spot_img

Survive The Night (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයූබෝවන් හැමෝටම කොහොමද ඉතිං…මං අද ගෙනාවා දවස් කිහිපයකට කලින් නිකුත් වෙච්ච හොඳ කතාවක්.. ගොඩක් අය දැනටමත් බලලා ඇති.. ඊට කලින් කියන්න ඕන මීට දින කිහිපයකට කලින් වසර හතකටත් වැඩිය පැරණි ගොඩක් අය දන්න කියන අපේ zoom.lk අපේ මුල් අඩවිය අපිට නැති උනා..හේතුව ඔයාලා දන්නවා ඇති…ඒත් සතියක් යන්න කලියෙන් මෙන්න අපි ආයෙමත් ආවා…ඉරිසියා කාරයොනම් සෑහෙන්න ඉන්නවා…අත් දැකීමෙන් කියන්නේ….මොකද අපේ සබ් දෙන්න 100ක දේසියක උපසිරැසි මඩුල්ලක් නෑ…ඒත් අපිට පුලුවන් විදිහට අපි බලන රස විදින ගොඩක් චිත්‍රපට ඔයාලට සමීප කරනවා..ඒකට ඔයාලා අපිට ස්තුතියි කරලා විතරක් මදි මොකද අපේ දර්ශන ලොක්කා තව සුපුන් (කෙනමා) ප්‍රමා (ගෑනූ පිරිමි මල් පලතුරු) මගේ ප්‍රෙන් රවියා සහ නවීන් තව අපේ පෝස්ටර් බෝයි මට නම මතක නෑ… ගොඩක් අය මේක පිටිපස්සේ ඉන්නවා… ඒ නිසා ඔන්න අපි ආපහු නැගිටලා තියෙනවා…ඔයාලට කරන්න තියෙන්නේ එක දෙයයි මගේ නෙමෙයි කාගේ හරි උපසිරසක් පල උනොත් පුංචි කමෙන්ටුවක් විතරක් තියලා යන්න…මොකද අපිත් ලයික් කමෙට් වලට ආසයි නොවෑ…හරි අලුත් අඩවිය ගැන අදහසකුත් කියන්ම්…පුංචි පුංචි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒත් වැඩිය ගනන් ගන්න ඒපා…කතාව පැත්තට යමු..

අයියා මලෝ සම්බන්දේ ගැන මං මුල ඉදං කියන්න ඕනෙ නෑනේ…ඉතිං අයියා මලෝ දෙන්නෙක් ඉන්නවා… මේ දෙන්නටත් ලොකු ලොකු බලාපොරොත්තු තියෙනවා…. ඒ නිසා මෙයාලා මංකොල්ලයක් කනවා… මෙයාලව මාට්ටු නොව්නත්…මෙයාලා දේශසීමාව පනින්න උත්සහ කරනකොට…මල්ලි ලොකු ප්‍රශ්නයක් දාගන්නවා.. ඒකෙන් අයියගේ කකුලට වෙඩි වදිනවා….අයියට ටිකක් අමාරු වෙන නිසා මල්ලි තීරණය කරනවා දොස්තර කෙනෙක් හොයාගෙන එයාගේ ගෙදරට ගිහිං අයියට බෙහෙත් කරගන්න ඕනේ කියලා…දොස්තර කෙනෙකුත් හොයා ගන්නවා…හැබැයි මෙයාලා දොතරගේ ගෙදරට ගිහිල්ලත් කෙනෙක්ව මරනවා…. ඉතුරුටික බලලා දැනගන්නකෝ නැවත හමුවෙන්නම්…හැමෝටම ජය

 

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram