spot_img
spot_img

Santa Clarita Diet (2017) TV Series Season (01) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මෙහෙම හිතන්නකෝ ටිකක්,ඔයා බැදල ඉන්නේ දැන්,ඔයාට ඉන්නවා ලස්සන බිරිදක් එක්කම හුරතල් දුවෙක්,ඔහොම ඉන්න අතරේ එක පාරටම ඔයාගේ බිරිද මැරෙනවා,එතකොට ඔයාට කොහොම දැනෙයිද?..එහෙම මැරෙන බිරිදට විනාඩියක් යන්න කලින්ම ආයෙත් පන ආවොත් ඔයාට කොහොම දැනෙයිද?

ඔන්න ඔහොම තමයි අද අපි ඔයාට අරගෙන එන සුපිරි කතා මාලාව පටන් ගන්නේ,..ශීලා හැමන්ඩ් කියන්නේ ජොයෙල්ගේ ආදරණීය බිරිද,ඉතින් එක දවසක් මෙයා හදිසියේම නැතිවෙනවා,ඒත් ඊලග විනාඩියෙම මෙයාට ආයෙත් පන එනවා,ඒකට එවලේ හේතුවක් දන්නෙ නැති උනාට,එහෙම වෙන්න ලොකු හේතුවක් තියෙනවා,ඉතින් එහෙම ආයෙත් පන එන ශීලා කලින් වගේම හොදින් හිටියට මෙයාගේ කෑම වේලේ ලොකු වෙනසක් වෙනවා,මොකද මෙයාට ඕනි වෙන්නේ මිනීමස්..එහෙම කියද්දි ඔයාලගේ හිතට එන්නේ මොකක්ද ඒක තමයි හරි,ශීලා සොම්බියෙක් වෙලා,ඒත් අපි චිත්‍රපටි වල දකින සොම්බියෙක් වගේනම් නෙවෙයි මෙයා,ඒක කතා මාලාව බලද්දි ඔයාලට තේරෙයි,ඉතින් ජොයෙලුත් තීරණය කරනවා ශීලට කොහොම හරි කන්න මනුස්සයෙක් හොයල දෙන්න,ඒත් මෙයාල නරක මිනිස්සු විතරයි කන්නේ,..එහෙම නරක මිනිස්සු හොයන්න ගිහිල්ලා මෙයාලට අපුරූ වැඩ ටිකක් වෙනවා,ඒවා කියනවට වඩා ඔයාල බලන එකමයි වටින්නේ…විනාඩි 25-30 අතර දිවෙන එක කතාoගයක් ඔයාලට කිසිම කම්මැලි කමක් නැතිව හොදට හිනාවෙවී බලන්න පුලුවන්…ශීලටයි,ජොයෙල්ටයි ඉන්නවා අපූරූ දුවෙක්..කතාමාලාවේ ඉස්සරාට යද්දි මෙයාගෙත් හොද හොද සෙල්ලම් ටිකක් ඔයාලට බලාගන්න පුලුවන්..

Imdb මනාප 55,562 කින් 7.8 ක් අරගත්තු සුපිරිම Comedy, Horror ගනයට අයත් කතාමාලාවක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ, Netflix හරහා නිකුත් උන මේ කතා මාලාව තමයි Santa Clarita Diet,දැනට මේ කතාමාලාවේ සීසන් 03ක් නිකුත් වෙලා තියෙනවා,අද ඔයාලට අරගෙන එන්නෙ එයින් පලවෙනි කතාමාලාව

පලවෙනි කොටසේ බලල ඉවර වෙද්දි ඔයාට තේරෙයි මොකක්ද මේ කතාව කියල,එහෙමම කොටස් 5ක් විතර දිගට බලාගෙන යද්දි,අනිවාර්යයෙන්ම ඔයා මේ කතා මාලව එක හුස්මට බලල ඉවර කරල දායි,එහෙනම් ඉතින් ටිකක් හොදට හිනාවෙන්න කැමති අයට ආරාධනා කරනවා අරගෙන බලන්න කියල Santa Clarita Diet S01..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

Download “Santa Clarita Diet (2017) සිංහල උපසිරැසි” Santa.Clarita.Diet.(2017).Sinhala.Subtitle.rar – Downloaded 1348 times – 163 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු Season ටිකටත් සබ් අරන් එමු…

Leave a Reply to MAALNATH Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram