More

    Kumbalangi Nights (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කලපුවක තියෙන පුංචි ලස්සන ගමක්…එකිනෙකා මරාගන්න සහෝදරයො හතර දෙනෙක්.. ඔළුව පිස්සු වට්ටන තරම් ලස්සන පරිසරයක හැදුන නියම කතාවක් බලන්න ආසද.? එහෙනම් මෙන්න තෝරගන්න..

    මලයාලම් ෆිල්ම් කාරයො මැජික් පෙන්නනව කියල අපි හැමෝම කතාවෙන දෙයක්. ඒත් නිකමට හිතල බැලුවොත් අපි මෙච්චර කාලෙකට බලපු ෆිල්ම් වලදි ස්පර්ශ නොකරන අපේ ජීවිතයට අතිශය සමීප, අපි ආදරය කරන කථා තේමාවන් තමයි ඒ මැජික් එකට හේතුව කියල ඔබට දැනේවි. කෙටියෙන්ම කියනවනම් මලයාලම් ෆිල්ම් වල ලියැවෙන්නෙ අපේ ජීවිතයයි. ❤️

    පවුලක දරුවො වැඩිවෙන තරමට උං අතර ගහ මරාගැනීම් වැඩි වෙන එක සාමාන්ය දෙයක්. ඒත් පොදු ගැටළුවකදි හැමෝම එකතුවෙන එකත් ඒ වගේම සාමාන්යයි. මේක තමයි සහෝදරකම.මේ කියන්නෙ තමන්ගෙ මවුපියන් නැතිව ජීවිතේ ගෙනියන සජී, බොබී, බොනී සහ ෆ්රැන්කි කියන සහෝදරයො හතර දෙනෙක්ගෙ හීන, බලාපොරොත්තු, ගැටුම් සහ ආදරය ගැන කියැවෙන ලස්සන කතාවක්.

    චරිත හතරම එකෙක්ට එකෙක් පට්ට වෙනස්. තියෙන එකම සමානකම හතරදෙනාගෙම මාළු ඇල්ලිල්ල විතරයි. සජී කියන්නෙ හොයන සතේ විතරක් නෙවේ යාළුවගෙ සල්ලිත් වියදම් කරගෙන බොන එකෙක්. බොනී ඩාන්සින් වලට ආස කරන ඒව උගන්නගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න, පොඩිම මල්ලිට පට්ට ආදරේ කරන චරිතයක්. බොබී කියන්නෙ ජොබ් එකක් නැතුව ඔහෙ ලකා ගහන ඉංග්රීසි සින්දු අහන එකෙක්.

    හැම පවුලකම ඉන්නව ටිකක් හරි හොඳට ඉගෙන ගන්න එකෙක්. ෆ්රැන්කි කියන්නෙ මේ පවුලෙ එහෙම එකා හෙවත් බාලයා. අයියලාට කරදරයක් නොවී ශිෂ්යත්වයකුත් හදාගෙන හොඳ ඉස්කෝලෙක ඉගෙනගන්න ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක්. මෙයාගෙන් තමයි කතාව පටන්ගන්නෙ.

    පොඩිම එකා ඇරෙන්න අනික් තුන් දෙනාගෙ ජීවිතේ මහ අරමුණක් නෑ. කනව, ඊට වැඩිය බොනව මරාගන්නව විතරයි. ඒත් මේ තුන්දෙනාගෙම ජීවිත සම්පූර්ණයෙන් හරවන එක දෙයක් තියෙනව..

    ඒ තමයි ආදරය ❤️❤️❤️❤️❤️

    සජී ආදරේ හොයාගන්නෙ තමන්ගෙ තාත්ත වගේම දරුවෙකුත් එක්ක තනි වුණ තමන්ගෙ යාළුවගෙ බිරිඳව ගෙදර අරන් ඇවිත්. ඒක දිග කතාවක්.

    බොනීට හම්බවෙන ආදරේ වෙනස්ම එකක්.

    කිසි ජොබ් එකක් නැතුව ලකා ගගහ හිටිය බොබී??? ඒ ආදරේ තමයි බොබීව ට්රැක් එකට දාන්නෙ. ඒ වගේම ඒ ආදරේට අර කලින් මරාගත්තු සහෝදරයො තුන් දෙනා දෙන සපෝට් එක සහෝදරකම ගැන ලස්සන පාඩමක් කියල දෙනවා. ඒ වගේම බොබීගෙ කතාවෙදි රැකියා වල උස් පහත් බව කියන සාධකයට හීනියට පහරක් ගහන්න රචකයා සමත් වෙනව.

    මේ කතාව ලස්සන කරන චරිතය තමයි ශම්මි හෙවත් fahaadh faasil. ශම්මි කියන්නෙ රස සාගරයක්. මේ ෆිලුමෙදිත් ඔහු තමන්ගෙ චරිතය අති දක්ෂ විදියට හසුරුවනව. ඔහුගෙ චරිතය ගැන කිව්වොත් ෆිල්ම් එකේ රසය නැතිවෙනව. බලල නැති අය බලන්න. එතකොට තේරේවි. එක දෙයක් කියන්නම්.. අලුත් පවුලකට ඇවිත් ඔහු තමන්ගෙ ආධිපත්යය හීන් සීරුවෙ පතුරවන හැටි හොඳට බලන්න. ඒක මාර විදියට විඳින්න පුළුවන් 😊😊

    මේ ෆිල්ම් එකෙත් සටන් තියෙනව. හැබැයි අර ඩිෂුම් ඩිෂුම් ගාන අධි තාත්වික ඒව නෙවේ. අපි සැබෑ ජීවිතේ දි දාගන්න විදියෙ බදාගෙන, බිම පෙරලි පෙරලි ගහගන්න ජාතියෙ තාත්වික සටන්. 😊😊

    දර්ශන තල ගැන කියනවනම්…. ඒව පිස්සු හැදෙන ලොකේෂන්. එක තැනක් තියෙනව රෑට කලපුවෙ දර්ශනයක්. මම තාම හිතන්නෙ ඒක බොරුවක් කියල. ඒක ඇත්තනම්… කවදාක හරි එතනට යන්න ඕන කියන ආසාව හිත පහුරුගානව. Drama/Romance ශානරයට අයත්, IMDB දර්ශකයෙ 8.6/10 ක අගයක් ගන්න සමත් උන මේ කතාව ඔබත් බලන්න. ඒ පැය 2 මිනිත්තු 15 ඔබට ආදරය ගැන සහෝදරකම ගැන ජීවිතේ ගැන හුඟක් පාඩම් කියල දේවි.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kumbalangi.Nights.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1097 times – 24 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram