More

    Sisu (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sisu (2023) Sinhala Subtitle

    1944 කාල පරිච්ඡේදෙදි ෆින්ලන්තයයි- සෝවියජ් යූනියන් (රුසියාව) එකයි අතරේ යුධ වාතාවරණයක් වුනා.කලක් තිස්සෙ ඉදලා එන යුධයක් මේක. “වින්ටර් වෝර්” කියලා කියන්නේ මේ දෙපාර්ශවයේ වුණු පළමු වන යුද්ධය. ඉතිං ඔහොම ඉද්දි මේ දෙරට විසින් “මොස්කව් සටන් විරාමය” ට අත්සන් තැබුවා.

    ~මොස්කව් සටන් විරාමය ~
    මොස්කව් සටන් විරාමය යනු දෙවන ලෝක යුද්ධ සමයේදී ෆින්ලන්තය සහ සෝවියට් යූනියනය අතර 1944 සැප්තැම්බර් 19 වන දින අත්සන් කරන ලද සාම ගිවිසුමකි. එය 1941 සිට 1944 දක්වා දෙරට අතර පැවති අඛණ්ඩ යුද්ධයේ අවසානය සනිටුහන් කළේය.

    සටන් විරාම කොන්දේසි යටතේ, ෆින්ලන්තය නාසි ජර්මනිය සමඟ ඇති සබඳතා අත්හැරීමට සහ ජර්මානු හමුදා තම භූමියෙන් නෙරපා හැරීමට එකඟ විය. ෆින්ලන්ත රජය ද සෝවියට් යූනියනයට වන්දි ගෙවීමට එකඟ වූ අතර සමස්ත Karelian Isthmus, Ladoga Karelia වගේම Repola සහ Porajärvi නගර සභා ඇතුළු සමහර භූමි ප්‍රදේශ පවරා දීමට එකඟ විය. මීට අමතරව, හෙල්සින්කි අසල පෝක්කාල ප්‍රදේශය වසර 50කට හමුදා කඳවුරක් ලෙස කල් බද්දකට දීමට සෝවියට් සංගමයට (යූනියනය) අයිතිය හිමි විය.

    ඉතිං මේ ගිවිසුම මගින් ෆින්ලන්තේ ඉන්න නසීන්ව ලැප්ලෑන්ඩ් වලින් පලවා හරින්න ඕනේ කියලා කොන්දේසියක් තිබුණා. ඉතිං ෆින්ලන්තෙ විසින් ලැප්ලැන්ඩ් වල ඉදපු නාසින්ව එලවා දමන්නට පටන්ගත්තා. ඉතිං එහෙම පැනලා යද්දි නාසීන් නිකන් හිටියේ නෑ. ඔවුන් scorched-earth කියන උපක්‍රමය පාවිච්චි කලා.

    Scorched-Earth policy.

    Scorched-Earth ප්‍රතිපත්තිය කියන්නේ පසුබැස යන හමුදා ඉදිරියට යන සතුරාට වටිනාකමක් ඇති ඕනෑම දෙයක්
    විනාශ කරන හෝ භාවිතයට ගත නොහැකි වන විදියට විනාශ කරලා දාන යුධ උපාය මාර්ගයක්. මෙයට යටිතල පහසුකම්, සම්පත්, භෝග, ගොඩනැගිලි සහ වෙනත් වත්කම් වගේ දේවල් ඇතුළත් වෙනවා. මේ වගෙ ප්‍රතිපත්තියක පරමාර්ථය වෙන්නේ අල්ලා ගත් භූමියෙන් සතුරාට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව නැති කිරීම සහ උපරිම හානියක් හා බාධාවක් ඇති කිරීමයි.

    ඉතිං ඒ නිසා මේ නාසින් පැනල යද්දි ඔවුන්ගේ මාර්ගයෙදි හමුවන හැම දෙයක්ම ගිණි තබා විනාශ කලා.

    ———————————————————————————————–
    ———————————————————————————————–

    ඔන්න එහෙනම් දැන් තමයි අපේ චිත්‍රපටයේ කථාව ඇරඹෙන්නේ. මෙහෙම පලා යන නාසින් 30 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමකට මඟදි එක වයසක මනුස්සයෙක්ව හම්බවෙනවා. ඔහුව අල්ලගෙන චෙක් කරලා බලනකොට ඔහුගේ මළු පිරෙන්නම රත්තරං. ඉතිං මේ නාසි හමුදා පිරිස ඔහුගේ රත්තරං ටික අරගෙන ඔහුව මරල දාන්න තමයි යන්නේ. ඒත් වෙන්නෙ නොහිතපු විදියට මේ නාකි මනුස්සයා අතින් නාසි භටයින් 7ක් දෙනෙක් මරණයට පත් වෙනවා.

    පස්සෙ නාසි භට පිරිසේ අයට අර නාකි සීයගෙ ඩෝග් ටැග් එක හම්බවෙනවා. ඒ කියන්නෙ හමුදාවෙ අය අර බෙල්ලෙ දාන් ඉන්නේ ඔවුන්ගේ නම, ලේ වර්ගය, හමුදා කාණ්ඩය වගේ තොරතුර සටහන් කරලා තියෙන මාලය. ඉතිං මේ ටැග් එකේ තියෙනවා, මොහු ෆින්ලන්ත කමාන්ඩෝ බටයෙක් කියලා. ඉතිං ඊට පස්සෙ මේ නාසීන් ඔවුන්ගේ ජෙනරල්ව සම්බන්ධ කරගෙන විස්තර අහනවා. එතකොට ඔහුගේ ප්‍රතිචාරය මෙහෙම එකක් වුනා.

    “”ඌ උඹලට සෙල්ලම් දාන්න හොඳ ජාතියේ මනුස්සයෙක් නෙවෙයි. උඹලගෙ වාසනාවට උඹලා තවම ජීවතුන් අතර ඉන්නේ. ඌ ඇවිල්ලා තනි මාරාන්තික සේනාවකට සමාන මිනිහෙක්. රුසියානුවන් අතින් උගේ පවුලෙ අයයි ගෙදරයි විනාශ වුනාම ඌ තනිකරම වියරු වැටුනා. පළිගැනීම සහ කෲරත්වය ඔහුව අරක්ගත්තා. ඉතිං ඌව පාලනය කරගන්න බැරි වුන නිසා ෆින්ලන්තය විසින් ඌව “තනියමම” ලැප් ලෑන්ඩ් පාළුකරයට එව්වා නාසි පිරිස්ව පලවා හරින්න කියලා. ඌට රුසියානුවො කියන්නේ “නොමියෙන මිනිසා” කියලා. ඒ නිසා උඹලා උගේ පස්සෙන් නොයා වරෙල්ලා”” කියලා.

    ඒත් ඉතිං මේ නාසි පිරිස ඕවා ගනන් ගත්තෙ නෑ. උගෙන් පළිගන්න හිතන් උගේ පස්සෙන්ම ගියා. ඉතිං මේ නාකි මනුස්සයව මරන්න ගිය භට පිරිසට කිනම් ඉරණමක් අත් වේද කියලා ඔයලාම බලන්න. මේක ටිකක් ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් චිත්‍රපටයක් නිසා, සංවේදී අය බලන්න එපා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Sisu (2023) සිංහල උපසිරැසි” Sisu.(2023).Sinhala.Subtitles.rar – Downloaded 3515 times – 8 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

      Ikmanin sub eka dunnata godak pin……..!

    2. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

    3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    4. උපසිරැසියට බොහොම ස්තූතියි 🙏
      මේකෙ Idx tv සබ් එකනම් නෑ..ඒක දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

    Leave a Reply to Arawinda Sunimal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram