spot_img

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. මේ උපසිරැසිය අරගෙන ආවේ ඒ දෙවෙනි කොටසට. සුපුරුදු පරිදිම ලොකු ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගන්න මේ චිත්‍රපටිය නිකුත් කරන්න කලින්ම පුළුවන් වුනා. ඒක තවත් වැඩිවුනා, මේක නරඹන්න පටන් ගත්තාම. ලෝකේ පුරාම මේ වෙනකොට ප්‍රදර්ශනය ආරම්භ කරලා මාසයක් විතර වුනත්, ආදායම ඩොලර් මිලියන 350කට ආසන්නයි කියලායි සඳහන් වෙන්නේ. රේටිං අතින් ගත්තාමත්, මේ ලිපිය ලියනකොට, IMDB 6.7, RottenTomatoes 68%, Metacritic 45%, Google Users 96% ලබාගෙන තිබ්බා.

මේ චිත්‍රපටි දෙකම අධ්‍යක්ෂණය කලේ Jeff Fowler විසින්. ඒ නිසා චිත්‍රපටියේ ගුණාත්මක භාවය හොඳින් රඳවගන්න සමත්වෙලා තියෙනවා. කටහඬ දායකත්වය සපයගෙන තියෙන්නේ Ben Schwartz (සොනික්), Colleen O’Shaughnessey (ටේල්ස්), Idris Elba (නකල්ස්). ඒ වගේම රඟපෑමෙන් දායක වෙලා තියෙනවා Jim Carrey (රොබොට්නික්), James Marsden (ටොම්), Natasha Rothwell (රේචල්) ඇතුළු පිරිසක්.

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. පළවෙනි චිත්‍රපටියේදී, සොනික් ඇතුළු පිරිස, රොබොට්නික්ව හතු ග්‍රහලෝකෙට පිටුවහල් කලා. මේක පටන්ගන්නේ එතනින්. එයා නකල්ස්, අන්තිම එචින්ඩා ගෝත්‍රිකයා, යොදාගෙන නැවත පෘථිවියට එන්නේ, සොනික්ගෙන් පලිගන්න. ඒත්, පස්සේ දැනගන්නවා, නකල්ස් එන්නේ වෙන අරමුණක් පස්සේ කියලා. ඒක ගැන වැඩි ආශාවක් රොබොට්නික්ට ඇතිවෙන්නේ නිතැතින්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය නරඹලා, රස විඳින්න! ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram