spot_img
spot_img
More

    Sameer (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Raanjhanaa (2013), Phantom (2015), Raees (2017), Tubelight (2017) වැනි චිත්‍රපට හරහා බොලිවුඩ් සිනමා රසිකයන් අතර නමක් දිනා ගත් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පී මොහොමඩ් සීශාන් ආයුබ් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය තමයි මේ Sameer චිත්‍රපටය. කිසිදු විවාදයක් නැහැ ඔහු මේ චිත්‍රපටයෙදිත් තමන්ගේ කාරිය අකුරටම ඉටු කර තිබුනා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ නවක අධ්‍යක්ෂකවරයෙකු වන දක්ෂින් බජ්රන්ගේ විසින්. මෙය ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වීමද වි‍ශේෂත්වයක්. ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ රංගනයේ යෙදෙමින් ශ්‍රී ලාංකේය ප්‍රෙක්ශකයන් අතරත් ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් අංජලී පටේල්ද මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ හැරුණු කොට සීමා බිස්වාස්, සුබ්රාත් දත්තා වැනි දක්ෂ රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයත් චිත්‍රපටට ලැබී තිබෙනවා. 7/10ක IMDB දර්ශක අගයක් හිමි කරගෙන ඇති චිත්‍රපටය Drama, Thriller වර්ගීකරණයට අයත් වෙනවා.

    ඉන්දියාව තුළ මුල් බැසගෙන ඇති දේශපාලනික, සංස්කෘතික, ආගමික හා සමාජීය ගැටලු ලෝකයාට නිරාවරණය කරන ප්‍රමුතම මාධ්‍යක් බවට අද වන විට සිනමාව පත් වෙලා තිබෙනවා. Pk (2015), Hindi Medium (2017), Toilet ek Prem katha (2017) එවැනි පොදු ප්‍රශ්න සංවාදයට බඳුන් කරපු මෑත කාලයේ ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමා නිර්මාණ කිහියපයක්. මේ චිත්‍රපටයත් ඉන්දියානු දේශපාලනය මඩ ගොහොරුව ගැන මැනවින් කියාපාන චිත්‍රපයක්. මම හිතන්නේ නිර්මාණකරුවා ප්‍රෙක්ශකයන් වෙත ගෙනියන්න උත්සාහ කළ පණිවිඩය මේ චිත්‍රපටය හරහා හරියටම එලියට ඇවිත් තිබුනා. චිත්‍රපටය අවසානය වෙන තෙක් නැරඹුවොත් ඔබටත් එහෙම හිතේවි.

    හයිද්‍රාබාදයේ සිදුවන බෝම්බ පිපිරීමකට සැක පිට යාසීන් නම් ත්‍රස්තවාදියෙකු සාමාජිකයෙකු සොයා මෙහෙයුමක් සිදු කරනවා ඉන්දීය ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්. යාසීන් ඉගෙනුම ලබන ඉංජිනේරු විද්‍යාලයට කඩා වදින ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ට යාසීන්ව අත්තඩංගුවට ගන්නට නොහැකි වෙනවා. නමුත් යාසීන් සමගින් ‍නේවාසිකාගාරයේ එකම කාම‍රයේ නේවාසිකව සිටි යාසීන්ගේ කාමර සඟයා වුනු සමීර්ව ඔවුන් අත්තංඩංගුවට ගන්නවා. අත්තඩංගුවට ගෙන සිදු කරන ප්‍රශ්න කිරීම් වලදි සමීර් මෙම ත්‍රස්ත ක්‍රියාවන්ට කිසිදු සම්බන්දයක් නැති බව හෙළි වෙනවා.

    නමුත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ උප ප්‍රධානියා වුනු දේසායි සමීර්ව නිකංම නිදහස් කර හරින්නට කැමති වෙන්නේ නැහැ. ඔවුන් සමීර්ව යොදාගෙන යාසීන්ව කොටු කර ගැනීමේ මෙහෙයුමක් දියත් කරනවා. ඒ වෙනුවෙන් සමීර්ගේ කාර්ය භාර්ය වෙන්නේ යාසීන්ගේ ගමට ගොස් යාසීන්ගේ ගෙදර උදවිය සමග මිතුරුව යාසීන් ගැන තොරතුරු අනාවරණය කර ගන්න එක. මේ අවධානම් කාර්යට සමීර්ට අකමැත්තෙන් වුවත් සහභාගී වෙන්නට සිදු වෙනවා ඔහුගේ නිදහස තීරණය වෙන්නෙ මේ මෙහෙයුමේ සාර්තක අසාර්තක භාවය මත නිසා. මේ රහසිගත මෙහෙයුමේ අවසානය ප්‍රෙක්ශකයන් අන්ද මන්ද කරවන ආකාරයේ අවසානයක් බව නම් කිව යුතුමයි. මම එහෙම කියන්නෙ ඇයි කියන එක චිත්‍රපටය නැරඹුවාම ඔබට වැටහේවි. එහෙනම් තවත් චිත්‍රපටයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

    Download “Sameer (2017) සිංහල උපසිරැසි” Sameer.2017.Sinhala.Subtitle.rar – Downloaded 136 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram