spot_img
spot_img

The Breed (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේක 2006 වසරේදි තිරඟත වුන චිත්‍ර‍පටියක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Nicholas Mastandrea විසින්… චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම්… යාළුවෝ පස්දෙනෙක් දුපතක තියන තමන්ගේ අංකල් කෙනෙක් ගේ නිවසක සති අන්තේ නිවාඩුව ගත කරන්න කියලා යනවා. මේ දුපතේ වෙන කවුරුත්ම ජිවත් වෙන්නේ නැහැ.. මේ අය ඉතින් නිවි සැනසිල්ලේ නිවාඩුව ගත කරන්න කියලා තමයි මේ තැනට යන්නේ. මේ අය ගිහින් ඉන්න පලවෙනි දවසේම දහවල් වරුවේ මේ අයගේ නිවසට අමුත්තෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි පුංචි බලුපැටියෙක්. ඉතින් මේ අය මේ බලු පැටියාට කන්න දිලා ආදරයෙන් බලාගන්නවා. ඔහොම කෙමෙන් රාත්‍රිය උදා වෙනවා… මේ බලුපැටියා එක පාරටම නිවසින් පැනලා යනවා… මේ බලුපැටියාව හොයන්න ගිය දෙන්නෙක්ට මුහුණ දෙන්න වෙන්නේ ජිවිතේ කවදාවත් නොහිතන අකරතැබ්බයකට ලක්වෙන්න. ඔවුන් දකිනවා බල්ලන් කිහිප දෙනෙක්ම තමන්ට පහර දෙන්න සැරසෙන බව… ඒ විතරක් නෙමෙයි මේ බල්ලන්ට හොදට කල්පනා කරලා පහර දෙන්න හැකියාව පවා තියනවා. සමාන්‍යයෙන් සතෙක්ට කල්පනා කරලා ලොකු ලොකු දේවල් කරන්න බැහැනේ. නමුත් මේ දුපතේ ඉන්න සුනඛයන්ට හොදින් ඒක පුලුවන්… අනික පාළු දුපතක සුනඛයින් මේචචර ගණනක් ඉන්නේ කොහොමද? උන් මේ තරම් දරුනු වෙලා ඉන්නේ කොහොමද? සේරම දැනගන්න නම් මේ චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා…

මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ නම් සැබැකතාවක්. දුපතකට ගිය පිරිසකට බල්ලන්ගෙන් සිදුවන ප්‍ර‍හාරයක්.. නමුත් මේ තරම් දරුණුවට නම් ඔවුන්ට සිදුවෙලා නැහැ. චිත්‍ර‍පටියේ ත්‍රීලර් ගතිය වැඩි කරන්න කතාවට අලුතින් දේවල් එකතු කරලා තියනවා. මේක ඉතින් බල්ලන්ට ආදරය කරන අයට නම් ලොකුවට හරි යන්නේ නැති වේවි. එත් ත්‍රීලර් හොරර් රහට කැමැති අයට නම් මේක හොද චිත්‍ර‍පටියක් වේවි. y t s සයිට් එකේ කොපියට උපසිරැසි හොදින්ම සහාය දක්වනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Breed (2006) සිංහල උපසිරැසි” The.Breed.(2006).S.inhala.Subtitle.rar – Downloaded 1721 times – 606 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. කලින් බලන්න කියල ඉඳල මග ඇරුණු එකක්. අනිව බලනව දැන්

  3. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  4. thanks for subtitles

    request-

    The Last House on the Left (2009)
    arlington road (1999)
    The Devil’s Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)
    volver (2006)

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram