spot_img
spot_img

Sister Death (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sister Death (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 27 වෙනිදා NETFLIX හරහා නිකුත් උනු Sister Death එහෙම නැත්තම් Hermana Muerte කියන සුපිරි ස්පාඤ්ඤ හොරර් චිත්‍රපටයයි

මේක තවත් සරල විදිහට අපි කියනවා වගේ හොල්මන් චිත්‍රපටයක් නෙවෙයි ඊට වඩා ලොකු තේරුමක් තියෙන ඇහැ අහකට ගත්තොත් ගොඩාක් දේවල් මිස් වෙන තේරුම් ගන්න බැරි වෙන විදිහෙ ඔලුව පටලවන Mystery ෆිල්ම් එකක් මේක මේ වෙද්දි 6 / 10IMDB අගයක් වගේම 75%ක කුණු තක්කාලි අගයක් අරන් තියෙනවා ….

මේක අධ්‍යක්ෂණය කරන්නෙ සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Paco Plaza විසින් මේකේ නිශ්පාදන සමාගම වෙන්නෙ El Estudio සමාගමයි මෙම චිත්‍රපටය 2017 දී Paco Plaza ගේම අධ්‍යක්ෂණයෙන් තිරගත උනු Veronica චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් කොහොම උනත් නවීන පන්නයේ තාක්ෂණය භාවිතා කරලා ඒ චිත්‍රපටයේ අඩු පාඩු මකලා ලස්සනට ෆිල්ම් එක කරලා තියෙනවා ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය ව්දීහට සුරන්ගනාවියක් වගේ ලස්සන Aria Bedmar තමයි ඉන්නෙ එයාගෙ රූපෙයි රඟපෑමයි නිසා චිත්‍රපටයට අමුතුම ආකර්ෂණයක් ලැබිලා තියෙනවා ….

එහෙනන් කතාව පොඩ්ඩක් කියන්නම් ….

දෙවන ලෝක යුද්ධයෙන් බැටකාපු කන්‍යාරාමයක් තියෙනවා ස්පාඤ්ඤයේ ඉතින් මේ කන්‍යාරාමය ටිකක් පරණයි ලොකු ලොකු අභිරහස් ගොඩාක් තීනවා මේ කන්‍යාරාමයේ කලින් ලමයින්ට ඉගැන්වීම් කරපු ගුරුවරිය අතුරුදහන් වෙනවා ( සිස්ටර් ඉනෙස් ) ඊටපස්සෙ මේ කන්‍යාරාමයේන් රදගුරුතුමන්ට කරපු ඉල්ලීමකින් මේ කන්‍යාරාමයේ අලුත් ගුරුවරිය විදිහට අපේ ප්‍රධාන චරිතය එනවා ( සිස්ටර් නර්සිසා ) එතනින් පස්සෙ වෙන්නෙ මොකද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා …

මුල ඉඳලම එක දිඟට තේරුම් අරන් බලන්න ඕනේ නැත්තම් චිත්‍රපටය තේරෙන්නේ නෑ සංකීර්ණ භාශාවක් සරල විදිහට ඔයාලට තේරුම් ගන්න පුලුවන් විදිහට මගේ උපරිමයටම මම සිංහලයට පරිවර්තනය කළා සමහරක් අපහැදිලි යාඤා කොටස් එච්චරම වැදගත් නොවන නිසා එම කොටස් වලට උපසිරැසි නොකර තේරුම් ගන්න පුලුවන් විදිහට සරලව උපසිරැසිය කළා ඒනම් බලන්න හැමෝම ඊළඟ උපසිරැසයෙන් හම්බෙමු …..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Sister Death (2023) සිංහල උපසිරැසි” Sister.Death.2023).Sinhala.Subtitle.rar – Downloaded 1430 times – 432 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram