spot_img
spot_img
More

    Satyameva Jayate (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරන් ආවේ 2018 වසරේ නිකුත් උන සුපිරිතම ඇක්ෂන් හින්දි චිත්‍ර‍පටියක්…. මේ චිත්‍ර‍පටිය ගැන ගොඩක් දෙනා බලාපොරොත්තුවෙන් හිටියා වගේම ලොකු කතා බහටත් ලක් උනා. මොකද මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ අක්ෂේ කුමාර්ගේ GOLD චිත්‍ර‍පටිය නිකුත් වෙන දවසේමයි… අක්ෂේ හා ජොන් එබ්‍ර‍හම් කියන්නේ අතිජාත මිත්‍ර‍යින් දෙන්නෙක්… මේ දේ නිසා මේ දෙන්නාගේ මිත්‍ර‍ත්වයත් පළුදු උනා දෝ කියලා ඒ කාලේ මාධ්‍ය පවා වාර්තා කර සිටියා. ඒකට හේතුවක් උනෙත් ගොල්ඩ් චිත්‍ර‍පටිය ප්‍ර‍චාරණ වැඩ සටහන් වලදි අක්ෂේ විසින් මේ චිත්‍ර‍පටිය ඔහුගේ චිත්‍ර‍පටිය නිකුත් කරන දිනම නිකුත් කරනවාට පොඩි හින්ට් දෙක තුනකුත් ගහපු නිසා. කෙසේ උනත් ගොල්ඩ් චිත්‍ර‍පටියට වඩා බොක්ස් ඔෆිස් ආදායමක් තියන්න මේ චිත්‍ර‍පටිය සමත් උනා…. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය Milap Milan Zaveri විසින්. ඇත්තටම මොහුගේ කලින් චිත්‍ර‍පටි සේරම කොමඩි එවා… Mastizaade තමයි මැතකදි ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වු චිත්‍ර‍පටි වෙන්නේ. හැබැයි මොහු චිත්‍ර‍පටි රචකයෙක් විදියට මැත කාලයේ විශාල වශයෙන් ජනප්‍රිය උන Hate Story 4,Ek Villain,Ungli,Grand Masti චිත්‍ර‍පටි රචනා කරලා තියනවා…. මෙහි ප්‍ර‍ධාන නිලියගේ චරිතයට පනපොවන්නේ Aisha Sharma විසින්. ඇය අපි කවුරුත් හදුනන Neha Sharma ශර්මාගේ නැඟනියයි. ප්‍ර‍ධාන චරිත අපි කවුරුත් දන්න John Abraham හා Manoj Bajpayee රංඟනයෙන් දායක වෙනවා..

    චිත්‍ර‍පටිය ගැන කිව්වොත් නඟරයේ කවුරුන් හෝ පුද්ගලයෙක් දුෂිත පොලිස් නිලධාරින් ඝාතනය කරන්න පටන් ගන්නවා. ඝාතනය කරනවා විතරක් නෙමෙයි මරලා පුච්චනවා.. මේ නිසා මේ පාර බියට පත්වෙලා ඉන්නේ ජනතාව නෙමෙයි පොලිසියයි. කොපමණ උත්සහා කරාත් මේ මිනිමරුවා කවුද කියලා සොයාගන්න නම් මොවුන්ට බැරිවෙනවා. දිනෙන් දිනම මේ මිනිමරුවා පොලිසියට අභියෝග කරන්න පටන් ගන්නවා. මේ මිනිමරුවා ඇයි පොලිසියේ දුෂිත නිලධාරින් ඉලක්ක කරන්නේ වගේම පොලිසියට මොහුව කොටු කරගන්න පුලුවන්ද කියලා දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නැරඔුවොත් තමයි

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Satyameva Jayate (2018) සිංහල උපසිරැසි” Satyameva.Jayate.2018.Sinhala.Subtitle.rar – Downloaded 537 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram