today-is-a-good-day
More

    Srirastu Subhamastu (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න සෑහෙන කාලෙකට පස්සේ අපේ යාලුවෝ ටිකට නියම ආදර කථාවක් තියෙන තෙලිගු ෆිල්ම් එකක අරන් ආවා. පෞද්ගලික හේතු කිහිපයක් නිසා මට සබ් කරන්න බැරිව ගියා. ඒකට අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමුකෝ. අවසානයට මං කලේ Sarrainodu චිත්‍ර‍පටිය. ඒකට ගොඩක් හොද ප්‍ර‍තිචාර ලැබුනා වගේම 30000+ ඩවුන්ලොඩ් ලැබිලා තියනවා. ඒ ගැන සතුටුයි බොහොමත්ම….

    මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Parasuram මහතා ඒ වගේම අධ්‍යක්ෂනය කරන්නේ Allu Aravind මහතා විසින්. අපේ කථානායකයා වෙන්නේ Allu Sirish මෙයා අපි ගොඩක් ආදරය කරන Allu Arjunge සහෝදරයා. ඒ වගේම Ram Charange ඥාති සහෝදරයා සහ Chiranjev ගෙ ඥාති පුතෙක් වෙනවා. නිලිය විදිහට ඉන්නේ Lavanya Tripathi. දෙන්නගෙ රග පෑමනම් අඩුපාඩුවක් කියන්න නැති තරමට හොදයි. මෙම චිත්‍රපටිය 2016 අගෝස්තු 5 වන දින ප්‍රථම වරට තිරගතවීම ආරම්භ කරන අතර මෙය බොක්ස් ඔෆිස් වාර්තා ආදායම කෝටි 20 ක් උපයලා තියෙනවා. IMDB අගය ගත්තොත් මෙයට 6.5 අගයක්ද ලැබිලා තියෙනවා.

    කතාව ආරම්භ වෙන්නේ අපේ කථානයකයා එහෙමත් නැත්නම් සිරී ගෙ අයියා තාත්තට හොරෙන් කසාද බැදලා ගෙදරට එන අවස්තාවෙන්. සිරීගෙ තාත්ත ලොකු සල්ලි කාරයෙක්. අයියා බැදලා තියෙන්නේ මධ්‍යම පාන්තික කෙල්ලෙක්ව. තාත්ත හිතන විදිහට දුක්පත් කෙල්ලෝ පෝසත් කොල්ලන්ව කසාද බදින්නේ එක රැයෙන් කෝටි පතියෙක් වෙන්න හිතාගෙන කියලා. ඉතින් මෙහෙම බැදලා එන දෙන්නව ගෙදරට ගත්තත්. තාත්ත ලේලිට පේන්නවත් ඉන්න එපා කියලයි තියෙන්නේ. ටික කාලෙකට පස්සේ සිරී දවසක් එයාගෙ බිස්නස් වැඩකට ගිහින් ඉද්දී කෙල්ලෙක් දකිනවා. එයාගෙ නම අනන්‍යා. මෙයා එයාට ආදරය කරන්න ගන්නවා. හැබැයි ගෑනු ලමයා ඒක දන්නේ නෑ. ඒ වගේම සිරී එයාව යාලු කර ගන්න යන්නෙත් අමුතුව විදිහකට. ඒ ඇයි කියලා ඔයාල බලලම දැන ගන්න. තව කියන්න දෙයක් තියෙනවා. අනන්‍යාත් මධ්‍යාමපාන්තික ගෑණු ලමයෙක්. ඉතින් මේ දෙන්නට යාලු වෙන්න පුළුවන් වෙයිද? යාලු උනත් තාත්ත කැමති වෙයිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා මම නවතිනවා. බලන්නකෝ හොදද කියලා.

    ඔයාලගෙ අදහසක් අනිවාර්යෙන්ම දාල යන්න කියලත් ඉල්ලනවා. මොකද දිගටම හොද තෙලඟු චිත්‍ර‍පටි ඕනි නම් ඔයාලගේ අදහසුත් අපිට වටිනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ්පිටපත් සදහා ගැලපේ

     

    Download “Srirastu Subhamastu (2016) සිංහල උපසිරැසි” Srirastu.Subhamastu.(2016).Sinhala.Subtitle.rar – Downloaded 766 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    රොෂාන් මදුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram