spot_img
spot_img

Solo (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගොඩක් අය බලන් හිටපු මේ ටිකේම ඉල්ලපු චිත්‍රපටියකට උපසිරස තමා මේ අරන් එන්නේ Dulquer Salmaan, Dhanshika, Neha Sharma, Sruthi Hariharan, Arthi Venkatesh යන අය නළු නිලියෝ විදියට රඟපානවා. ඒ වගේම IMDb 7 අගයකුත් අරන් තියෙනවා මේ කතාවට. මේ චිත්‍රපටියේ අපි දකින විදිහේ එකම කතාවක් නැහැ. තියෙන්නේ කතා 4ක්. ඒ වගේම ඒ කතා 4ම ගොඩක් ලස්සනයි මට නම් දැනුනේ.

1. ශේකර්ගේ ලෝකය

ශේකර් විශ්ව විද්‍යාලේ ඉන්න ගොත ගහල කතා කරන සිසුවෙක්. එයාගේ යාලුවෙක් රාධිකා කියන අන්ධ ගෑනු ළමයාට කැමතියි. ඒ වගේම තව කෙනෙකුත් රාධිකාට කැමතියි. ඉතින් ශේඛර් ඒ ගෑනු ළමයාගෙන් අහනවා ඒ ගැන එතකොට රාධිකා කියන්නේ වෙනස්ම උත්තරයක්.

2. ත්‍රිලොක්ගේ ලෝකය.

ත්‍රිලොක් කියන්නේ අයිෂා එක්ක ලඟදි විවාහ වෙලා කඳුකර පැත්තකට ජිවත් වෙන්න ආපහු දෙන්නෙක්. එහෙම ඉන්නකොට දවසක් අයිශාව වාහනෙකින් හප්පගෙන් යනවා‍ බයිසිකලේ ගමන් කරද්දී. ඒ වාහනේ හිටිය අය බීලා හිටපු නිසා අයිශාගේ ජිවිතේ බේරගන්න හදන්නේ නැතුව මහමඟ දාල යනවා. ඒ ඔක්කොම දුරකතනෙන් සම්බන්ද වෙලා හිටිය ත්‍රිලොක් අහගෙන ඉන්නේ.

3. ශිවාගේ ලෝකය.

ශිවාගේ අම්ම එයාවයි මල්ලිවයි දාල වෙන කෙනෙක් එක්ක යනවා ශිවාගේ තාත්ත එක්ක ඉන්න බැහැ කියල. පස්සේ ශිවාත් ගෙදරින් යනවා. ඒ ඔක්කොම දේවල්වල පීඩනය‍ශිවාගේ තාත්ත සපුරා ගන්නේ මල්ලිට ගහලා. දවසක් නොදන්නා අයෙක් ශිවාලගේ තාත්තාව මරනවා.

4. රුද්‍රගේ ලෝකය.

රුද්‍රා කියන්නේ හමුදාවට බැඳෙන්න ඉන්න ශිෂ්‍ය භටයෙක්. එයා යාළුවෙලා ඉන්නේ බ්‍රිගේඩියර් කෙනෙක්ගේ දුවෙක් වුන අක්ෂරා එක්ක. හැබැයි පවුල්වලින් මේ ආදරේට කැමති නැහැ වැඩිය.‍ඒත් මෙයාල මේක නවත්තන්නේ නැති නිසා අක්ෂරාව ගෙදරින් පිටරට යවන්න හදන්නේ. එයා රුද්‍රාට මොනවත් නොකියාම යන්න යනවා. ඒක දරාගන්න බැරිව අක්ෂරා ගිය රටට‍ රුද්‍රාත් යනවා. ඒත් අක්ෂරා එයාට මුණ දෙන්නේ නැහැ. ඉතින් මං මේ කෙටියෙන් කියපු කතා 4 අවසානය මොකක්ද කියල බලන්න මං ඔයාලට ආරාධනා කරනවා.

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

Download “Solo (2017) සිංහල උපසිරැසි” Solo.(2017).Sinhala.Subtitle.rar – Downloaded 4006 times – 39 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram