spot_img
spot_img
More

    se7en (1995) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Seven කියන්නේ 1995දී තිරගත වුන ඇමරිකානු Crime/ Thriller ගනයට අයත් වන චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ David Fincher සහ තිර පිටපත Andrew Kevin Walker විසිනි. David Fincher යනු Fight Club, Gone Girl, Zodiac, The girl with the dragon Tatoo, The social network, panic Room වැනි ලෝ ප්රකට සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂ්ණය කළ අයෙකි. ඒ වගේම Se7en සිනමා පටයටත් IMDb 8.6 හිමිව ඇත. මෙම කතාවේ එන ප්‍රධානම චරිත වලට පණ පොවන්නේ හොලිවුඩයේ එදා පටන් අද වන තුරුම අති විශිෂ්ට ඝනයේ කලාකරුවන් ලෙස සැලකෙන Morgan Freeman (මෝගන් ෆ්රීමන්), Brad Pitt (බ්‍රැඩ් පිට්), Gwyneth Paltrow (ග්වෙයිනෙත් පැල්ට්‍රෝ),Kevin Spacey (කෙවින් ස්පේසි), John C. McGinley (ජෝන් මැගෙන්ලි) වැනි නළු නිළියන්ය.

    1995 සැප්තැම්බර් 22 New Line Cinema විසින් තිරගත කළ මෙම චිත්‍රපටය, සිනමා ශාලා 2,441 කින් ඇමරිකානු ඩොලර් මිලියන 13.9 ක ආදායමක් එහි ආරම්භක සති අන්තයේ ඉපයීමට සමත් වුනා. එය උතුරු ඇමරිකාවේ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 100.1 ක සහ අනෙකුත් රට වලින් ඇමරිකානු ඩොලර් මිලියන 227.1 ක ආදායමක් උපයමින් ඇමරිකානු ඩොලර් මිලියන 327.3 ක සම්පූර්ණ ආදායමක් ඉපැයීමට සමත් වූයේ, 1995දී වැඩිම ආදායම් වාර්ථාව තැබූ සහ 1995 ඇමරිකානු box office හි සති හතරක කාලයක් පළමු තැන රැඳී සිටීමට සමත් වූ චිත්‍රපටය බවට පත් වෙමිනි. තවද මෙම සිනමා පටය සම්මාන ගනනාවකට නිර්දේශ වූ අතර එයින් සමහරක් ජයග්‍රහණය කිරීමටද සමත් වී තිබෙනවා. 68 වෙනි Academy Awards (ඇකඩමි සම්මාන උළෙල) හි හොඳම සංස්කරණයයට නිර්දේශ වී ඇති අතර 49 වෙනි බ්‍රිතාන්ය Academy Film Awards (ඇකඩමි සිනමා සම්මාන උළෙල) හීදී හොඳම ස්වතන්ත්‍ර තිර පිටපතටද නිර්දේශ වෙලා තියනවා. 1996 MTV Movie Awards (MTV සිනමා සම්මාන) හි හොඳම තිරයේ සහකරුවන්ට Brad Pitt සහ Morgan Freeman නිර්දේශ වූ අතර හොඳම සිනමාපටයට හිමි සම්මානයත්, හොදම දුෂ්ටයාට හිමි සම්මානය Kevin Spacey ත්, ආකර්ෂණීයම නළුවාට හිමි සම්මානය Brad Pitt ත් දිනා ගැනීමට සමත් වුනා. 22 වෙනි Saturn Awards (සැටන් සම්මාන උළෙල) හිදී හොඳම ක්‍රියාදාම චිත්‍රපටයටද, හොඳම අධ්‍යක්ෂණය (David Fincher) ටද, හොඳම නළුවා (Morgan Freeman) ටද, හොඳම සහය නිළිය (Gwyneth Paltrow)ට සහ හොදම සංගීතයට (Howard Shore) සඳහා නිර්දේශ වූ මෙම සිනමා පටය, හොදම තිර රචකයාට( Andrew Kevin Walker) හිමි සම්මානයත් හොඳම වේශ ගැන්වීමට (Jean Ann Black, Rob Bottin) හිමි සම්මානයත් දිනා ගැනීමට සමත් වුනා.

    මේ වගේ සංකීර්ණ සිද්ධන්තායක් මත ගොඩ නැගුනු චිත්‍රපටයක් ඉතාමත් නිවැරදි විදියට උපසිරැසි ගැන්වුනේ නැත්නම්, මේ කතාවේ තියන රසය සහ හරය ඇත්තෙන්ම කෙනෙකුට ලබා ගන්න අපහසුයි. ඒ නිසාමයි මේක තිරගත වෙලා අවුරුදු 25කට පස්සේ වුනත් මේ වගේ විශිෂ්ට නිර්මාණයක් ආපහු සිංහලයට පරිවථනය කරන්න මම පෙළඹුනේ. ඇත්තටම මේක තිරගත වෙලා තියෙන්නේ මම යාන්තං බහ තෝරන කාලෙ, ඒත් මේ සිනමාපටය පරම්පරා කිහිපයකට පස්සෙත් මම වගේම රස විඳින තව කෙනෙකුට පොඩි හරි උදව්වක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මේක බලලා තිබුනත් චිත්‍රපටය ඇතුලෙ නොතේරුන සමහර දේවල් තිබුනා නම් වඩාත් හොදින් මේක තේරුම් ගන්න මගෙ උත්සහය පිටිවහලක් වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. මේ කතාව අපරාධ පරීක්ෂකයන් දෙන්නෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ, නමුත් මොවුන් එක්ක හැප්පෙන අපරාධ කාරයා අති දක්ෂයෙක් උගතෙක්. හරියටම කිව්වොත් උගත් පිස්සෙක්. එහෙම කියන්නේ සාමාන්ය මිනීමරුවෙක්ට වඩා ගොඩක් දරුණු විදියට, හිතක් පපුවක් නැති විදියට තමයි මෙයා මේ මිනීමැරුම් කරන්නේ. අනික මෙයා කරන දේවල් වලට ලොකු තේරුමක් තියනවා. හැම මිනීමැරුමකම පණිවිඩයක් තියනවා. කතාවට කියනවනෙ ශ්‍රද්ධාව වැඩි වුනාම ප්‍රඥාව නැති වෙනවා කියලා. මේ අපරාධ කාරයත් ඒ වගේ කිව්වොත් හරිත් නැහැ වැරදිත් නැහැ. එහෙම කියන්න හේතුව, මේ මිනීමාරුවා කරන දේවල් අමානුශිකයි වගේම ඒවා සාධාරණීකරණය කරන්න ඉතාමත් හොඳ තර්කයක් ඔහු සතුව තියනවා. අනෙක් අතට මේකෙ විශේෂත්වෙ තමයි එදා ඉඳලා අද වෙනකන්ම අපි ජීවත් වෙන සමජය ඇතුලෙ වෙන දේවල්, අපි වැරදියි කියලා දැනගෙනත් අහක බලන දේවල් ගැන පුළුල් විග්රහයක් එක්කම ඒක ගැන ප්‍රශ්ණාර්ථයක් ඉතිරු කරන්න මේ සිනමාපටය සමත් වෙලා තියනවා. කතාව ගැන මීට වඩා විස්තර කිව්වොත් වැඩක් නැති වෙනවා.ඒත්, මේකෙදි එක දෙයක් පැහැදිලිව කිව යුතුයි. සිනමාපටය ඇතුලත මේ දේ ගැන සවිස්තරාත්මක විග්‍රහයක් නැති නිසා මෙතනදි ඒක ගැන මම කියන්නම්. මේක කතෝලික දහමේ එන සිද්ධාන්තයක්, ඉතින් කතෝලික වේවා හෝ නොවේවා මේක දන්න නොදන්න හැම කෙනෙකුම මේක ගැන දැනගෙන හිටියොත් චිත්‍රපටය තේරුම් ගන්න ඉතාම පහසු වෙනවා. කතොලික විශ්වාසයක් තියනවා “ශුද්ධ ගිනි ස්ථානය” කියලා. ඒක ගැන කිව්වොත්; පාරාදීසය නැත්තන් ස්වර්ගයට යන්න කළින් මෙතනදි තමයි පව්කාර ආත්මයන් පිරිසිඳු කරන්නේ. ඉතින් මේ ශුද්ධ ගිනි ස්ථානයේ තට්ටු හතක් තියනවා, වෙන විදියකින් කිව්වොත් පව් හතක් තියනවා. මෙතනදී තමන්ගේ පාපයේ විදියට තමන්ට දඬුවම් ලැබෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. පෞරානික ලිපි සමහරක මේකෙ තියන පිළිවෙල වෙනස් විදි වලට පෙන්වලා දුන්නත්, මේ හතේ වෙනසක් නැහැ. ඒ වගේම තව වැදගත් දෙයක් දැනගත යුතුයි. ඒ තමයි මේ පාප හත නැති කරලා දාන ගුණාංග හතකුත් තියන බවයි විශ්වාස කරන්නේ. පල්ලෙහා වම් අත පැත්තේ පාපය සඳහන් කරලා තියනවා, දකුණු අත පැත්තේ ගුණාංගය සඳහන් කරලා තියනවා.

    1. උඩඟුව – නිහතමානීකම
    2. ඊර්ෂ්‍යාව – කරුණාව
    3. කෝපය – නිහඬබව
    4. අලසකම – උද්යෝගය
    5. තණ්හාව – දන්දීම
    6. කෑදරකම – මිතාචාරය
    7. රාගය – පතිවත

     

    මේ කතාවේ අවසානය හිතාගන්න බැරි විදියකට තමයි වෙන්නේ. ඒත් මේ හත ගැන දැනගෙන චිත්‍රපටය බැලුවොත් එහෙම වුනේ ඇයි කියලා ඔයාලට තේරෙයි.

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” se7en.1995.Sinhala.subtitle.rar – Downloaded 902 times – 45 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ඇන්ජෙලා කුමාරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram