today-is-a-good-day
More

    Spirit Untamed the Movie (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Spirit Untamed (2021) චිත්‍රපටිය NetFlix කට්ටියගේම රූපවාහිණි කතා මාලාවක සිනමා දිගහැරුමක්. මේක Spirit Riding Free කියලාත් හඳුන්වලා තියෙනවා. කොහොම වුනත්, මේ අවුරුද්දේ නිෂ්පාදනය වුණු ඇනිමේෂන් චිත්‍රපටි අතරේ, අශ්වයන් සම්බන්ධ වෙච්ච එකම කතාව මේක. පොඩි දරුවන්ට නම් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්. ඒ වගේම, හරිම ලස්සනට ලියවිලා තියෙනවා… රේටිං ගැන විස්තර බැලුවොත්, මේ ලිපිය ලියන මොහොතේ IMDB 5.4, RottenTommatoes 46%, Metacritic 48%, Google Users 72% වශයෙන් ලබාගෙන තිබුණා…

    චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්‍නේ Elaine Bogan සහ Ennio Torresan දෙදෙනාගේ එකමුතුවෙන්. ඒ සඳහා අවශ්‍ය කරන තිර රචනය කරලා තියෙන්නේ Aury Wallington සහ Kristin Hahn දෙදෙනා එකතු වෙලා. හැබැයි, මේ කතාව සහ තේමාව අරගෙන තියෙන්නේ DreamWorks අයගේ කලින් කරපු චිත්‍රපටියක් ඇසුරෙන්. ඇනිමේෂන් චිත්‍රපටියක් නිසා කටහ‍‍‍ඬ දායකත්වය ගොඩාක් දුරට, චිත්‍රපටියේ සාර්ථකත්වයට බලපානවා. මේකට යොදාගත්ත අය හොඳට තොරලා බේරලා අරගෙන තියෙනවා කියලා කියන්න ඕනේ. නම් වශයෙන් කියනවා නම්, Isabela Merced (ලකී), Marsai Martin (පෘ), Mckenna Grace (ඇබිගේල්), Jake Gyllenhaal (ජිම්), Julianne Moore (කෝරා නැන්දා) ඇතුළු ලොකු පිරිසක්.

    කතාව දිවයන්නේ කැළෑ අශ්වයෙක් වටා. ලකී ප්‍රෙස්කොට්, නිවාඩුව ගත කිරීමට ඇගේ උපන් ගමට එනවා. ඇයගේ අම්මා, දක්ෂ අශ්වයන් පිට ගමන් කරන්නියක් වුනත්, හදිසි අනතුරකින් මිය ගිහින්. ඒ සමඟම, ඇගේ තාත්තා, තීරණය කරනවා ලකීව සීයා යටතේ හැදි වැඩෙන්න දෙන්න. මේ ලකී තාත්තා දකින්නේ අවුරුදු ගානකට පස්සේ. ගමට ආවාට පස්සේ, ඇයට මුණ ගැහෙනවා කැළෑ අශ්වයෙක්. මේ අශ්වයාව සහ ඔහුගේ රංචුව අල්ලාගන්න හොර කණ්ඩායමක් සූදානමින් සිටිනවා. මේ සිදුවීම් අතරේ ලකී සහ ස්පිරිට් අශ්වයාගේ සම්බන්ධය තමයි කතාවේ තියෙන්නේ… ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්. මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Spirit Untamed (2021 )සිංහල උපසිරැසි” Spirit.Untamed.the.Movie.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1620 times – 761 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:

      Pig (2021)
      Die in a Gunfight (2021)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram