today-is-a-good-day
More

    Santa Clarita Diet (2018) TV Series Season (02) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් මේ අරන් එන්නේ “සැන්ටා ක්ලැරීටා” නගරයේ මිනී මස් බෝජන කතාවේ “දෙවන කතා සමය” සම්පූර්ණ උපසිරැසි සහිතවම. මේක ඇවිල්ලා Horror/Comedy කාණ්ඩයට අයත් වගේම IMDb 7.8,Rotten tomatoes 89%, ගූගල් පරිෂීලක මනාප 95% සහ TV. COM අගය 8.6 හිමිකර ගෙන තියෙන වෙහෙසකර මොහොතකදි බලන්න කියාපු භාණ්ඩයක්..

    හරි එහෙනම් අපි ආයෙ කතාව මතක් කර ගමුකො, (Season 01) එක්තරා දේපළ වෙළදාම් කරන විවාහක යුවලක් ගැනයි මේ කතාව (ජොයෙල්,ෂීලා) දිනක් තම රැකියාව අතර තුරදි ෂීලා වමනෙ කරනවා, නිකන් ද? නෑ හැලි ගානකට හරියන්න වමනෙ කරනවා. අසාමාන්‍යයි.. ඒකයැ වැඩේ ෂීලා බෝලයක් වගේ දෙයක් වමනෙ කරනවා..මෙතැන ඉදන් තමා කතාව ආරම්හ වෙන්නේ.. ෂීලාට එකපාරටම ජවය වැඩි වෙනවා..ජොයෙල්ට ඇදෙන් පටන්ගත්තම වෙන කිසිම වැඩකදි මෙයාගෙ ශක්තිය එක්කනම් ඔට්ටු වෙන්නම බෑ..දවසක් ජොයෙල් ගෙදර එද්දි ෂීළා කෙනෙක්ව මිදුලෙ තියාගෙන අනුභව කරනවා..ඔව් මිනීමස් කනවා.ඇගිල්ලෙන් පටන් අරන් බඩවැල් වෙනකම්ම කනවා…වෘෂණ කෝෂ හරි රහයි කියන්නේ..මං දන්නෑ එයා තමා කියන්නේ..

    ඔන්න එහෙනම් කතාව ඇරඹුණා. මිනී මස් විතරක් කන ෂීලයි, ඇයට මිනීමස් කන්න මිනිස්සු මරන්න උදව් කරන මහත්තයා ජොයෙල්ගෙයි කතාව..ඇයි ෂීලට මෙහෙම උනේ..? ඇතැම් විටෙක ජොයෙල්වත් කන්න හිතෙනවා මෙයාට..සොම්බී වෛරස් එකක් වගේ. මෙයාගෙන් හීරීමක් වුනත් ඒ කෙනා මෙයා වගේම වෙනවා..ඉතිං ඕකයැ වැඩේ, මේ දෙන්නටම ලස්සන දුවෙක් ඉන්නවා ටිකක් වැඩුන..දුවට හොරෙන් මිනී මස් හොයන්න වගේම එයා ඉස්සරහා සුපුරුදු කෑමත් කන්න ඕනෙ..ඒත් ෂීලට දැන් මිනී මස් විතරයි කන්න ඕනේ..ජොයෙල් හැම මසක්ම ගෙනත් දුන්නත් මිනී මස් විතරමයි කන්නේ…හපොයි..ඔයාලා සීසන් බැලුවනම් දකින්න ඇතිනේ මේක මෙයාලට වැඩි කාලයක් හංගගෙන ඉන්න වෙන්නෙ නෑ…එළිවෙනවා…හරි එහෙනම් ප්‍රධාන වශයෙන් චරිත 5යි. ජොයෙල්, මැරිලා ඉපදුන ෂීලා,දුව, වගේම එහා ගෙදර කොල්ලා.. ඔව් මං කිව්වෙ නෑනෙ ඒකා තමයි මේ ලෙඩේට පිළියම් කරන්නේ. සයන්ස් පැත්තෙන් වැඩ්ඩෙක්..මං තාම බලන් ඉන්නේ කෙල්ලයි මූයි සෙට් වෙනකම්..5ස් වෙනි චරිතෙ තමයි කොල්ලගෙ ස්ටෙප් ඩැඩී පොළිස් කාරයා..සැන්ටා ක්ලැරීටා වල ඉදිකට්ටක් බිමට වැටුණත් පොර එතන. ඉතිං මූට හොරෙන් මිනී මරලා ගෑනිට කන්න දෙන්නත් එපායැ…

    මේ ලෙඩේ මොකක්ද? කොහොමද වැළදුනේ? බෙහෙතක් තියෙද? වගේම වැදගත් ප්‍රශ්නේ මේ ලෙඩේ හැදුණ තවත් අය ඉන්නවද?

    (Season 02)
    ඔන්න එහෙනම් ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙන්න ඇති වගේම තවත් ටිකකට ප්‍රශ්නය ප්‍රශ්නාර්තයක් විදියටම ඉතුරු වෙන්න ඇති. ඔන්න එහෙනම් අවස්තාව ඒ ගැටලු නිකාරනයට අද අපි ගෙනාවා සීසන් 2.. “”සීසන් 1 නොබලපු අය මේ කොටස කියවන්න එපා..”” පෙර පරිදි අපිට නගරේ තවත් මේ ලෙඩේ වැලදෙන අයව මුණගැසෙනවා වගේම ජොයෙල්ගෙ සූදානම ලෙඩේ ආරම්භ උන විදිය හොයාගන්න..ඒකට ඉගියක් මෙයාලට ලැබෙනවා..ජොයෙල් ඉගිය පස්සෙ ගියත් හෙන ජරමර තමා වැටෙන්නෙ පොරට..ගෑණි දඩයමෙත් යනවා නොවැ..සත්තු කන්නද? නෑ ඇගේ හිරි යවාගන්න. දන්නවනෙ ඉතිං එසේ මෙසේ හයියක් නෙවෙයිනෙ තියෙන්නෙ..නාසි පොරක් උනත් ශොට් එකෙන් බිම හෙලනවා. මොනා උනත් රස්සාව රැක ගන්නම ඕනි..බොසා යකා, බනින එකමයි වැඩේ.. ඇගිල්ලක් දික් කර ගමන්, මේකි ඕනෙ කෙනෙක්ව එතනදිම බිම දාන් කනවා..අසරන ජොයෙල් මාර කට්ටක් කන්නෙ මේකිගෙ කටෙන් පණින වචන වලින් ගැලවෙන්න.රජ ටෝක් දෙන්නෙ ෂීලගෙ කතා වහන්න…කට ඇරෙනවා මොකක්ද යකූ ඒ කිව්වෙ කියලා..ඔන්න ඔහොම යනකොට අන්තිමේ ෂීලව බේස්මන්ට් එකට දාලා දංවැලුත් දානවා..ඕවගෙන් සැලෙන්නෙ නෑ ෂීලා..අල්ලපු ගෙදර කොල්ලා හොයා ගන්නවා පිළියමක් මේ ලෙඩේ වැඩි වෙන එක නතර කරන්න පුළුවන් ක්‍රමයක්, ඔයාලම බලන්න..

    මේ ලෙසේ අතීත සමය දක්වාම දිවෙන්නක්. Brass Teapot එකේ පෝච්චිය හංගන්න වගේ මේකෙ ගෑනීව හංගන්න ඉන්න වෙනවා…හොද ආතල් එකේ මේ සීසන් එකත් එක සැරේම බලලා දාන්න පුළුවන් එපි 10ක් තියෙනවා..කියවිල්ල වැඩි නිසා කොමඩි වැඩී..එහෙනම් සීසන් 2 බලන්න. ඒක ගැණ මං ලොකුවට කිව්වෙ නෑ.. දෙයක් කියන්නම් අර වමනෙ කරපු බෝලෙට පණ එනවා කකුල් එක්කම!!

    Santa Clarita Diet දෙවනි කතාමාලාව අරගෙන එන්න අපේ උපැසිරැසි කණ්ඩායමේ අශේන් කවිදු,දිනෙත් සංදීප,පසිදු මදුරංග,ලහිරු උදයංග යන සහෝදරයන් එකතු උනා..ඉතින් එහෙනම් දෙවනි කතාමාලාව රසවිදල ඔයාලගේ අදහසුත් කියාගෙනම යන්නකෝ..ඉක්මනටම අවසන් කතාමාලාව වෙන තුන්වෙනි කතාමාලාවත් ඔයාලට අරගෙන එන්නම් එහෙනම්…

    එහෙනම් සීසන් 3 වලින් ඉක්මනටම හමුවෙමු..!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Santa Clarita Diet (2018) Season 02 සිංහල උපසිරැසි” Santa.Clarita.Diet.(2018).Season.02.Sinhala.Subtitle.rar – Downloaded 665 times – 180 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පළමු කතාමාලාවේ සිංහල උපසිරැසි

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    20 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. හමෝ..මෙක දෙනක බලගෙනන ඉදියේ..බොහෝම ස්තුතියි..
      ඊලග සීසන් එකත් ඉක්මනටම් ද දෙන්නා..
      බොහොමත්ම ස්තූතියි..

    3. thada thada!!! hammo meka denakan maga balagena hitiye bro. thanks mcn!!!!
      asama kellla “එහෙනම් සීසන් 3 වලින් ඉක්මනටම හමුවෙමු..!!! “

    Leave a Reply to Shehan randika jayathunga Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram