today-is-a-good-day
More

    Shazam Fury of the Gods (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Shazam Fury of the Gods (2023) Sinhala Subtitle

     

    මම හිතනවා හැමෝම Shazam! (2019) බලලා ඇති. ඒකේ දෙවෙනි කොටස විදියට, තව චිත්‍රපටියක් නිකුත් කෙ‍රුණා මේ අවුරුද්දේ. ඒ තමයි Shazam! Fury of the Gods (2023) චිත්‍රපටිය. පළවෙනි එකේ ඉදිරි දිගහැරුමක් කියලා කිව්වත්, ඒක නොබලපු අයට වුනත් මේක රසවිඳින්න ලොකු බාධාවක් නෑ කියලා කියන්න ඕනේ. Warner Bros. Pictures වෙනුවෙන් තමයි මේ චිත්‍රපටියත් නිර්මාණය වුනේ. Box office $128.2 million ක ආදායමක් ලබා ගත්තා කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ.

    චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කලේ David F. Sandberg විසින්. චරිත සියල්ල DC කාටූන් චරිත. රඟපෑමෙන් දායක වෙනවා Zachary Levi සහ Asher Angel (බිලි බැට්සන්), Jack Dylan Grazer සහ Adam Brody (ෆ්‍රෙඩී ෆ්‍රීමන්), Rachel Zegler (ඈන්තියා), Lucy Liu (කැලිප්සෝ) ඇතුළු පිරිසක්.

    චිත්‍රපටිය ලබාගෙන තියෙන රේටිං ගැනත් වචනයක් දෙන්නම්. තවම නිතුක් කරලා වැඩි දවසක් නැති වුනත්, මේ ලිපිය ලියන මොහොත වෙනකොට, Rotten Tomatoes 50%, Google users 87%, IMDb 6.2 වගේ ලබාගෙන තියෙනවා.

    කතාවත් කෙටියෙන් කියන්නම්. කලින් චිත්‍රපටි‍යේ බිලි බැට්සන් කියන පොඩි පිරිමි ළමයාට, සියුස් දෙවියන්ගේ බලය ලැබිලා, ඒකෙන් සතුරන්ට එරෙහිව සටන් කරනවා. අන්තිමේදී එයා එයාගේ පවුලේ අය හැමෝටම, සුපිරි බලයක් ලබාදෙනවා. මේ තමයි මේ කතාවේ ආරම්භය. ඇට්ලස් දෙවියන්ගේ දියණියන් සූදානම් වෙනවා, මේ බලය ආපහු අරගන්න. මිනිස්සුන්ගෙන් පලිගන්න. ඒක කොච්චර දුරට සාර්ථකද කියලා දැනගන්න, මේ කතාව බලන්නම වෙනවා. එහෙනම්, මේ සිංහල උපසිරැසිය අරගෙන චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Shazam Fury of the Gods (2023) සිංහල උපසිරැසි” Shazam.Fury.of.the.Gods.(2023).Sinhala.Subtitle.rar – Downloaded 5221 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Leave a Reply to Buddhika laKMal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram