More

    Super Sharanya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Super Sharanya (2022) Sinhala Subtitle

    ටිකක් පරණ චිත්‍රපටියක් තමයි අරන් එන්නේ… නිකමට හරි තාම මේක බලන්න මගහැරුනා නම් මේක අද අරන් බලන්න කියලා කියනවා. ඇත්තටම මේක කරන්න හිතපු චිත්‍රපටියක් නෙමෙයි. මට අපේ දර්ශන අයියා සබ් එක දුන්නේ දැන් සැහෙන කාලේකට කලින්. ඒ කාලේ ලයින් 1000ක් විතර මේකේ කරලා තිබ්බා. මමත් කරන්න ගත්තාම චිත්‍රපටියේ තව ලයින් 1500ක් වගේ කරන්න තිබ්බ නිසා මේක කරන එක පස්සට ගියා. මේ ලගදි පොඩි සිදුවිමක් වෙලා තමයි ආපහු මේක කරන්න ගත්තේ. ඒ සිදුවිම ගැන ඊලඟ චිත්‍රපටියේදි මං විස්තරයක් කරන්නම් කෝ..

    චිත්‍රපටිය ගැන කිව්වොත් ශරන්‍යා කියන්නේ අහිංසක ගැණු ළමයෙක්. මෙයාට කැම්පස් එකේදි තමන්ගේ කාමරේ ඉන්න යාළුවෝ හතර දෙනෙකුත් සෙට් වෙනවා. ඒ හතර දෙනා කරන පිස්සු වැඩත් බලන්න වටිනවා.. කොහොම හරි ශරන්‍යාට කැම්පස් ආව දවසේ ඉදන් එයාට එක එක කෙනාගෙන් කරදර. කැම්පස් එකේ සිව්වැනි වසරේ ඉන්නේ අජිත් මෙනන් කියන පුද්ගලයා ඇය පස්සෙන් එනවා ආදරෙයි කියාගෙන. අජිත්ට කැම්පස් එකේ අනික් ගැණු ළමයි කැමැත්තෙන් හිටියාත් අජිත්ගේ හිත යන්නේ ශරන්‍යාට. එත් ශරන්‍යාට නම් අජිත්ව පෙන්න බැහැ. අජිත් විතරක් නෙමෙයි ශරාන්‍යා පස්සේ එන්නේ මෙයාලට උගන්වන ගුරුවරයෙක් වෙන අරුන් රාජුත් ශරාන්‍යාට බැල්ම දානවා.. ඉතින් මෙහෙම ඉද්දි තමයි ශාරන්‍යාට කෙනෙක්ට හිත යන්නේ. ශාරන්‍යාගේ කාමර සහායිකාවක් තමයි සෝනා කියන්නේ. සෝනා නම් එයාගේ යාළුවෝ එක්කෙනෙක්ටවත් කොල්ලෙක් සෙට් වෙනවාට ආස නැහැ. ඉතින් මේ කට්ටියගේ කතාව බලන්න කැමැති නම් මේක අරන් බලන්න කියලා ආරාධනා කරනවා. පවුලේ සැමටම කාලේකට පස්සේ බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා මේක කියන්න පුලුවන්

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Super Sharanya (2022) සිංහල උපසිරැසි” Super.Sharanya.(2022).Sinhala.Subtitle.zip – Downloaded 1636 times – 3 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නුවන්ග ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram