spot_img

Shaitan (2023) 1 සිට 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Shaitan (2023) Sinhala Subtitle

 

තමන්ගෙ දරුවන්ව පෝෂණය කරන්න ඕනෙ නිසා,
ඔවුන්ව අත් හැර දමන අම්මලා අතරෙ,
තම ඇඟ විකුණලා හරි දරුවන්ට කන්න අදින්න දෙන,
අම්මාලා කවදාවත් තමයින්ගෙ ළමයින්ගෙ සමාව ගන්න ඕනෙ නැහැලු.

ඔන්න එහෙනම් අපි තවත් කථාමාලාවක් අරගෙනයි ආවේ. මේක නම් ටිකක් වයලන්ස් ටයිප් එකේ එකක්. කථාවෙ නම තමයි Shaitan (යක්ෂයා). මේක Crime, Thriller ෂාරණයන්ට අයත් වෙන තෙළුඟු කථා මාලාවක්. ට්‍රෙන්ඩින් වන් පවා උන කථාමාලාවක් තමයි මේක.

කථාව පැත්තට ආවම, අනියම් සම්බන්ධයක් පවත්වමින් සිය දරුවන්ට කන්න අදින්න දෙන අම්මෙක් සහ ඒ ළමයින්ගෙ වැඩීමත් එක්ක අම්මගෙ රැකියාව බලන් ඉන්න බැරි නිසා රැකියා සොයා ගියත් ඒ ළමයින්ට හැමතැනින්ම අවනම්බු විදින්න වෙන්නෙ අම්මගෙ රැකියාව නිසයි. යන හැම තැනකින්ම අම්මට නම් රස්සා දෙන්න පුළුවන්. අම්මා “එපා, ඇතී” කියලා කෑගහනකම්ම දෙන්න පුළුවන් හැබැයි උඹලට දෙන්න විදියක් නෑ කියලා පන්නනවා.

ඉතිං කිසිම රස්සාවක් නැති නිසා එළුවෙක්ගෙ බෙල්ල කපන එකෙන් පටන් ගත්තු එක ළමයෙක් අවසානයේ සල්ලි වලට ඕනෙම වැඩක් කරන අයෙක් බවට පත් වෙනවා. මේ පවුලෙ තව ළමයි දෙන්නෙක් ඉන්නවා. එක කොල්ලෙක් මිට්ටෙක් වගේම අනික් කෙනා කෙල්ලක්.

කොටයි උසයි කියලා නෑ මේ මුළු පවුලම එක විදියක දරුණු අය. කාගෙහරි බෙල්ලක් කපන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑ.. කපලා අත උඩින්ම තියනවා. ඉතිං මෙහි එක් එක් කොටස පුරාවටම බොහෝ සිද්ධි එක්ක මේ කථාව ගලන් යනවා.

මේ මුළු කථාවම අපිට කියන්නේ මැරෙන්න යන මොහොතක ඉන්න මේ පවුලෙම ලොකු පුතා වෙන විජෙයි. ඇයි ඔහු මැරෙන්න වැටිලා ඉන්නෙ කියලා පෙන්වන එක තමයි අපිට මෙසේ කුතුහලයෙන් බලන්න මෙහි දක්වලා තියෙන්නේ.

එහෙනම් ඉතුරු කොටස් 4ත් අරන් එක්මණින් එන්නම්. ජය!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram