spot_img
spot_img

Super Deluxe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

වෙම්බු කියන්නේ කසාද බැදල හොද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්,හොද පවුල් ජීවිතයක් කිව්වට හොදමත් නෑ,දවසක් වෙම්බු එයාගෙ කලින් හිටිය පෙම්වතාට කෝල් එකක් අරගන්නවා,ඉතින් එතකොට එයා දැනගන්නවා එයාගේ කලින් කොල්ලා ගොඩක් අවුලෙන් ඉන්නෙ කියල,ඉතින් මෙයාගෙ කලින් ආදරේනේ වෙම්බුටත් දුක හිතිලා මෙයාට ගෙදර එන්න කියල කියනවා සැමියත් මේ වෙලාවේ ගෙදර නෑ කියල,ඉතින් කොල්ලත් ගෙදරට එනවා,ඉතින් වෙම්බුගෙ සැමියත් නැති වෙලාවේ ගෙදරට එන්න කියන්නෙ නිකන් නෙවෙයිනේ.. තේරෙනවනේ කියන්න ඕනි නෑනේ,ඉතින් මේ දෙන්නා ඒක කරන අතරේ කොල්ල මැරෙනවා..ඔන්න ඒ වෙලාවෙම වෙම්බුගෙ සැමියත් එනවා,…එතනින් එහාට මොකද උනේ?

යාළුවෝ පස් දෙනෙක්,සූරි,මෝහන්,වසන්ත්,තූයාන්,බලාජි,දවසක් මෙයාල කතා වෙනවා,තුයාන්ගේ ගෙදර අය ගමනක් යනවා ඒ නිසා එයාලගේ ගෙදර කවුරුවත් නෑ සෙට් වෙමුද කියල,සෙට් වෙන්නෙ මොකටවත් නෙවෙයි වැඩිහිටියන්ට පමනයි චිත්‍රපටියක් බලන්න,ඉතින් මෙයාල ඒ චිත්‍රපටියක් කඩෙන් අරගන්නත් හොද සෙල්ලම් දානවා,ඉතින් කොහොම හරි මෙයාල චිත්‍රපටියත් අරගෙන තුයාන්ගේ ගෙදර ගිහින් ඔක්කොම ලෑස්ති කරගෙන චිත්‍රපටිය බලන්න ඉදගත්තා,චිත්‍රපටිය පටන් අරගෙන ටික වෙලාවක් යද්දි ඔන්න ප්‍රධාන නිළිය පෙන්නවා..ඒ වෙලාවේ තමයි සූරිට දෙයියෝ සිහි වෙන්නේ,මොකද ඒ වැඩිහිටියන්ට පමනයි චිත්‍රප්ටියේ ඉන්නෙ එයාගෙ අම්මා..එතනින් එහාට මොකද උනේ?

අවුරුදු 6ක් තිස්සේ ගෙදරට ආවේ නැති තම සැමියා ගෙදර එනව කියල හදිස්සියේම කෝල් එකක දෙනවා,ඉතින් තාත්තව බලාගන්න ආසාවෙන් ඉන්න එයාගේ පුතා උදේ ඉදන්ම ලෑස්ති වෙලා තාත්තා එනකම්  ඇගිලි ගැනගෙන ඉන්නවා,ඒවගේම ගමේ අයත් බලාගෙන ඉන්නේ මොකද මේ ගෙදරින් ගිය කෙනා ආයෙත් එන්නෙ කියල බලන්න,ගමේ ඔක්කොමත් මෙයාගෙ ගෙදරට ඇවිල්ලා,අවුරුදු 6ක් තිස්සේ බලන්න ආසාවෙන් හිටිය තමන්ගේ සැමියා එන ටැක්සිය ගෙදර දොර ගාව නවත්තනවා..ඒත් හැමෝම පුදුම කරගෙන ටැක්සියෙන් බහින්නෙ සැත්කමකින් තමන්ගේ ශරීරර කාන්තාවක් විදියට වෙනස් කරගත්තු ඇයගේ සැමියා …එතනින් එහාට මොකද උනේ?

මොක්කද මේ කියන්නෙ බැලුවද,කතා තුනක් කිව්වනෙ,ඉතින් ඔය කිව්වෙ Super Deluxe චිත්‍රපටියේ සාරංශයක්,එකිනෙකට වෙනස් වෙන සමාජයේ වෙනස් පැතිකඩක් ගැන කතා කරන චිත්‍රපටියක්ත මයි Super Deluxe කියන්නේ, Vijay Sethupathi, Fahadh Faasil, Samantha Akkineni, Ramya Krishnan,සුපිරි රoගනයෙන් හැඩ උන් මෙය Imdb 8.9 වගෙ සුපිරි අගයක් ගන්න සමත් වෙලා තියෙනවා,එහෙනම් වැඩිය ලිපිය දික් ගස්සන්න යන්නෙ නෑ මොකද ඔයාල ලිපිය කියවනවට වඩා චිත්‍රපටිය බලන්න උනන්දුවෙන් ඉන්නවා කියල දන්නවා එහෙනම් ඉතින් මේ ලස්සන චිත්‍රපටිය නරබන්න ආරාධනා කරනවා හැමෝටම,ඉක්මනටම තවත් උපැසිරසියකින් හම්බවෙමු..

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Super.Deluxe.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1168 times – 59 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram