More

    The Covenant (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Covenant (2023) Sinhala Subtitle

    ඔන්න මේ ගමන ඔයාලව හම්බවෙන්න ආවේ War/Action ගණයට අයත් චිත්‍රපටියක් අරගෙනමයි. මේක අධ්‍යක්ෂකවරයාගේ නම කියපු ගමන් සුපිරියක් වෙන්නැති කියලා හිතෙන ජාතියේ ෆිලුමක් ඒ Guy Ritchie ගේ The Covenant කියන ෆිලුම පැය 2යි මිනිත්තු 3ක් ඇස් එකම තැනක රඳවා ගන්න සමත් ෆිලුමක් කිව්වොත් මං නිවැරදියි.
    ඒ වගේම සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටියක්. මේ ෆිලුම IMDb 7.5/10 අගයකුත් අරගෙන තියෙන Jake Gyllenhaal, Dar Salim, Antony Starr, Emily Beecham, Alexander Ludwig… වැනි අපි දන්නා කියන නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. අපි කතාව මොනවගේද බලමු…

     

    කතාව ආරම්භ වෙන්නෙ ඇෆගනිස්ථානයේ තලේබාන්වරුන්ට එරෙහිව යුධ මෙහෙයුමක් අතරතුර මුරපොලකදී කරන පරීක්ෂාවකින් එතනදි එයාලගෙ භාෂා පරිවර්තකයාව බෝම්බයකට අහුවෙලා මැරිලා යනවා.. ඒ වෙනුවට ඒ කණ්ඩායමේ සාජන්තුමා අහමඩ් කියලා ඇෆගනිස්ථානෙම එක්කෙන්ව හමුදාවට බදවාගන්නවා.. මේ පරිවර්තකයාගෙ උදව්වෙන් මේ කට්ටිය තලේබාන්වරුන්ගෙ බෝම්බ හදන තැනක් හොයාගෙන යනවා…. කතාව දික්වෙන නිසා කෙටියෙන්කි යන්නම්…. ඔහොම ගිහිල්ලා එක තැනකදී තලේබාන්කාරයොන්ගෙ ප්‍රහාරයකට ලක් වෙනවා. ඔය ටීම් එකෙන් මං කිව්ව පරිවර්තකයයි සාජන්වරයායි විතරයි මුළු ටීම් එකෙන්ම අන්තිමට ඉතුරු වෙන්නෙ… ඊට පස්සෙ මෙතනින් මෙයාලා කැලේ පැනලා පණ බේරගන්නවා ඒත් මෙයාලා පස්සෙ තලේබාන්කාරයො පන්නනවා… එතනින් සාජන්වරයාට‍ තලේබාන්කාරයො වෙඩිතියලා ඇඳගෙන ගිහින් පහරදෙනවා… එතනින් සාජන්ව බේරගන්නෙ අර පරිවර්තකයා අහමඩ්… එයා එයාගෙ යාළුවා වෙනුවෙන් දිවා රෑ වෙහෙසිලා තුවාල හොඳකරන්න මහන්සි වෙනවා, කැපවෙනවා… ඔහොම කාලය එක්ක ගෙවෙද්දී එක පාරට සාජන්තුමාව හොයන්න එයලගෙ හමුදාවෙන් ඇවිත් අහම්බෙන් අතරමඟදි අහමඩ් එක්ක ඉන්නකොට හම්බවෙලා අහමඩ්ව අපරාධකාරයෙක් විදිහට යටත් කරගෙන මේ සාජන් ජෝන් කිංලිව ඇමරිකාවට අරන් යනවා. අහමඩ්ට ඇමරිකානු හමුදාවේ ලොක්කෙක්ගෙ ජීවිතයක් බේරගත්ත නිසා තලේබාන්කාරයො එයාට මොනවා කරයිද?, අහමඩ්ට ඇමරිකාවට යන්න පුළුවන් වෙයිද?, ජෝන්ට අහමඩ්ව මතක් වෙයිද? මේ සේරටම උත්තර ඔයාලට මේක මුල ඉඳන් බැලුවොත් ලැබෙයි… වැඩත් එක්ක මේකට සබ් දෙන්න පරක්කු වුනාට සමාවෙන්න…! හැබැයි දැනටමත් මේක කට්ටිය බලලා ඇති කමක් නෑ නොබලපු අය මේක බලන්න හොඳ කතාවක්. මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “The Covenant (2023) සිංහල උපසිරැසි” The.Covenant.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3039 times – 845 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි පසිඳු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram