spot_img
spot_img
More

    Super 30 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අපි පොඩිකාලේ ගුරුවරු අපෙන් අහනවා අනාගතේ කවුරු වෙන්නද හිතන් ඉන්නෙ කියලා. ඉතින් අපි ඒකාලේ කියන්නෙම ඩොක්ට කෙනෙක්, ඉංජිනේරුවෙක් වගේ එක්තරා පොදු රස්සා ටිකක් ගැන තමයි. ඉතින් මෙහෙම කියපු අපි අද නතර වෙලා ඉන්න තැන් දිහා බැලුවම අපිටම හිනා යනවා අපිත් මෙහෙම කියපු උන් නේද කියලා. ඇත්තටම සමාජය මේ රැකියා වලට දීලා තියෙන ගෞරවය එහෙම නැත්නම් තැන පුදුමාකාරයි. ඉංජිනේරුවෙක් කිව්වම ඩොක්ට කෙනෙක් කිව්වම අපේ හිතේ මැවෙන රූපය ගැන කල්පනා කරන්න. සර්ව සම්පූර්ණ රූපයක්. නමුත් අපිට එදිනෙදා මුණගැහෙන කුලී වැඩ කරන දරුවෙක්, මුට්ට කරගහන කොලු ගැටයෙක්, තේ දලු කඩන ගෑනු ලමයෙක් කිව්වොත් එයාට වෙන්න ඕන භෞතික විද්යාඥයෙක් ,ඉංජිනේරුවෙක්, ගණිතඥයෙක්, අභ්යාවකාශ විද්යාඥයෙක් කියලා.. සමාජෙයේ බහුතරයක් මොකක්ද හිතන්නෙ. අපෝ මුන්ට මොන හීනද මේවා.. එදාවේල පිරිමහගන්න බැරි උන්ගෙ හීනවල ලොකුකම, විද්යාඥයෙක් වෙන්න කලින් අම්මා තාත්තට කන්න අඳින්න දීපන් ඉස්සෙල්ලම වගේ කතා… ඇත්තටම හැකියාව, ඥාණය වගේ දේවල් අපේ පවුල් පසුබිම, සල්ලි මත තීරණය වෙනවද… නෑ, කොහෙත්ම නෑ.. සමාජයෙ ජීවත්වෙන මිනිස්සුයි එහෙම තීරණය කරන්න හුරුවෙලා තියෙන්නෙ. පොඩ්ඩක් හිතලා බලන්න කොයිතරම් දක්ශ උනත් දුප්පත් පවුලක ඉපදෙන එක කරුමයක් කරගෙන අනාගතයෙ බිහිවෙන්න ඉදපු විද්යාඥයො, ඉංජිනේරුවරු, දාර්ශනිකයො, ගණිතඥයො කීයක් නම් අද එදාවේල හම්බකරගන්න කුලීවැඩ කරමින් ඉන්නවා ඇත්ද… ඉතින් මේ එහෙම අකාලයෙ නාස්ති වෙන්න ගිය පරම්පරාවකට තමන්ගෙ හීන හැබෑ කරගන්න මගපාදපු ගුරුවරයෙක්ගෙ එහෙම නැත්නම් ගුරු දෙවියෙක්ගෙ කතාවක්…. SUPER 30

     

    මේ සිනමා සිත්තම අධ්යක්ෂණය කරන්නෙ Vikas Bahl. රංගනයෙන් දායක වෙන්නෙ Hrithik Roshan, Mrunal Thakur, Parnav Kumar යනාදීන්.. IMDB ratings 8.1 ක් ලබාගෙන එහි top rated indian movies අතරෙ 101 වන තැන මෙය රැඳී තියෙනවා. රංගනය ගැන කතාකලොත් මෙය Hrithik Roshan ගෙ මා දැකපු විශිෂ්ටතම රංගනයන්ගෙන් එකක්. ක්රියාදාම චිත්රපටවල සිටින Hrithik මද මේ කියලා හිතෙන තරම් විශිෂ්ඨ රංගනයක්. චිත්රපටයෙ මුල් භාගයෙ ඔහුගෙ මුවට නැගෙන අවිහිංසක සිනහවේ සිට අවසාන භාගය වනවිට දක්නට ලැබෙන දුක්ඛ දෝමනස්සයන් මතින් නගාගන්නා ජයග්රාහී සිනහව දක්වා පුලුල් පරාසයක රංගනයක් ඔහු සිදුකරනවා වගේම ඔහු මේ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙන බව කියන්න පුලුවන්.

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD / WEB පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Super.30.2019.rar – Downloaded 1025 times – 48 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram