today-is-a-good-day
More

    The Dry (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Dry (2020) ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ලස්සන චිත්‍රපටියක්. 2021 ජනවාරි 01 වෙනිදා නිකුත් කෙරුණු නිසා, මේක මොන අවුරුද්දටද අදාල කියලා ප්‍රශ්නයක් තියෙනවා. වැඩිපුර තැන් වල තියෙන්නේ 2020 අවුරුද්දේ එකක් කියලා. ලස්සන, කඩවසම් නළු නිළියන් සහ වයසට ගැලපෙන චරිතවලට ගැලපෙන නළු නිළියන් යොදාගෙන කරලා තියෙන චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න කැමතියි. මේ වෙනකොට ලොකේ පුරාම ඩොලර් මිලියන 17කට වඩා උපයගෙන තියෙන මේ චිත්‍රපටිය හොඳ ජනප්‍රියතාවයකුත් පවත්වාගෙන යනවා. මේ ලිපිය ලියනකොට ratings තිබ්බේ IMDB 7.0, RottenTomatoes 90%, Metacritic 69%, Google Users 89% විදියට.

    මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජනප්‍රිය දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන Robert Connolly විසින්. ඔහු ජනප්‍රිය රූපවාහිණි කතා මාලා සහ චිත්‍රපටි කිහිපයකම නිෂ්පාදන කටයුතුත් කරලා තියෙනවා. රඟපෑමෙන් එක්වෙනවා, ප්‍රධාන චරිතය විදියට Eric Bana (ආරෝන්) සහ ඔහුගේ සහායට Genevieve O’Reilly (ග්‍රේචන්), Keir O’Donnell (ග්‍රෙග්), John Polson (ස්කොට්), Matt Nable (ග්‍රාන්ට්) ඇතුළු කණ්ඩායමක්.

    මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න ඉල්ලුවේ Kantha_DLA. හොඳ චිත්‍රපටි වලට අපිව යොමුකරනවාට ගොඩාක් ස්තූතියි.

    කතාව ගැන කෙටියෙන් කිව්වොත්, ආරෝන් ෆෝක් කියන්නේ හොඳ දක්ෂ පොලිස් නිළධාරියෙක්. ඛේදජනක මළගෙදරක් හේතුවෙන් ආපහු තමන් උපන් ගමට එන්නේ, දැඩි නියඟයකින් නගරයම පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක. එ් පැමිණිමේදී ඔහුට සිද්ධ වෙනවා, මළගෙදර මියගිය තිදෙනාගේ මරණයට හේතුව සෙවීමට. ඒ අතරේම අවුරුදු 20කට කලින් මරණයට පත් වෙච්ච තරුණ කෙල්ල‍කගේ මරණයට හේතුවත් හොයන්න සිද්ධ වෙනවා. මේ කාර්යයන් සාර්ථක කරගන්න ආරෝන්ට කරන්න පුළුවන් මොනවාද? තරුණ කෙල්ලගේ මරණය ආරෝන්ට බලපාන්නේ කොහොමද? මේවා දැනගන්න, මේ උපසිරැසිය සමඟ චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Dry (2021) සිංහල උපසිරැසි” The.Dry.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2845 times – 833 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    3. thanks for subtitles

      requests:-

      The Last House on the Left (2009)
      arlington road (1999)
      The Devil’s Advocate (1997)
      In the name of the father (1993)
      Primal Fear (1996)
      Frailty (2001)
      The Wind That Shakes the Barley (2006)
      volver (2006)
      K Pax (2001)
      The Lincoln Lawyer (2011)

    Leave a Reply to Chandima Prasad Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram