. එත් සිනමාවට ඒ දේවල් අදාලා නැහැ කියලා පෙන්නුවා ඉන්දියාවේ අය මේක බලලා වගේම හොද අදහස් දක්වලා…

මේක මට හම්බුනේ නම් ටික් ටොක් එකේ මේකේ කැලි කැලි අප්ලොඩ් කරලා තියෙද්දි.. අර පන්ච් ඩයලොග් කියන්නේ ඒ වගේ දුක හිතෙන වගේම ආදරේ වැහෙන දෙබස් මේකේ තියන නිසා එවා කපලා කපලා ටික් ටොක් එකේ දැකලා තිබ්බාම තමයි මේක ගැන හොයලා උපසිරැසි කරන්න හිතුනේ.. මේකේ නළු නිලි දෙපල නම් අපි කලින් කොහොමත් දැකලා නැහැ…

කතාව ගැනත් පොඩියට කියන්නම් සලාර් කියන්නේ කොලෙජ් එකේ ඉන්නේ සල්ලිකාර කොල්ලෙක්.. මේ කොලෙජ් එකටම සූනි කියලා ගැණු ළමයෙක් එනවා.. සූනි කියන්නේ ටිකක් කෙන්ති යන ගැණු ලමයෙක්.. කැම්පස් එකේ හැම කෙල්ලෙක්ම සලාර්ට ඇහැදාන් හිටියාට සුනී නම් එක දශමයකටවත් ගනන් ගන්නේ නැහැ.. සලාර්ටත් කැම්පස් එකේ කිසිම කෙල්ලෙක් පෙන්න බැහැ. හැබැයි සලාර්ට සූනි ගැන පොඩි මෙව්වා එකක් හිතෙනවා සූනි සලාර්ව ගණන් ගන්නේ නැති නිසාම.. ඉතින් අරන් බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා.. එහෙනම් ඔන්න අපි ගියා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. පට්ට වැඩක් මචං… එල එල…
    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram