More

    Taken (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න අද මම අරගෙන ආවේ සුපිරිම සුපිරි මැක්සා Action-Thriller ‍ෆිල්ම් එකක්,‍ෆිල්ම් එකේ නම Taken.මේ චිත්‍ර‍පටි මාලාවේ චිත්‍ර‍පටි තුනක් තියනවා… ඉතින් එවා බලන්න කලින්ප ලවෙනි එක බලලා හිටියම ගොඩක් හොඳයිනේ,ඔන්න ඒක නිසා මම දෙවනි එකට කලින් පලවෙනි ‍ෆිල්ම් එක සිංහල උපසි‍රැසි සහිතව අරගෙන ආවා.IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.8/10 ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් හිමිකර ගත් මේ චිත්‍රපටයේ කතාව රචනා කරන්නෙ The Karate Kid,The Transporter වැනි සුපිරි ක්‍රියාදාම චිත්‍රපටවලට තිර රචනයෙන් එක් වූ Robert Mark හා  Luc Besson Kamen විසිනුයි. එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ Pierre Morel විසින්. මෙහි රංගනයෙන්  Liam Neeson, Maggie Grace, Famke Janssen, Katie Cassidy, Leland Orser යන අය එකතු වෙලා තියෙනවා. විශේෂම දේ තමයි  ලියාම් නීසන්ව ක්‍රියාදාම තරුවක් බවට පත් කළ චිත්‍රපටය වෙන්නෙත් මේ චිත්‍රපටයයිඩොලර් මිලියන 25 ක පිරිවැයකින් නිර්මාණය කල මෙය අවසානයේ ඩොලර් මිලියන 226.8 ක ආදායමක් ලබාගැනීමට සමත් වුණා.තරම ඒකෙන්ම හිතාගත්තැකිනේ.

    කතාව ගැන කියනවනම් බ්‍රයන් මිල්ස් (Liam Neeson) කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිළධාරියෙක්.ඇගේ දියණිය ඇගේ යාළුවෙකු සමග ප්‍රංශයේ විනෝද චාරිකාවක් යාමට ඔහුගෙන් අවසර ඉල්ලා සිටිනවා,ලෝකේ ගැන ඔහු දන්න නිසා ඔහු කියා සිටින්නේ ගැහැණු ළමුන් දෙදෙනෙක් තනියම විනෝද චාරිකාවක් යාම අනතුරුදායක බවයි,කෙසේ නමුත් ඇගේ දියණියගේ සහ ඇගේ බිරියගේ ඉල්ලීමට සවන් දී එම ගමනට ඔහු දියණියට අවසර දෙනවා.දියණිය ප්‍රංශය බලා පිටත්ව ගියත්,ඉන්පසු ඇගේ දියණිය ඔහුට පවසා සිටින්නේ තමා ලොකු කරදරයක වැටී සිටින බවයි.ඔහුට තම ආදරණිය දියණියව සොයා ප්‍රංශයට යාමට සිදුවෙනවා.පියාට තම දියණියව සොයාගැනීමට හැකිවේවිද? තම දියණිය වැටී සිටින කරදරය මොකක්ද? කියල දැනගන්න නම් මේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටය අරගෙනම බලන්න.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති අන්රේටඩ් බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Taken (2008) සිංහල උපසිරැසි” Taken.(2008).Sinhala.Subtitle.rar – Downloaded 1084 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram