spot_img

Taxiwala (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් එන්නේ කට්ටියම පෙරමඟ බලාගෙන හිටපු තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන්.. 2018 නොවැම්බර් මස 17 වැනිදා තිරඟත කිරිම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය Rahul Sankrityan ගේ අධ්‍යක්ෂණයක්… කෝටි 8ක් විතර වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 50ක අදායමක් හොයන්න සමත් වෙලා තියනවා… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ මේ දවස් වල හැමෝම කැමැති චරිතයක් වෙන Vijay Deverakonda විසින්… තෙලෙඟු රසිකයන් නෙමෙයි බොලිවුඩ් නළු නිලියන් පවා ඔහුට දැන් ඇළුම් කරනවා. ලඟදි විකාශනය උන කොෆිවිත් කරන් එකේ ජාන්වී කපුර් ගෙන් කැමැතිම නළුවා කවුද කියලා ඇහුවාම කිව්වේ Vijay Deverakonda කියලා තමයි… අර්ජුන් කපූර් විසින් පවා ඔහු රඟපාපු අර්ජුන් රෙඩ්ඩි චිත්‍ර‍පටිය ගැන පැහැදිමකින් කතා කලා. කොහොම උනත් සමහර විට Vijay Deverakondaට බොලිවුඩ් සිනමාවේ දොර විවර වෙන්නත් පුලුවන් මෙහෙම ගිහින්… කලිනුත් මේ වගේ තෙලෙගු සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වෙන රාම් චරන්ටත් අවස්ථාවක් ලැබුනා බොලිවුඩයට පය තියන්න…නමුත් ඒක එක චිත්‍ර‍පටියකින්ම නිමාවට පත්වුනා.

ටැක්සිවාලා චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක නිකුත් වෙන්න කලින් ඉදන්ම ටිකක් කතාබහට ලක් උනා. මොකද මේක තිරඟත වෙන්න කලින්ම මේකේ ඩිරෙක්ටර්ස් කට් එක අන්තර්ජාලයට එකතු උනා. vfx දර්ශන කිහිපයක් හැරුන කොට නැරබිමට හැකි තත්වයේ කොපියක් තමයි අන්තර්ජාලයට නිකුත් උනේ.. නමුත් මේකේ නිශ්පාදන කණ්ඩායම එකෙන් සැළුනේ නැහැ.. ඔවුන් අපුරු ට්‍රේලර් පටයක් අන්තර්ජාලයට එකතු කරනවා ඒ කොපිය බලන්න එපා කියලා.. ඒක මෙතැනින් බලන්න පුලුවන්…කොහොම හරි ඉතින් මේ කරදර ජරමර අස්සේ තමයි මේක නිකුත් උනේ..

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම ශිවා උපාධිය එහෙම ඉවර කරාට පස්සේ හයිද්‍රාබාද් වල තමුන්ගේ යාළුවෙක්ගේ තැනට නවතින්න යනවා. මේ යාළුවා ගරාජ් එකක් දාගෙන තමයි ඉන්නේ.. ශිවාට ඕනි රැකියාවක් කරන්න නමුත් රැකියාවක් නැති නිසා යාළුවාගේ කිමට ඔහු කැම ඩිලිවරි සර්විස් එකකට මුලින් බැදෙනවා.. නමුත් ඒක ඔහුට එපා වෙන්නේ රෑ දවල් දෙකේම පාරවල් වල කරක් ගහලා එපා වෙන නිසා.. ඊට පස්සේ ඔහුට එන අනික් අදහස තමයි කාර් එකක් අරන් ඉන්දියාවේ තියන ඌබර් පික්මි වගේ සේවාවකට බැදිලා හයර් දුවන්න යන එක. කොහොම හරි ශිවා ඒකට වාහනයක් ගන්න හොයද්දි බොහෝම අඩු මිලකට ඔහුට වාහනයක් මිලදි ගන්න ලැබෙනවා.. මේ වාහනේ අඩු මිලට විකුණන එක ගැන මුලින් යාළුවාට සැකයක් හිතුනාත් ශිවාට නම් අඩු ගානට ගන්න පුලුවන් වාහනයක් නිසා එක පාරින්ම මේකට කැමැති වෙනවා…වාහනේ අරගෙන ශිවා දැන් කැබ් සර්විස් එකේ වැඩ කරනවා…හොද අදායමක් ලැබිලා ශිවා සතුටින් මේක කරගෙන යද්දිම එක දවසක් මේ වාහනේ යද්දි ඔහුට අත්විදින්න වෙන්නේ කවදාවත් නොහිතපු විදියේ අත්දැකිමකට… එතැනින් එහාට වෙන දේවල් ඔබට නරඔන්න බාරයි… එහෙනම් සමු ගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram