today-is-a-good-day
More

    Space Sweepers (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2092 වසරෙදි පෘථිවිය කොහොම තියෙයිද? දැනට අවුරුදු 100කට කලින් තිබ්බට වඩා ගොඩක් වෙනස් ලෝකයක් තමා දැන් තියෙන්නෙ. තව වසර ගනනාවකින් මොනවවෙයිද කියලා අපිට හිතන්නවත් බැ. ඉතින් නෙට්ෆ්ලික්ස්ලා විසින් 2021 පෙබරවාරි 5 වෙනිදා නිකුත් කරපු අළුත්ම සුපිරි කොරියන් චිත්රපටයක් අරන් එන ගමන් තමා අර ප්රශ්න ටික ඇහුවෙ. ඔව්, මේකේ තියෙන්නෙ 2092 ලෝකය ගැන. ඒත් පෘථීවිය නම් හොඳටම විනාශ වෙලා ගිහින් UTS කියන සමාගමෙන් අඟහරු ජනාවාස කරනවා. ඒවගේම අභ්යවකාශ අපද්රවය දැනටම තියෙනවනෙ, තව කල් යද්දි කෝම ගොඩ ගැහෙයිද? විශාල මුදලක් වැය කරමින් හදපු මේ ස්පේස් ස්වීපර්ස් චිත්රපටය තමා කොරියාවෙ පලවෙනි SciFi Blockbuster චිත්රපටය වෙන්නෙ.

    මේකත් කොරෝනා නිසා කල් ගිහින් අන්තිමේදි තමා නෙට්ෆ්ලික්ස් හරහා ස්ට්රීමි කරන්න තීරණය වුනේ. ඉතින් අපේ මේ කතාවෙ ප්රධාන කතානායකයො මේ කුණු අයින් කරන අය සෙට් එකක්. ඒකයි මේ චිත්රපටය Space Sweepers වෙන්නෙත්… කාස්ට් එක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැ අනිවා දන්නම සෙට් එකක් තමා ඉන්නෙ… Song Joong-Ki – Tae-Ho Kim Tae-Ri – Captain Jang Jin Sun-Kyu – Tiger Park Yu Hae-Jin – Bubs (හඬ) මීට අමතරව කොරියානු නොවන නලුනිලියො සෙට් එකකුත් මේකෙන් දැකගන්න පුලුවන්. මේ ගොල්ලොන්ගෙ පෞද්ගලික පසුබිම මොනවගේද? ලෝකය වෙනුවෙන් මොනවගේ අත්දැකීම්වලට මෙයාලට මුහුණ දෙන්න වෙයිද කියලා දැනගන්න නම් ඔයාලට මේ Space Sweepers අරගෙනම බලන්න වෙනවා. චිත්රපටය නරඹන්න ආරාධනා කරමින් අදට සමුගන්නම්. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Space Sweepers (2021) සිංහල උපසිරැසි” Space.Sweepers.(2021).Sinhala.Subtitle.rar – Downloaded 11515 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    Leave a Reply to നദിശ തരംഗ Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram