spot_img
spot_img
More

    Sekigahara (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න මාස තුනක විතර නිවාඩුවකින් පස්සෙ උපසිරැසියක් අරගෙන ආවා අපේ සිනමා රසිකයින් වෙනුවෙන්. මෙදා පාර හොලිවුඩ් පැත්තෙන් හිරු නැගෙන රට පැත්තට ආවා වෙනසකටත් එක්ක. ඇත්තටම මේ කරන්න හිතාගෙන හිටිය එකක් නෙමෙයි. මේ චිත්‍රපටියෙ හොඳ පිටපතක් අන්තර්ලජාලයට නිකුත් වෙලා ටික කාලයක් වුණත් උපසිරැසියක් ආවෙ නැති නිසා අපේ ඇඩ්මින් සහෝදරයගෙන් ඇහුවා කවුරුවත් මේක කරන්නෙ නැද්ද කියල. එයාගෙ පිළිතුර අනුව තමයි මම මේක කරන්න බාර ගත්තෙ. වල් පල් නැතිව චිත්‍රපටයෙ විස්තර ටිකක් පහලින් සඳහන් කරන්නම්. ඊට පස්සෙ බාගෙන බලන්න තමා තියෙන්නෙ.

    SEKIGAHARA කියන්නෙ 2017 වර්ෂයෙ ජපානයෙ නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් ජපන් ඉතිහාසයෙ සිදු වුණ යුද්ධයක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කර තියෙන්නෙ. සෙකිගහරා සටන ක්‍රි.ව. 1600 ඔක්තෝබර් මාසෙ 21 වෙනිදා ජපානයේ සෙකිගහරා නම් ප්‍රදේශයේ ඇති වූ මහා යුද්ධය මෙනමින් හැඳින්වෙනවා. ටොකුගාවා ඉයාසු හට ටොයොටෝමි වංශයේ සහ ඩයිම්යො වංශයේ බලය තහවුරු කරගැනීම සඳහා මෙම සටන දියත් විය. ජපන් යුද ඉතිහාසයේ එක් දිනක් තුල සිදු වූ විශාලතම මනුෂ්‍ය ඝාතනය සිදු වූ යුද්ධය ලෙස එරට ඉතිහාසයේ ලියැවෙනවා. මෙම සටනින් ඉහත සඳහන් දිනයේ දී මිය ගිය මුළු සංඛ්‍යාව 32000 ක් ලෙස දැක් වෙනවා. මෙම සටනින් ටොකුගාවා ඉයාසු ජය ලබනවා. ඔබට මේ පිළිබඳ වැඩි විස්තර විකිපීඩියාවෙන් බලා දැනගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ මේ නැරඹීමට සූදානම් වන්නෙ මානව සංහතියේ තවත් එක් අඳුරු ව්‍යසනයක දෘශ්‍ය කාව්‍යයි. ජීවත් වෙලා ඉන්න මේ ටික කාලෙ මිනිස්සු මොනවා බෙදාගන්න මේ හැටි එකිනෙකා මරාගන්නවද? ඇයි මිනිස්සුන්ට මේ සරල යථාර්තය අවබෝධ කරගන්න බැරි? මේ වගේ ප්‍රශ්න ඔබේ සිතටත් නැගේවි මේ චිත්‍රපටය නැරඹූ පසු… එහෙනම් තව චිත්‍ර‍පටියකින් හමුවෙන්නම්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Sekigahara (2017) සිංහල උපසිරැසි” Sekigahara.2017.Sinhala.Subtitle.rar – Downloaded 240 times – 52 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram