spot_img
spot_img
More

    Savitri (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2016 වසරේ නිකුත්වුණ හරිම අපූරු ආදරණීය කතාවක් තමයි මේක. පැය දෙකක් පුරාවට දුවන මේ චිත්‍ර‍පටයට ගොඩක් දෙනා හොඳ ප්‍ර‍තිචාර ලබාදීපු එකක්.Nara Rohit හා Nanditha මෙහි ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙනවා.

    සාවිත්‍රි උපදින්නේම මංගල උත්සවයක නලා සද්දය අතරතුර. ඉතිං ඇයට පොඩි කාලේ ඉඳලාම හරි ආසයි කසාද වලට. ඇය ලොකු වෙනකොට ගෙදර අයට කියනවා ඇයට ගැලපෙන හොඳ මනාලයෙක්ව හොයලා දෙන්න කියලා. ඉතිං පවුලේ අය ඇයව කසාද බන්දන්න තීරණය කරනවා රිෂීට. ඒත් සාවිත්‍රිවත් රිෂීවත් මේ ගැන දන්නේ නෑ.

    ඇයට ශ්‍රිදී වලට යන අතරතුරේ රිෂීව හම්බවෙනවා. රිෂී ක්ෂණයකින් සාවිත්‍රිට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් සාවිත්‍රි කැමති වෙන්නේ නෑ ඔහුට මුලින්. කොහොමහරි දෙන්නා යන්න තියෙන කෝච්චිය මගහැරෙනවා. ඒ අතරතුර දෙන්නා කතා කරන්න පටන් ගන්නවා. රිෂී කියනවා පවුලේ අය ඔහුට කසාදයක් තීරණය කරලා තියෙනවා කියලා. ඒත් එයා ඒකට කැමති නෑ කියලා. ඒත් දැන් එයා වෙන කෙනෙකුට ආදරේ කරන්න පටන් අරගෙන කියලා කියනවා. පහුවෙලා තමයි රිෂි දැනගන්නේ සාවිත්‍රිව තමයි ඔහුට යෝජනා කලේ කියලා ගෙදරින්. ඔහු කරගත්ත වැරැද්ද තේරුම් අරගෙන සාවිත්‍රිගේ තාත්තා හමුවෙලා කරපු වැරැද්ද කියනවා. නමුත් තාත්තා ඔහුට දෙවැනි අවස්තාවක් දෙන්නේ නෑ. ඉතින් රිෂි සාවිත්‍රිගේ ගමේ නතරවෙන්න තීරණය කරනවා මාසයක්. ඒ මාසය ඇතුලත සාවිත්‍රිගේ ආදරයත් දිනාගෙන, ගෙදර අයගේ ආදරයත් දිනාගන්න පුලුවන් වේවිද? බලන්න චිත්‍ර‍පටය!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Savitri (2016) සිංහල උපසිරැසි” Savitri.(2016).Sinhala.Subtitle.rar – Downloaded 144 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram