More

    Sahara (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතින් ඔන්න ආයේ මෙ පැත්තට ආවා.මාසෙකට විතර පස්සෙ.වැඩනම් තියනවා ඉහටම.ටික ටික කරගෙන යනගමන් ෆිල්ම් එකක් ආවම අතගහනවා. ඉතින් මේකත් ඊයේ තමයි හොද කොපි එකක් වැටිලා තිබුනේ. ඉතින් වැඩේ පටන් ගත්තා.කොමහරි දවසෙන් වැඩේ ඉවරකරගත්තා.වැඩි දෙයක් නැතිව අපි කතාව පැත්තට හැරෙමුකෝ.

    මේකත් netflix වලින් විකාශය කරපු ඇනිමේශන් චිත්‍රපටයක්. ඇත්තටම මේ කතාවනම් සර්පයෝ ගැන තමයි තියෙන්නේ.ඇත්තටම සර්පයො දෙන්නෙක්ගේ ආදර කතාවක්. සර්පයොන්ටත් ගිය කලක් නොවැ.ඇත්තටම කියනවනම් මම වැඩියේ කැමති සත්තු ජාතියක් නෙමෙයි. ඒත් ඉතින් මේකෙ එයාලගේ හොද පැත්ත පෙන්වලා දීලා තියෙන්නෙ.ඇත්තටම මේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ සහරා කාන්තාරයේ. කාන්තාරයක් උනාම ඉතින් තියෙන්නෙ මොනවද දන්නවනේ. වැලි තමයි ඉතිං. ඉතින් ඔය වැලි කාන්තාරේ ජිවත් වෙන සර්පයෙක් තමයි අජාර් කියන්නෙ. මෙයයි මෙයාගෙ හොදම යාලුවා පිට් එකට තමයි හැමදෙයක්ම කරන්නේ.ඒත් ඉතින් කාන්තාරේ ඉන්න අනිත් සර්පයන්ගෙන් මේ දෙන්නට හරි කරදර.අජාර්ට ඉතින් මේකට විසදුමක් හොයනවා.ඒ අතරේ තමයි දකින්නෙ කාන්තාරේ මැද්දෙ තියන ක්ෂේම භූමියක්.හැබැයි එක අවුලක් තියනවා.ඒ ක්ෂේම භූමි වලට යන්න පුළුවන් කොලපාට සර්පයන්ට විතරයි.ඉතින් අජාර්ටත් මේකට විසදුමක් හොයාගන්නවා.ඒ වෙලාවෙදි අජාර්ට හම්බෙනවා එයාගේ ජීවන සහකාරිය.ඊවා.ඉතින් අජාර් එයාගේ පලවෙනි බැල්මෙන්ම ඇයට වශීවෙනවා.ඊට පස්සෙ හදිස්සියේම ඊවා ඔමාර් කියන නයි නටවන කෙනෙකුට අහුවෙනවා. ඉතින් කතාව යන්නෙ අජාර් ඊවාව බේරගන්න යන එක ගැන.ඒකෙදි හරි හරි සිද්දි ටිකක් වෙනවා. අරගෙනම බලන්ටකෝ ඒ මොනවද කියල.

    ඉතින් වැඩි විස්තර කියන්ට නැ.ලස්සන කතාවක්.අරගෙන බලනගමන් හරි වැරදි සටහනක් දාගෙන යන්ට.සිරිස් වල වැඩ හෙමීට කරගෙන යනවා. ඒවත් දෙන්නම්කෝ එක ශොට් එකට. එහෙනම් ඊලගඋපසිරැසියෙන් හම්බෙනකම් කට්ටියටම ජය.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “Sahara 2017 සිංහල උපසිරැසි” Sahara.2017.Sinhala.Subtitle.rar – Downloaded 103 times – 25 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන් සමීර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram